කවුරුත් කතා කරනවසන්ත ජෝක්ස්

ජනාධිපති මෛත්‍රීපල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී කැබිනට් රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය.

සුපුරුදු පරිදි අඟහරුවාදා දිනයේදී කැබිනට් රැස්වීම පැවති අතර පසුගිය සතියේදී කැබිනට් රැස්වීමට පැමිණ සිටි වසන්ත සේනානායක එහි පැමිණ සිටියේ නැත. එදින ජනාධිපති ‍ලේකම් කාර්යාලයට නොගිය වසන්ත සේනානායක එදින සවස අරලියගහ මන්දිරයට ගොස් තිබුණේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගීවීමටය. අරලියගහ මන්දිරයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන කාමරයට ගිය වසන්ත පිටුපස පේළියේ අසුනක අසුන් ගත්තේය. ඒ දුටු හර්ෂ ද සිල්වා තමන්ගේ ජංගම දුරකතනයෙන් ඡායාරූප කිහිපයක් ගැනීමට උත්සාහ කළේය.

එහෙත් ඒ වන විට තවත් පේළි දෙකක මන්ත්‍රීවරු සිටි නිසා එක්වර ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. දෙතුන් වරක් උත්සාහ ගත් හර්ෂ වසන්තගේ ඡායාරූපයක් ගෙන තමන්ගේ ට්විටර් ගිණුමට ඇතුළත් කළේ වසන්ත සේනානායක පැමිණ සිටි බව දැනුම් දෙමිනි. එහෙත් ඔහු කියා තිබුණේ වසන්තගේ පැමිණීම ගැන තමන් කිසිදු අදහසක් නොදක්වන බවය.

එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමට යන විට වසන්ත ලිපි දෙකක් රැගෙන ගියේය. එක් ලිපියක් යොමු කර තිබුණේ ජනාධිපතිවරයාටය. අනෙක් ලිපිය ලියා තිබුණේ කතානායකවරයාටය. ජනාධිපතිවරයාට දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු කියා තිබුණේ තමන් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවය. කතානායකවරයා වෙත යොමු කළ ලිපියේ දක්වා තිබුණේ තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවය. එහෙත් එම ලිපි දෙකටම දින යොදා තිබුණේ නැත. නොවැම්බර් මාසයේ පමණක් දක්වා තිබූ එම ලිපිය කල් ඇතිව සකස් කරගෙන තිබූ ලිපියක් බව පෙනෙන්නට තිබුණි. වසන්තට තිබුණේ එම ලිපියට අත්සන් යෙදීම පමණි.

ඉල්ලා අස්වීමේ ලිපියක් ලියාගෙන අරලියගහ මන්දිරයට ගොස් සිටි වසන්ත ගැන කැබිනට් මණ්ඩලයේදී කතාබහක් ඇදී ආවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිම නිසාය. මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගන්නා විට වසන්ත එහි නොසිටීම ගැන සියලු දෙනාම අවධානය යොමු කළේය.

කෝ මේ වසන්ත සේනානායක ඇමැතිතුමා නැද්ද? සංචාරක ඇමැතිතුමා නැතිව කොහොමද මේවා කරන්නේමෛත්‍රී ඇසුවේ සිනාසෙමිනි.

එතුමා අරලියගහ මන්දිරයට ගිහින්. සමහරවිට හෙට අයිමත් කැබිනට් එකට එන්න පුළුවන් ඇමැතිවරු කීහ.

අරුන්දිකගෙ පාටියෙදිඑළියට ආපු ආර්ථික ඔස්තාර්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්නපුව බලමණ්ඩල රැුස්වීම පසුගිය සතියේ පැවැත්වුණේ අරුන්දිකගේ දංකොටුව නිවසේදීය.

ප‍්‍රසන්න, ඉන්දික, සනත්, පියංකර සමඟ මෑතක දී ආණ්ඩුවට එකතු වූ අශෝක ප‍්‍රියන්ත ද එම රැුස්වීමට සහභාගී වී සිටියේ අරුන්දිකගේ ඉල්ලීම මතය. වෙන්නප්පුව ආසනයේ ජනතාවගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව පැවැති රැුස්වීමෙන් අනතුරුව මන්ත‍්‍රීවරුන් පිරිස අරුන්දිකගේ නිවසේ පැවැති තේ පැන් සංග‍්‍රහයකට එක්ව සිටියේ දේශපාලන මෙන්ම සුහද කතාබහ ද මැදිනි.

අරුන්දිකගේ තේ පැන් සංග‍්‍රහය භුක්ති විඳින අතරතුර සනත් කීවේ ”ආප්ප එහෙම නොතිබ්බ එකත් හොඳයි” කියාය.
”දැන් ඉතින් ආප්පවලට තිබුණු තැන ගියා” ප‍්‍රසන්න පැවසීය.

”කන්න අශෝක මන්ත‍්‍රිතුමා, කන්න. අපේ පැත්තට ආවම එජාපය වගේ නෙමේ හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න  ඕනේ” ඉන්දික විහිළු කළේය.

