කාලයක් තිස්සේ අභිරහස් පරීක්ෂණ සොයා සැරිසරන, ලෝ ප‍්‍රකට පොලිස් ප‍්‍රධානි ආර්මන්ඞ් ගමාචේ 14 වැනි වරටත් අලූත් විමර්ශනයකින් නවකතා ලෝකයට එක්වීමට නියමිතය. එ් ලූයිස් පෙනීගේ නවතම කෘතිය වන Kingdom of the Blind හරහායි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි තලාහසී නගරයේදී ලබන 27 වැනිදා ඇයගේ නවතම අභිරහස් පරීක්ෂක නවකතාව එළිදැක්වීමට නියමිතය. ආර්මන්ඞ් ගමාචේ චරිතය ඇතුළත් පෙනීගේ 14 වැනි නවකතාව මෙයයි.

අභිරහස් නවකතා රචනයේ අලෙවි වාර්තා තැබූ ලූයිස් පෙනී 60 හැවිරිදි කැනේඩියානු ලේඛිකාවකි. ව්‍යවහාරික කලා (ගුවන්විදුලි හා රූපවාහිනී* පිළිබඳ උපාධිධාරිනියක වූ ඇය තම මුල් රැුකියාව ලෙස කැනේඩියානු ගුවන්විදුලියේ නිවේදිකාවක ලෙස කටයුතු කළාය. වයස 35 වනතෙක් බොහෝවිට හුදෙකලාව ජීවිතය ගත කළ ඇය මතට දැඩිව ඇබ්බැහි වූවාය. එ් කාලයේදී මොන්ටි‍්‍රයල් ළමා රෝහලේ රුධිර විද්‍යා අංශ ප‍්‍රධානී වෛද්‍ය මයිකල් වයිට්හෙඞ් සමඟ ආදරයෙන් බැඳුණු ඇය ඔහු සමඟින් විවාහ වූ අතර ඇයගේ ලේඛනය ඇරඹුණු බව පැවසෙන්නේ ඉන් පසුවය.

”මට ලියන්නට  ඕනෑකම ඇතිවුණේ අවුරුදු 8 ඉඳන්. එ්ක විතරයි ඇත්තටම මට  ඕනෑකමකට තිබුණේ. හේතු දෙකක් නිසා මම එ්ක කළේ නෑ. ප‍්‍රධානතම කරුණ වුණේ එ්ක කළ නොහැකි වේවි යැයි තිබූ බය. කරන්න  ඕන එකම දේ කරන්න තියෙන බය නිසා එ්ක කරන්න  බැරි වුණා” පෙනී පවසන්නීය.

විවාහයෙන් පසුව ඇයගේ සැමියාගේ අනුබලය මත ඇය පූර්ණකාලීනව කැනේඩියානු ගුවන්විදුලියේ කළ රැුකියාවෙන් ඉවත් වූවාය. දවසේ වැඩි වේලාවක් පෑන සමඟින් හරඹ කිරීමේ අරමුණින් ඇය දිනපතාම සිය මේසය මත  හිඳගත්තාය.

ඇයගේ පළමු උත්සහය වූයේ ඓතිහාසික කතාන්දරයක් ලිවීමටයි. එහෙත් එය හරිහැටි අවසන් කරගැනීමට නොහැකි වූ ඇය එය ලිවීම නවතා දැමුවාය. ඉන්පසුව ඇය වෙනස් උත්සහයක යෙදෙමින් අභිරහස් පරීක්ෂක කතාවක් ගොතන්නට වූවාය.Still Life එසේ සතුටින් ලියා අවසන් කළ ඇයගේ පළමු නවකතාවයි. එක්සත් රාජධානියේ පැවැත්වෙන ආධුනික ලේඛකයන් ධෛර්යමත් කිරීම උදෙසා පළ නොවූ නවකතා පළකිරීම වෙනුවෙන් පැවැති Debut Dagger තරගයට නවකතා 800ක්් පමණ ඉදිරිපත් වූ නමුත් ඉන් දෙවන ස්ථානයේ ජයග‍්‍රහණය අත්කරගැනීමට පෙනීගේ නවකතාවට හැකිවූවාය. ඇයගේ පළමු උත්සහය එසේ නොසිතූ ලෙස සාර්ථක වෙද්දී එංගලන්තය තුළ ඇයට තවත් සම්මාන ගණනාවක් එම නවකතාවට හිමිවිය. බොහෝ සම්මාන ‘හොඳම කුළුඳුල් නවකතා’ ගණයට අයත් වූයේ ය. මේ බොහොමයක් කතා තුළ ප‍්‍රකට වූයේ පොලිස් ප‍්‍රධානි ආර්මන්ඞ් ගමාචේගේ චරිතයයි.

