පිට පිට තෙවැනි වතාවට එෆ්.ඒ. කුසලානය ජයග්‍රහණය කිරීමේ අධිෂ්ඨානයෙන් යුද හමුදා පිල ප්‍රබල සෝන්ඩර්ස් කණ්ඩායම සමග අවසන් මහා තරගයට පිවිස තිබේ.සිය පාපන්දු ක්‍රීඩා සමාජයේ ශත සංවත්සරය ලබන සතියේ සැමරීමට  සූදානම්ව සිටින සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට ප්‍රබල සටනක් ලබා දීමට බලා‍පොරොත්තුවෙන් සිටින බව ‘සොන්ඩර්ස්’ කණ්ඩායමේ පුහුණුකරු මංජුල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රධානතම තරගාවලියක් වන පාපන්දු සම්මේලන කුසලානය ආරම්භ වන්නේ 1948 වර්ෂයේදීය.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පාපන්දු කුසලානවලදී පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි අතර එෆ්.ඒ. කුසලානයට ප්‍රධාන තැනක් හිමිවේ.

අවසන් මහා  තරගයේ එක් පැත්තකින් සටන් වදින සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1918 දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා  ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහිකළ ක්‍රීඩා සමාජයක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ පියා ලෙස සැලකෙන පී.ඩී. සිරිසේන මහතා සොන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් බිහිවූ ක්‍රීඩකයෙකි. ඔහු එවකට පිහිටු වූ වාර්තා අදටත් නොබිඳී පවතී.

1960 තරගාවලියේදී සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ගෝල 24 ක් රැස් කළ අතර අවසන් මහා තරගයේදී ගෝල 06 වාර්තා කිරීම ද විශේෂත්වයකි.

අවස්ථා 21 කදී ශූරතාවට හිමිකම් කීමට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත්වී තිබේ.
අවසන් වරට 2001 වසරේදී ශූරතාව දිනා ඇති සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 1949 දී ප්‍රථම වතාවට ජයග්‍රහණය කර තිබේ. එෆ්. ඒ. කුසලාන ඉතිහාසයේ මෑත භාගයේදී දස්කම් අතරට පැමිණි යුද හමුදා පාපන්දු කණ්ඩායම 2011, 2013, 2015, 2016 කුසලානයට වගකීමට සමත් වූහ.

එෆ්.ඒ. කුසලාන අතීතයේ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි කණ්ඩායමක් ලෙස යුද හමුදා කණ්ඩායම නම්කළ හැකිය.
ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයන් රැසක් යුද හමුදා කණ්ඩායම සතුව සිටිති.
ඒ අනුව මෙවර අවසන් මහා තරගය ප්‍රතිඵල තරගයක් වනු ඇතැයි පාපන්දු විචාරකයන් සඳහන් කරති.

මෙවර අවසන් මහා තරගයට යුද හමුදා කණ්ඩායම අතින් පරාජය වූයේ ලක් ස්ටාර් ගෝල 15-0, සාරික්තමුල්ල යෝක් පිලට එරෙහිව ගෝල 3-1, නිව්ස්ටාර් පිලට 3-0, ගමනා ගමන පිලට ගෝල 2-0, ‍පොලිස් පිලට එරෙහිව 1-0 ලෙස තරග ජයග්‍රහණය කර ඇත.

සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට යමින් ජයග්‍රහණ අතර, නාවික හමුදා පිලට එරෙහිව ගෝල 2-0, සෝන්ඩර්ස් 6-0, එවරෙස්ට් පිලට එරෙහිව 6-2, බන්ධනාගාර පිලට එරෙහිව ගෝල 2-5, වශයෙන් සිය වාර්තා කර තිබේ.

සෝන්ඩර්ස් කණ්ඩායම් චානුක එරංගන් යුද හමුදා කණ්ඩායම සජිත් කුමාර විසින් මෙහෙවනු ලබයි.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම:

ජී. එරංග ප්‍රියශාන්ත, එම්.එන්.එම්. ඉසඩීන්, වයි.එල්. ජයතුංග, එච්.ඩී. මධුශාන් ද සිල්වා, එච්.ආර්.ඒ. තේනුවර, ආර්. ජේසුරාජ් බර්නාඩ්,  කේ.එස්. සන්කල්ප දයාවංශ, ජේ.ටී. ලක්මාල්, එස්.එම්.යූ. කීර්ති කුමාර්, එච්.එච්.ඩී.එස්.සී. කුරුකුලඩිත්ත, ආර්.එන්.ඒ.එම්.ඒ.බි. වරකාගොඩ, එම්.ඕ.එස්.පී. විජේසූරිය, එච්.එම්. තාරක සඳරුවන්, එම්.ඒ. අසිකූර් රහුමාන්, කේ.එම්. නිරෝෂන් පතිරන, ඒ.ඒ.එස්. රොෂාන් අප්පුහාමි, එල්.සී. සජිත් කුමාර, ඩබ්.එච්.යූ.අර්.එස්. රාජවංශ, ජී.බි.අයි. සම්පත්  කුමාර, එම්.එච්. මොහොමඩ් ලතීෆ්, ජී.ටී.ජී. අජිත් කුමාර, කේ.පී. කසුන් ප්‍රදීප්, එච්. ධනංජය පේරුසිංහ, එම්.එන්. ජීවන්ත ප්‍රනාන්දු, ආර්.ඒ.එන්. චතුරංග පෙරේරා, ඩබ්.ඒ.එච්. නවෝද්‍යා විජේසිංහ, ජී.එච්. සුබසහන ප්‍රනාන්දු, ඩබ්.සී. නදේශන් ප්‍රනාන්දු, පී. තිරුන සේනානායක.

සෝන්ඩර්ස් (කොළඹ) කණ්ඩායම:

ඩී.ඩී. සජිත් ධර්මපාල, එච්.එම්.වී. රන්ජීව පෙරේරා, ඒ.ජී.ඉන්ද්‍රජීව උදාර, එස්.වයි. ඉසුරු පෙරේරා, ඩබ්.එල්.සී.ජී. චන්ද්‍රසේකර,එම්.එස්. සමීර පෙරේරා, ඩී.එස්.ඒ. අජන්ත පියුමාල්, එන්.සී. අබේසේකර, ඩබ්. අසන්ක විරෝජ්, එස්.කේ.එස්.එම්. ප්‍රියදර්ශන, යූ.ඩී. චමෝද් ඩිල්සාන්, කේ.එන්.ඩබ්. ජයසූරිය, ඩබ්.එස්.එල්,ටී. රංගන, මොහොමඩ් ෆයිසාල්, ඩබ්.ඒ. නිපුන චින්තක, කේ.කේ. සාලිත, තිලක්සිරි, කේ.එම්. චානුක එරංග, සුන්දරරාජ් නිරේස්,  ඒ.එච්.ටී. විශ්ව ඩිනෙත් සංකල්ප, එම්. නලීම්, පී. චාමත් රශ්මිත, එම්.ඒ.එම්. සබ්රින්, එම්.එස්.එම්. කුර්ශිඩ්, ඒ.වී. රාහුල්, එම්.ඒ. ගිහාන් පෙරේරා, අයි.සී. ඩැනියෙල් රිචී, සී.එස්.එම්. ලියනගේ, ජේ.ඒ.පී. හසන්ත, වස්හිකරන් වීරියන්, ජේ. නිලූක්ෂාන්.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්