”ඒක නම් ඇත්ත. පහුගිය අවුරුදු තුනේ අපේ ආණ්ඩුවක් තිබුණත් මිනිස්සුන්ට තුන්වේල කාල ඉන්න විදිහයක් නැති වුණා” අශෝක කීවේය.

”මහින්ද මහත්තයා රට භාරගත්තු හැමදාම මිනිස්සු කාලාබීලා සන්තෝසෙන් හිටියා” ප‍්‍රසන්න පැවසීය.
”ඒක නෙමේ මොකද්ද අර මංගල සමරවීර කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටිලා කියලා” ඉන්දික ඇසුවේය.
”මේ රටේ ආර්ථිකය කඩා වැටිච්ච හැටි මංගලලට නොපෙනුණාට රටේ මිනිස්සු හොඳට දන්නවා. 2015 දී මහින්ද මහත්තයා පරාද වෙනකොට ආර්ථිකය තිබුණු තැනයි 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මහින්ද මහත්තයා නැවත රට භාර ගන්නා විට තිබුණු තැනයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ” ප‍්‍රසන්න පැවසීය.
”ඒ වුණාට හැමෝම කිව්වේ රනිල් ආර්ථික ඔස්තාර් කියලනේ” පියංකර කීවේය.

”අපි දැක්කා ඔස්තාර්ගේ හැටි. අගමැති වෙලා මාස දෙකෙන් මහ බැංකුව සුද්ධ කරපු ඔස්තාර්ලා කෝ” අරුන්දික පැවසීය.

”දැන් එක්සත් ජාතික පක්ෂය කරපු හොරකම් එළිවෙමින් තියෙන නිසා මහ මැතිවරණයකට බයේ හැංගෙන්න හදනවා. ජනතාව හමුවට ගියොත් පරදින බව දන්න නිසයි මැතිවරණයට අකමැති වෙලා තියෙන්නේ” සනත් පැවසීය.

”අද රටේ අර්බුදයක් මතු වෙලා තියෙන්නේ කතානායකවරයා එක්සත් ජාතික පක්ෂයේ සමිතියක් පාර්ලිමේන්තුව තුළ කරන්න දරන නිර්ලජ්ජිත උත්සාහය නිසයි. කතානායකවරයාට ජනාධිපතිවරයාට උඩින් යන්න පුළුවන්කමක් නැහැ. මේවා ව්‍යවස්ථා විරෝධී වැඩ” ප‍්‍රසන්න පැහැදිලි කළේය.

කරු-මෛත්‍රි හමුවෙදි කතා කළේ මොනවාද?

කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වීමෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමැතිවරු එක්ව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූහ. ඒ ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ගන්නා ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කිරීමටය.

අපි පාර්ලිමේන්තු රැස්වීමට යමු. රැස්වීමට ගිහින් අයිමත් එමු. අපි පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගී වෙන්න ඕන නෑ. අපි වර්ජනය කරමු දිනේෂ් ගුණවර්ධන යෝජනා කළේය.

අපි පාර්ලිමේන්තුවට යනවා කියන්නෙ පාර්ලිමේන්තුව පිළිගත්තා කියන එකනේ. මන්ත්‍රි පිවිසුමෙන් ඇතුළට එනකොට අපේ නම් ලකුණු වෙනවා. එතකොට සභා ගර්භයට ගියත් නැතත් අපි පාර්ලිමේන්තුවට ආවා කියන එක තමයි ලියවෙන්නේ. මේ නිසා අපි පාර්ලිමේන්තුවට යන්නේම නැතිව ඉමු. අපි පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරමු දිනේෂ්ගේ අදහසට වඩා වෙනස් අදහසක් දැක්වූ මන්ත්‍රීවරු පිරිස් ඒ අතර වූහ.

එහිදී මන්ත්‍රීවරු එකිනෙකට වෙනස් අදහස් දක්වන්නට වූ අතර ඔවුන් අතර ඇතිවූ කතාබහ උස් හඩින් කතා කරන තැනකට ඇදී ආවේය.

මට මෙතැන තීරණයක් ගන්න වෙන්නේ හඬ අනුවයි. හඬ අනුව මට තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවට නොගිහින් ඉන්න ඕන කියන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුනා කියන එකයි මහින්ද කීවේ කතානායකවරයා සිහිපත් කරමිනි. සියලු දෙනා ඊට කොක්හඬ ලෑහ.

මේ අතර පසුදා උදෑසන කතානායකවරයා හමුවීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු කණ්ඩාමක් ගියේ කතානායක නිල කාමරයටය. මැති ඇමැති කණ්ඩායමට නායකත්වය දුන්නේ එස්.බි. දිසානායක ඇමැතිවරයාය.

සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයක් ඇතිවුණාම පාර්ලිමේන්තුවේ කටයුතු කරන හැටි ගැන නීතිපතිවරයාගෙන් අදහස් ලබාගන්නවා. දැන් අගමැති කාර්යාලයේ අරමුදල් කපා හැරීමේ යෝජනාව විවාදයට ගන්න එක ගැන නීතිපතිතුමාගේ අදහස් ගත්තාද එස්.බි. ප්‍රශ්නය යොමු කළේය.