”ඇත්තටම එ් චරිතය මවන්න මාව පෙලඹුණේ මගේ සැමියා නිසයි. මා ඔහු අත්අකුරින් පිටපත් කළා කිව්වොත් නිවැරැුදියි. එක් උදෑසනක අපි ආහාර ගනිමින් සිටියදී මා ඔහු දෙස බැලූවා. මටම හිතාගන්නට බෑ. මා පොලිස් ප‍්‍රධානියා ලෙස මවා ඇත්තේ ඔහුගේ චරිතයයි” පෙනී එලෙස පවසා තිබුණ ද ඇයගේ නවකතා තුළ ප‍්‍රසිද්ධියට පත්වූ ප‍්‍රධාන චරිතය වන ගමාචේ නිර්මාණය කරන්නට පෙනී පෙලඹූ ඇයගේ සැමියා මානසික රෝගී තත්ත්වයකින් 2016 දී මියගොස් තිබිණි. පෙනී සිය නවතම කෘතිය එළිදැක්වෙන්නේ ඇයගේ සැමියා මරණයෙන් අනතුරුව ලියූ පළමු නවකතාව ලෙසයි. එම නවකතාවේද ඇයගේ සැමියාගේ ගති ලක්ෂණ පෙන්වන ගමාචේගේ චරිතයට ඇය යළිත් පණදුන්නේ සැමියාගේ ආදරය සිය හදවතෙහි රඳවාගෙන බව පෙනී පවසන්නීය.

”දෙයක් බිඳී ගිය පසුව එය පෙරට වඩාත් ශක්තිමත් වන්නේය.” එ් ඇගේ වදනකි.සිය නවතම කෘතිය සමඟින් පෙනී ලියා ඇති අභිරහස් පරීක්ෂක කතා එකතුව 15ක් පමණ වේ. ඉන් කෘති 10කට වැඩි ගණනක් ලොව හොඳම නවකතා සම්මානවලින් පිදුම් ලබා තිබේ. ඇයගේ එක් නවකතාවකට 5 වරක් බැගින් සම්මාන හිමිවූ අවස්ථා ද කිහිපයක් වේ. A Fatal Grace, The Cruelest Month, The Murder Stone, The Brutal Telling , Bury Your Dead, A Trick of the Light, The Hangman, The Beautiful Mystery, How the Light Gets In, The Long Way Home , The Nature of the Beast , A Great Reckoning, Glass Houses ඇයගේ සෙසු නවකතා ය. 2005 සිට ආරම්භ වූ ඇයගේ ලේඛන දිවියේ සෑම වසරක් පාසාම පාඨකයන් අභිරහස් ත‍්‍රාසජනක අත්දැකීම් සමුදායකට ගෙනයාමට ඇය නවකතාවක් එළිදක්වන්නීය. සිය මුල්ම නවකතාවේ සිට සම්මාන පිට සම්මාන ලබමින් ලොව වැඩිම අලෙවි වාර්තා තැබූ රහස් පරීක්ෂක ලේඛිකාවක ලෙස ලූයිස් පෙනී ලොවම ආක‍්‍රමණය කොට හමාර ය. ඇය තවදුරටත් පොලිස් ප‍්‍රධානි ආර්මන්ඞ් ගමාචේගේ චරිතයට පණපොවමින් රහස් පරීක්ෂක නවකතාකරණයේ නිරත වන්නීය. එ් බව ඇය පවසා ඇත්තේ මෙසේය.

”මගේ සැමියා වයිට්හෙඞ්, ගමාචේගේ ප‍්‍රතිමූර්තිය. ඔහු මියගියත් ඔහු ජීවත් වූ අයුරු මගේ මනසේ නිරන්තරයෙන් සැරිසරනවා. ඔහු සාමදානයේ සැතපේවි. එහෙත් ඔහු මගේ මනසේත්, මගේ ලේඛනයේත්, ගමාචේගේ චරිතය තුළත් සදා අමරණීයයි.”

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි