ධර්මය ශ‍්‍රවණය කිරීම මගින් සුනාථ, ධාරේථ, චරාත ධම්මේ යන කාරණා තුනක් සම්පූර්ණ වේ. සුනාථ යනු සිත කය වචනය යන තුන්ෙදාර සංවර කරගනිමින් ධර්මය ශ‍්‍රවණය කිරීමයි. ධාරේත යනු මතක තබා ගැනිීමයි. දේශනාව තුළින් ප‍්‍රතිඵලයක් ලබා ගත හැක්කේ මතකයේ තබා ගැනීමෙන් පමණයි. එ් අයුරින් නැවත නැවත සිහියට එන දේශනා තුළින් අපට නිවැරදි වීමේ හැකියාව ලැබේ. නැවත නැවත සිහියට එ්මෙන් සිතට බිය ඇති වෙනවා වගේම සංසාරයේ කල්ප ගණන් දුක් වි`දින ආකාරය තිරිසන් ලෝකයේ දුක් වි`දින ආකාරය අසන්න ලැබීම තුළින් අපේ චින්තනය වෙනස් වෙනවා. චින්තනය වෙනස්වීම මගින් වෙනස්ම පුද්ගලයෙක් බවට පත්ව සංසාර දුකින් මිදීමේ මාර්ගයට පිවිසීම කෙරේ අප හිත් යොමු වෙනවා. එ් කියන්නේ නිවැරදිව ධර්මය ශ‍්‍රවණය කිරීම නැත්නම් බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ‘සුනාථ ධාරේත චරාත ධම්මේ’ ධර්මය ශ‍්‍රවණය කිරීම නිසයි.

තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ විදියට දේශනා කර තිබෙනවා. (සුතං* සිත කය වචනය සංවර කරගනිමින් ධර්මය ශ‍්‍රවණය කරන්න. (ධතා* ධර්මය ධාරණය කර ගන්න. (වචසා පරිසිතං* වචනයෙන් පුරුදු කරන්න. මන්තර ජප කරන්නා සේ සුත‍්‍ර දේශනා කිරීම මෙයින් අදහස් නොවේ. සමහරෙක් බිය වූ අවස්ථාවල ඉතිපිසෝ ගාථාව ජප කළත් වචසා පරිසිතං යන්න එයින් අදහස් නොවෙයි. වචසා පරිචිතං යන්නෙන් අදහස් කෙරෙන්නේ වචනයෙන් අවබෝධය කරා යාමට ධර්මය පුහුණු කිරීමයි. නිවැරදිව වචසා පරිසිතං කියන දේ අවබෝධ කර ගත්තේ නම් අපේ ශී‍්‍ර ලාංකීය ජනතාව කරණීය මෙත්ත සූත‍්‍රය, මංගල සූත‍්‍රය හා රතන සුත‍්‍රය අර්ථාන්විතව දැන සිටිය යුතුයි.
ලොව පුරා ජනතාව බුදුන්ගේ ධර්මය අනුව ජීවත් වෙන්න උත්සාහ දරනවා. නිවැරදි තේරවාදි බුදුදහම ශී‍්‍ර ලංකාවාසී අපිට හිමිව තිබුණත් අපි අන්ධයා මැණික් ගලකට පයින් ගසාගෙන යනවා මෙන් දේවාල නැකත් සාත්තර සරණ ගිහින් ග‍්‍රහයන්ට යට වෙනවා.

