තිස් වසරක් පුරා  දැල්වුණු යුද ගිනිදැල් නිවී යාමත් සමග මෙරටට උදාවූ සාමයෙන් සුවිශේෂී ප‍්‍රතිලාභයන් ලැබූ කර්මාන්ත ක්ෂේත‍්‍රයන් අතර සංචාරක කාර්මාන්තය  කැපී පෙනේ.

ඒ අනුව  කොටි ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගා දැමුණු  2009 වසරේ සිට, මෙරට සංචාරක කර්මාන්තය වසරක් පාසා පැහැදිලි හා ස්ථාවර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය.

වර්ධන වේගය හා ඉලක්කයන් ජයගැනීම අතින් යම් අඩුපාඩු හා දුර්වලතා තිබුණද, මෙරට සංචාරක කර්මාන්තය ගෙවුණු දශකය තුළ කැපී පෙනෙන ජයග‍්‍රහණ රැුසක්ද ලබා ගත්තේය.

කෙසේ වෙතත් මෙරට සංචාරක කර්මාන්තය පැමිණි එම සාර්ථක ගමන් මග අඩාළ  කරමින් පසුගිය
වසර එකහමාරක  පමණ කාලය තුළ සංචාරක කර්මාන්තය තුළ විවිධ  අර්බුද රැුසක්ම මතුවිය.  එම අර්බුද විස`දාලීම සඳහා මෙහිදී රජයේ මැදිහත් වීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් චෝදනා කළහ.

විශේෂයෙන්ම සුළු හා මාධ්‍ය පරිමාණ සංචාරක කර්මාතකරුවන් රැුකගැනීම සඳහා රජය සතුව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවට එම කර්මාන්තකරුවෝ පසුගිය වසරක පමණ කාලයක සිට චෝදනා නගමින් සිටියහ.

මේ අතර  ගෙවුණු සති කිහිපය තුළ, රට තුළ හදිසියේ මතුවූ  දේශපාලන අර්බුදයන් හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය තුළ දැනට පවතින අර්බුද තවදුරටත් බරපතළ වනු ඇති බවට මෙරට සංචාරක කර්මාන්තයේ නියුතු බොහෝ පිරිස් තුළ මේ වනවිට විශාල චකිතයක් මතුව ඇත.

රට තුළ අද වනවිට නිර්මාණය වී ඇති දේශපාලන වාතාවරණය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ශ‍්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය ද
පසුගියදා මාධ්‍ය හමුවක්ද පවත්වමින් අවධාරණය කර සිටියහ.

මේ දිනවල උද්ගත වී ඇති දේශපාලන වාතාවණය තුළ මෙරටට පැම්ණෙන සංචාරකයින්ගේ ප‍්‍රමාණය  පහළ වැටීමට පටන්ගෙන ඇති බව එම සංගමයේ අදහස වී ඇත.

මේ පිළිබඳව අප කළ විමසීමකදී  එම සංගමයේ සභාපති රොහාන් අබේවික‍්‍රම මහතා අප වෙත සඳහන් කළේ මෙවැන්නකි .

‘ජනවාරි, පෙබරවාරි කියන්නේ සාමාන්‍යයෙන් මෙරටට වැඩියෙන්ම විදේශ සංචාරකයින් පැමිණෙන කාලය. නමුත් හදිසියේ මතුව ඇති දේශපාලන අර්බුද හරහා මෙරට සංචාරක කර්මාන්තයට සෘණාත්මක බලපැමක් එල්ලවෙමින් පවතිනවා. රටක දේශපාලන අස්ථාවර භාවයක් පවතින විට සාමාන්‍යයෙන් සංචාරකයින් පැමිණීම අඩුවනවා.’

ලෝකයේ රටවල්  කිහිපයක්ම මෙරට සංචාරය කිරීමෙන් වළකින ලෙස එම රටවල පුරවැසියන්ට නිවේදනය කර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ තත්ත්වය අපට විශාල අවාසියක් යැයිද අබේවික‍්‍රම මහතා පැවසීය .

ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුවෙන දේවල් පවා අද යුරෝපයේ ජනතාව අන්තර්ජාලය හරහා නරඹනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ගුටි බැට දකිනවිට ඔවුන් ලංකාවේ ආරක්ෂාව ගැන සැක ඇති කරගන්නවා. මේ තත්ත්වය වහා නිවැරදි කර ගත යුතුව තිබෙනවා යයිද මෙහිදී අබේවික‍්‍රම මහතා අප වෙත සඳහන් කළේය.

මෙරට කුඩා හා මාධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින් මුහුණ දෙමින් සිටින මෙම ගැටලූව පිළිබඳ තවදුරටත් කරුණු දැනගැනීම සඳහා අප ශ‍්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායක සංගමයේ උප සභාපතිනි රේණුකා ජයමාන්න මහත්මියගෙන්ද කරුණු විමසා සිටියෙමු.

