විමල් මහමැතිවරණය අත්හරී, අනුරගේ ආණ්ඩුවට ඉඩ දෙයි
ජාතික නිදහස් පෙරමුණ 2024 මහමැතිවරණය සඳහා තනිව හෝ සන්ධානගතව ඉදිරිපත් නොවීමට තීරණය කළ එම පක්ෂයේ නායක විමල් වීරවංශ පවසනවා.
ඔක්තෝම්බර් 10 දිනැතිව දීර්ඝ ලිපියක් මගින් කරුණු පැහිදිළි කරමින් විමල් වීරවංශ පවසන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා “ගෝඨාභය දෙවන කොටස” බවට පත් කිරීමේ උත්සාහයක් පවතින බවත්, තමන්ට එම උත්සාහය නියෝජනය කිරීමට අවශ්‍යතාවයක් නැති බවත් ය. ඒ අනුව, මෙවරට මහමැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට සිය පක්ෂය ඒකමතිකව තීරණය කර ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.