මම මේ ගැන නීති උපදෙස් අරගෙන තියෙන්නේ කරු උත්තර දුන්නේය.
අපි අද නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ ගැන හෙව්වා. ඔබතුමා නීතිපතිතුමාගෙන් මේ ගැන කිසිම දෙයක් ඇහුවේ නෑ කියන එක තමයි අපිට ලැබුණ ආරංචිය වුණේඇමැතිවරු පැවසූහ.

මම නීතිපතිවරයාගෙන් විමසුවේ නැතිවුණාට නීතිඥ කණ්ඩායමකින් මේ ගැන විමසුවා. ඔවුන්ගේ අදහස අනුව තමයි මම කටයුතු කරන්නේ කරු කීවේය.

රතන හිමිට කේන්ති ගියේ ඇයි?

ආණ්ඩුවේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුව වර්ජනය කරද්දී පසුගිය සතියේදී විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටය.

අගමැතිවරයාගේ ගැටලුව විසඳා ගත යුතු බව කල් ඇතිවම මෛත්‍රීටත් දැනුම්දී තිබූ විජයදාස තමන්ට හිතවත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පසුගිය සතියේදී හමුවිය. ඒ අතර වජිර අබේවර්ධන ඇමැතිවරයාද විය.

වජිර විජයදසාගේ නිවසට ගියේ ඔහුගේ සහාය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම ගැන සාකච්ඡා කිරීමටය. මේ ගැටලුව විසඳා ගැනීමේ මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කිරීමට විජයදාස කැමැත්ත පළ කර තිබුණි. ඒ අනුව පසුගිය බදාදා රාත්‍රි දොළහට පමණ වජිර විජයදාසගේ නිවසට ගියේය. ඒ එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු කිහිපයක් ගැන අවසන් සාකච්චා පැවැත්වීමටය. විජයදාස සමග කටයුතු කිරීමට රනිල් වැඩි කැමැත්තක් නොදක්වා තිබූ අතර එය සමතයකට පත් කළේ වජිරගේ මැදිහත්වීමෙන්ය.

පසුව ඔහුට තිබුණේ රාජිත සේනාරත්නත ඇමැතිවරයා සමග පැවති ගැටලු විසඳා ගැනීමය. ඒ අනුව විජයදාස හා රාජිත අතර දුරකතන සංවාදයක්ද සූදානම් කළේය.

අපි දෙන්නා අතර නොයෙක් ප්‍රතිපත්ති ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වුණත් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන ප්‍රශ්නය විසඳාගන්න ඕනම දෙයක් අපි කැප කරන්න ඕන. අපි එකතුවෙලා වැඩ කරමුරාජිත විජයදාස සමග පැවති අමනාපයට තිත තැබුවේය.

ඒ අනුව පසුදා පාර්ලිමේන්තුවට පැමිණි ඔහු පාර්ලිමේන්තුවේදී කතාවක් කළේය. මෛත්‍රී සමග සාකච්ඡාවකට කරුට ඔහු ඒ අනුව ආරාධනා කළ අතර එම ආරාධනය පිළිගනිමින් කරු බ්‍රහස්පතින්දා සවසම මෛත්‍රී හමුවීමට ගියේය.
මේ අතර අතුරලියේ රතන හිමියන් ද විජයදාසගේ කතාවෙන් පසුව පාර්ලිමේන්තුවේදී කතාවක් කළහ. උන්වහන්සේගේ කතාව අවසන් කළ පසුව සභා ගර්භයෙන් එළියට පැමිණියේය. එළියට එන විටම උන්වහන්සේට හමුවූයේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකි.

මගේ කතාව ඇහුවද රතන හිමියෝ ඇසූහ.ඔව් හාමුදුරුවනේ. හැබැයි කතාවෙන් ඔබවහන්සේ ඉන්නේ මොන පැත්තේද කියන එක ගැන නම් පැහැදිලි අදහසක් ගන්න බැරිවෙනවා මාධ්‍යවේදියෙක් පැවසුවේය

මම ඉන්නේ ජනාධිපතිතුමා එක්ක රතන හිමියෝ කීහ.
ඒ වුණාට හාමුදුරුවනේ රනිල් වික්‍රමසිංහට අගමැතිතුමා කියලානේ කතා කළේ. ඒ කියන්නේ ඔබවහන්සේ රනිල් එක්ක ඉන්නවා වගේනේ පේන්නේ මාධ්‍යවේදියා කීය.

මම කියන්නේ මට ඕන එක. ඒක ඔයා තේරුම් ගන්න විදිය නොවෙන්න පුළුවන්. මම කියන දේ ඔයා තේරුම් ගන්න ඕන නෑ ආවේගශීලීව කතා කළ රතන හිමියෝ එතැනින් පිටත්ව ගියහ.

 රමේෂ් වරල්ලෙගම