‘ලංකාව කියන්නේ සැඟවුණු රටක් නොවෙයිනේ. එම රටවල මාධ්‍ය හරහා ලංකාවේ තොරතුරු ප‍්‍රචාරය වනවා. එම නිසා එම රටවල සංචාරකයින් අපට දුරකථන ඇමැතුම් ලබාදීල ලංකාවේ ආරක්ෂක තත්ත්වය ගැන විමසනවා. මේ තත්ත්වය රටේ සංචාරක ක්ෂේත‍්‍රයට යහපත් නැහැ.’ ඇය පැවසීය.

දැනටමත් සංචාරකයින්ගේ පැමිණීමේ විශේෂ අඩුවීමක් දක්නට ලැබෙන බවද ඇය මෙහිදී සඳහන් කළාය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග පවා සඳහන් කර ඇතැයි ඇය අනාවරණය කළාය.

මේ වනවිට මෙරටට සංචාරකයන් පැමිණෙන බොහෝ රටවල් සමග පැවැත්වෙන ගුවන් ගමන් වාර අවලංගු කිරීමට සිදුවන තත්ත්වයට පත්ව ඇති බවත් වෙනදා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන මෙම කාලයට ගුවන්යානා සංචාරකයින්ගෙන් පිරී පවතින එනම් හවුස් ෆුල් තත්ත්වයේ පසුවන නමුත් මේ වනවිට සෑම ගුවන් වාරයකදීම ගුවන් යානයේ අඩකටත් වඩා අඩු පිරිසක් පමණක් ගමන් කිරීම සැලකිය යුතු බරපතළ තත්ත්වයක් බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග අනාවරණය කර ඇත.

අපේ රටේ මෙවැනි තත්ත්වයන් ඇතිවන  අවස්ථාවලදී අසල්වැසි රටවල් ඉන් ප‍්‍රයෝජන ගන්නා බවත්, මෙරටට පැමිණීමට සිටින සංචාරකයින් තම රටවල්වලට ගෙන්වා ගැනීමට එම රටවල සංචාරක නියෝජිතයින් මෙවැනි අවස්ථාවල පියවර ගන්නා බවත් ශ‍්‍රී ලංකාවේ  සංචාරක නියෝජිත ආයතන කිහිපයකම නිලධාරීන් අප සමග පැවසීය.

මෙලෙස සංචාරකයින් මෙම වසරට අදාළ  ශ‍්‍රී ලංකා සංචාර අත්හිටවූ විට බොහෝවිට සිදුවන්නේ ලබන වසරේදි ඔවුන් ශ‍්‍රී ලකාවට නොපැමිණ වෙනත් රටක සංචාරය කිරීමට එක්වීමය.

මෙම ගැටලූකාරී තත්ත්වයන්ට විස`දුමක් ලෙස කඩිනමින් රට තුළ දේශපාලන  ස්ථාවරත්වයක් ඇති කර දෙන මෙන්  වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ශ‍්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගම් සභාපතිවරයා අප සමග කියා සිටියේය.

සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතුවූවන් ගේ මෙම දුක්ගැනවිලි  නිසාම,  සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව පවතින වත්මන් ගැටලූ සාකච්ඡුා කිරීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හෝටල් හා සංචාරක කර්මාන්තයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්ද පසුගියදා   අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව සඳහා සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ පාර්ශව රැුසක් එක්ව සිටියහ.

මෙහිදී සංචාරක ක්ෂේත‍්‍රයේ නියුතු කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලූ පිළිබඳව අග‍්‍රාමාත්‍යයවරයා  ඇතුළු රජයේ නිලධාරීන්ටද නිවැරදි වැටහීමක් ලැබුණ අතර, ඒ අනුව එම ක්ෂේත‍්‍රයට අදාළව කඩිනම් සහන රැුසක්ම ලබාදීමට අගමැතිවරයා පියවර ගත්තේය. විශේෂයෙන්ම මෙම ව්‍යවසායකයින් සඳහා බදු සහන රැුසක් ලබදීමට මෙහිදී තීරණය විය.

කෙසේ වෙතත් ඇතිවී ඇති ගැටලූව විසඳීම සඳහා මෙසේ සහන ලබාදීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව, අප කළ විමසීමකදී අචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.

හෙවුණු සති කිහිපය තුළ සංචාරකයින් පැමිණීම අඩුවක් සිදුව ඇතනම්, එසේ වීමට ප‍්‍රධානතම හේතුව ලංකාව පිළිබඳව යම් වැරදි ප‍්‍රචාරයන් කිහිපයක් ජාත්‍යන්තරය වෙත යොමුව තිබීමයි. අද රටේ දේශපාලන අස්ථාවර භාවයක් හෝ අරාජික තත්වයක් නැහැ. නමුත් ඇතැම් බටහිර රටවල් එවැනි තත්ත්වයක් මෙරට තුළ ඇති බවට මවා පෙන්වීමට උත්සාහ කරනවා. ඔවුන් විවිධ නිවේදන නිකුත් කරමින්, නැති ප‍්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ කරනවා. අප කළ යුත්තේ මෙම වැරදි ප‍්‍රචාරයන්ට  එරෙහිව යම් ප‍්‍රතික‍්‍රියාවක් දැක්වීමයි. විශේෂයෙන්ම මෙරට තුළ පවතින සැබෑ තවත්වය පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා අපද පුළුල් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් දියත්කළ යුතුයැයි ගොඩහේවා මහතා සඳහන් කළේය.

