තරුණ පරම්පරාවේ හෙට දවස ගැන ප‍්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් පසුගිය දිනවල අසන්නට ලැබුණේ හදවත් කම්පා කරන ජාතියේ සිදුවීම් කිහිපයක්යග ඒ මාතරල මොනරාගල සහ බේරුවල යන ප‍්‍රදේශවලිනිග මාතර සිදුවීමෙන් පාසල් වයසේ සිසුවකු අතින් තවත් පාසල් සිසුවකු ඝාතනය වියග මොනරාගලදී තරුණයකු තරුණියකගේ ගෙල සිරකර මරා දැමුවේයග බේරුවල පාසලක සිදුවූ ගැටුමකින් ශිෂ්‍යයකු කළ පහරදීමකින් එම පාසලේම සිසු නායකයකු මිය ගියේයග මේ සියල්ල ඝාතනයිග මෙසේ ඝාතනය වූවේත්ල ඝාතකයින් වූවේත් අනාගතයක් ගැන සුබ සිහින දකින්නට හැකි තරුණ ජීවිතයිග කුමක් හෝ හේතුවකින් එකී දෙපාර්ශ්වයටම  ජීවිත අහිමිව ගොස් ඇතග වරද කාගේද? වරද කොතැනද? අප හමුවේ ඉතුරුව ඇත්තේ එම පැනය පමණයග

මාතර සහ මොනරාගල සිදුවීම් ද්විත්වයටම ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විශාල ජනප‍්‍රියත්වයක් හිමිවියග ඒවා ප‍්‍රවෘත්ති විකාශයන්වලද පෙන්වූයේ කෙටි චිත‍්‍රපට වාගේයග අනෙක් කාරණාව ඒවා මහ දවාලේ සිද්ධ වූ ඝාතනයන් වීමයිග මහා දවාලේ සිද්ධ වූ ඒ ඝාතන නවත්වන්නට කිසිවෙක් ඉදිරිපත් වූයේද  නැතග ඒ තරමට මේ සමාජයේ මිනිසුන්ගේ සදාචාරය නැති වෙලායග මිනීමැරුම වන අයුරු කයියක් ගහන ගමන් වීඩියෝ කරන තැනට මිනිසුන් පත්වීම රටේම අවාසනාවක්යග මේවා විවේචනය කරන සමාජයත් මේ අවිචාරවත් සමාජයේම කොටසක් පමණිග විවේචකයින් මෙහි වගකීම විවිධ පාර්ශ්වවලට පවරයිග කොටසක් මෙය දකින්නේ රූපවාහිනි නාට්‍යවල වරදක් විදිහටයල තවත් පිරිසක් මෙය දේශපාලනඥයින්ගේ හැසිරීම සමග සමපාත කරන්නට උත්සාහ දරතිග තවත් සමහරු මව්පියන්ටල පාසලට දොස් නගතිග මේ කාට කාට දොස් නැගුවද අවසානයේ මෙය මේ සමස්ත සමාජයේම ප‍්‍රශ්නයක් බව අපි සිතමුග

සමාජ සදාචාරයල යුක්තිය සාධාරණත්වය ගැන කතා කරන අපි වැනි මාධ්‍යකරුවන්ගේ සිට සමාජයේ සෑම ස්ථරයකම ජීවත් වන්නන් මේ ඛේදවාචකයන්ගේ වගකීම කුමන මට්ටමකින් හෝ ඉසිලිය යුතුව ඇතග ඝාතනල සියදිවි නසාගැනීම්ල ස්ත‍්‍රී ¥ෂණ  වැනි කාරණා මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීම බොහෝ පරිස්සමට කළ යුතුව තිබේග පසුගිය කාලයේ එවැනි සිදුවීම්  ඕනෑවට වඩා හුවා දක්වමින් කළ ප‍්‍රචාරයන්ගෙන් පසුව ඇති වූ පශ්චාත් සිදුවීම් ගැන කිසිවෙක් කතා කරන්නේ නැතග කිරිඇල්ල පාසලේ පාසල් සිසුවියකට පෙම්වතා පිහියකින් ඇන කළ ඝාතනයෙන් පසුව දිවයිනේ පළාත් ගණනාවකින් එවැනි සිදුවීම් වාර්තා වියග මාතර පාලමෙන් නිල්වලා ගඟට පැන කළ දිවි තොරකරගැනීම්වලින් පසු මාතර පාලමෙන් පැනීම ටෙ‍්‍රන්ඞ් එකක් බවට පත්වියග පියා සිය දරු පවුල සමඟ ගසක එල්ලී මියයාමෙන් පසු අම්මලා තාත්තලා පෝලිමට දරුවන් සමඟ මැරෙන්න ගිය හැටි අපිට මතකයග ඒවායේ ප‍්‍රචාරණ වගකීම මධ්‍යය භාරගත යුතුයග ඉදිරියට හෝ  එවැනි වාර්තාකරණයකදී ආචාර ධර්ම ගැනත් සිතන්නට මාධ්‍ය දෙවරක් සිතිය යුතුව ඇතග

පසුගියදා පෙරපාසල් දරුවකු ඇඳි සිතුවමක් ගැන පුවතක්ද වාර්තා වූයේ මාධ්‍යකරණයේ අඳුරු පැතිකඩ ගැන නැවත නැවතත් හිතන්නට යමක් ඉතුරු කරමිනිග එහි වූයේ පිහියක් අතින් ගත් පුද්ගලයෙකිග පෙර පාසල් ගුරුවරිය ඒ ගැන විමසීමේදී දරුවා පවසා ඇත්තේ රූපවාහිනියේ දුටු දසුනක් එලෙස සිතුවමක් කළ බවයිග අද ආදරයල කරුණාව වෙනුවට වෛරය ක්‍රෝදය කුඩා සිත්වලට ඇතුළු වී ඇතග එසේම අද අධ්‍යාපන ක‍්‍රමය හැඟීම් දැනීම් නැති රොබෝවරු බිහි කිරීමේ ප‍්‍රතිඵලද අපි මෙලෙස අත් විඳිමුග මේ සිදුවීම් ඔස්සේ  සමස්ත අර්බුදයේම ඇති අවුලේ තරම පෙන්වයිග දේශපාලනඥයින්ල මාධ්‍යකරුවන්ල නාට්‍යකරුවන්ල වෘත්තියවේදීන්ල දෙමව්පියන්ල ගුරුවරුන්ල දරුවන්ල පුරවැසියන් සියල්ල මේ ඛේදවාචකයේ කොටස්කරුවන්යග මේවාට පිළිතුරු සෙවිය යුත්තේ අනෙකාට වරද පටවා තමන් අත් පිහිදාගෙන නොව තමන් තමන්ගේ වරද හඳුනා ගැනීමෙන්යග