මණ්ඩලේ කචල්, පාඨලී සජිත් හැර යයි
සමගි ජන සන්ධානය විසින් ඒකපාර්ශවිකව එකඟතා බිඳ දැමීම හේතුවෙන් තම පක්ෂය සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.
ඔක්තෝබර් 10 දිනැතිව ලිපියක් යොමු කරමින් පාඨලී චම්පික රණවක පවසන්නේ 2024 මහමැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේ දී සමගි ජනබලවේගය විසින් අදාළ එකඟතා බිඳ දැමීම හේතුවෙන් සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බවයි.