මේ වනවිට ඇත්ත වශයෙන්ම, විදෙස් සංචාරකයින්ට කිසිසේත්ම  අහිතකර පරිසරයක් ශ‍්‍රී ලංකාව තුළ නැහැ . පාර්ලිමේන්තුව තුළ පවතින වාද විවාද, සංචාරකයින්ට අදාළත්වයක් නැහැ. නමුත් අපගේ රටේම ඇතැම් දේශපාලන පක්ෂ   පවා රට පිළිබඳ වැරදි චිත‍්‍රයන් ජාත්‍යන්තරයට මවා පෙන්වීමට උත්සාහ කරනවා. මෙය කනගාටුදායක තත්ත්වයක්. ඊට එරෙහිව දැවැන්ත ප‍්‍රචාරක වැඩසටහනක් දියත් කිරීමට සංචාරක ක්ෂේත‍්‍රයේ බලධාරීන් පියවර ගත යුතු යයිද හිටපු සංචාරක මණ්ඩල සභාපතිවරයකුද වන ආචාර්ය ගොඩහේවා මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකරියෙන්ද අප විමසා බැලූ අතර එහිදී එහි ප‍්‍රකාශිකාවකද අප සමග පැවසුවේ රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත‍්‍රය කඩාවැටීමකට ලක්ව තිබෙන බවට ඇතැමුන් මත පළ කළ ද  මෙරට සංචාරක ක්ෂේත‍්‍රයට එවැනි  පසුබෑමක් වාර්තා නොවන බවයි.

රටේ සංචාරක පැමිණීම් අඩුවීමක් ගැන ක්ෂේත‍්‍රයේ නියුතු විවිධ පිරිස් මැසිවිලි නගනවා. නමුත් සංඛ්‍යාලේඛන සලකා බලන විට එවැනි කැපී පෙනෙන ගැටලූවක් අපට දක්නට නැහැ. යයිද එම ප‍්‍රකාශිකාව සඳහන් කළාය.
මේ වසරේදී අපට විශේෂ ජයග‍්‍රහණ දෙකකුත් ලැබුණා, ලෝන්ලි ප්ලැනට් ජාත්‍යන්තර සඟරාව, 2019 වසරේදී සංචාරය කිරීම සඳහා ලෝකයේ ඇති හොඳම රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කළා. එසේම ටයිම්ස් සඟරාව ලෝකයේ හොඳම සංචාරක නිකේතන අතරට ශ‍්‍රී ලංකාවේ ‘සන්ටාන’ නිකේතනයද නම් කළා. එවැනි තත්ත්වයක් තුළ ලබන වසරේදී මෙරටට පමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් මිස අඩුවීමක් නොවනු ඇති බව අපගේ අධිකාරියේ අනුමානය වන බවද ප‍්‍රකාශිකාව විස්තර කළාය.

ඒ අනුව දැනට ශ‍්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය හරහා පැතිර යන වැරදි තොරතුරු නිවැරදි කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මගින් ආරම්භ කර ඇති බවද දැනගන්නට  ලැබිණ.

කෙසේ වෙතත් රජයක් මාරුවූ පමණින්ම වෙනස් නොවන ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් හා උපාය මාර්ගික සැලැස්මක්ද මෙරට සංචාරක ක්ෂේත‍්‍රය සඳහා අවශ්‍ය බව, එම කර්මාන්තකරුවන් සමග අප කළ සකාච්ජාවේදී අවබෝධ වූ කරුණක් විය.

එවැනි ජාතික ප‍්‍රතිපත්තියක් හා සැලැස්මක් පවත්වන්නේ නම් කුමන දේශපාලන පෙරළි ඇතිවුණද විදෙස් සංචාරකයින්ට මෙරට සංචාරය කිරීම පිළිබඳ සැක සංකා මතුනොවනු ඇතිවාක් මෙන්ම ක්ෂේත‍්‍රය තුළ වරින් වර මතුවන ගැටලූවලටද පිළියමක් වනු ඇත.

මේ පිළිබඳව අප කළ විමසීමකදී   අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේද, ආණ්ඩු පත්වීමත් සමග උපාය

මාර්ගික යෝජනාද වෙනස් වන අතර එක් ව්‍යාපෘතියක් හෝ වසර 5ක් යන තුරු අඛණ්ඩව  ක‍්‍රියාත්මක නොවන බවයි. ඒබැවින්  මෙරට සංචාරක කර්මාන්තය වෙනුවෙන් විධිමත් ජාතික ප‍්‍රතිපත්තියක් ගොඩනැංවීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇති බවත් ඒ වෙනුවෙන් නිසි ක‍්‍රියාවලියක් කඩිනමින් ආරම්භ කළ යුතුව ඇති බවත් ගොඩහේවා මහතා පැවසීය.

පැතුම් වික‍්‍රමරත්න