පොලිස් අවිය පුද්ගලයෙකුගේ ජීවිතය බිලිගනී, අවිය උදුරා ගැනීමට ගියාලු
සීදුව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයක දී පරීක්ෂාවකට නැවැත් වූ රථයක සිටි පුද්ගලයෙකුට පොලිස් ගිනිඅවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ එම මෝටර් රථය පරීක්ෂා කිරීමට යාමේ දී මෝටර් රථයේ වම් පස අසුනේ පැමිණි පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර ඇති බවත් එහි දී එම පුද්ගලයාගේ උදරයට සහ පොලිස් නිලධාරියාගේ පාදයට වෙඩි වැදී ඇති බවත් ය.
මෝටර් රථයේ සිට වෙඩි වැදුනු පුද්ගලයා 38 හැවිරිදි පූගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු මීගමුව රෝහලට ඇතුළත් කරන විට මිය ගොස් ඇති බවත් පොලීසිය පවසනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බව කියන පොලිස් සැරයන්වරයා ද එම රෝහලටම ඇතුළත් වී තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය විසින්ම සිදුකරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.