දරුවා වැස්සේ තෙමී නටන විටෙක දෙකක් ගහලා හරි ගෙට ගන්නේ අසනීිප වෙයි කියලා. එ්වගේ අපිටත් හිත් රිදවා හෝ යථාර්ථය අවබෝධ කරවීමට සිද්ධ වෙලා තියෙනවා. ලෝකවාසීින් අතරින් ශී‍්‍ර ලාංකික බෞද්ධයින් වාසනාවන්තයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කිරීමට ලැබුණු අවස්ථා වගේම, මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමට ලැබුණු අවස්ථාවෙනුත් ප‍්‍රයෝජනයක් ගෙන ධර්මය අවබෝධ කර ගැනීිමට උත්සාහ කළ යුතුයි. ධර්මය ශ‍්‍රවණය කර සාදු කියනවා වෙනුවට ශ‍්‍රද්ධාවෙන් බණ අසා අවබෝධ කරගනිමින් නිවැරදි මාවතට පිවිසෙන්න උත්සාහ කිරීමයි වඩාත් සුදුසු වන්නේ.

කල්ප සියයකට බුදුවරු හත්නමයි පහළ වුණේ. අංගුත්තර නිකායේ ශාසක සුත‍්‍රයේ හා පබ්බත සුත‍්‍රයේ කල්පය ගැන දේශනා කරනවා. සැතපුම් හතක් දිග සැතපුම් හතක් පළල, සැතපුම් හතක් ගැඹුරු භාජනයකට අබ ඇට පුරවලා අවුරුදු සියයකට වරක් අබ ඇටයක් ඉවත් කිරීම හරහා අබ ඇට සියල්ල ඉවත් කෙරෙන දිනය කල්පයක් බවයි හ`දුන්වා දී තිබෙන්නේ.

ශ‍්‍රද්ධාව දියුණු වීම හරහා යහපත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා. යථාවබෝධයෙන් ජීවත් වීමට හැකි වෙනවා. කරුණාව වඩනවා. එවැනි සමාජයක් ඇති වෙන්නේ ශී‍්‍ර සද්ධර්මයට නිවැරදි මාර්ගයන් ඔස්සේ ලැදිවීම මගිනුයි. රට ධර්මද්වීපයක් කිරීමේ හැකියාව තිබෙන්නේ අපේ වැඩිහිටියන්ටයි. දරුවා මව් කුසේ සිටිනා සමයේ තිසරණයේ පිහිටනවා නම් දරුවා බිහිවීමෙන් පසු තිසරණය පිළිබ`ද මනා දැනුමක් පිහිටනවා. මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීමේ හැකියාව ලැබෙනවා. ශී‍්‍ර සද්ධර්මය තරම් රත්නයක් මේ ලෝකේ නැති බවයි රතන සූත‍්‍රයෙන් පෙන්වා දෙන්නේ. ගිරව් වගේ සූත‍්‍ර සඤ්ජායනා කරනවා වෙනුවට දරුවා මව් කුසේ සිටින සමයේ සිට දේශනාව ශ‍්‍රවණය කරන්නා සේ අවබෝධ කරගැනීමත් අවශ්‍යයි.

අපේ භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත‍්‍රය මංගල සූත‍්‍රය හා රතන සූත‍්‍රය පෙරට ගෙනත් තියෙන්නේ ඇයි. සූත‍්‍ර 17705 අතරින් මේ සුත‍්‍ර තුනේ සම්පුර්ණ නිවන් මාර්ගය ස`දහන් වෙනවා. රතන සූත‍්‍රයෙන් තිසරණයේ පිහිටුවනවා. තිසරණයේ පිහිටනවා කියන්නේ බෞද්ධයෙක්. සියලූම ආකාරයේ යහපත උදාකරන භාවනාව මෛති‍්‍ර භාවනාවයි.

කරණීය මෙත්ත සුත‍්‍රයේ මෛතී‍්‍රය වඩන ආකාරයයි තියෙන්නේ. එ් කියන්නේ නිවන් මගට එනවා. නිවන් මගට පිවිසෙන්න නම් දක්ෂයෙක් වියයුතුයි. මලක් සිඹින මොහොතක් මෛතී‍්‍රය වැඩිම රහතන් වහන්සේලා සියක් නමකට, පසේබුදුවරුන් සියක්නමක්, ලොව්තුරා බුදු රජාණන් වහන්සේ නමකට දෙන දානයකට වඩා පිනක් සිදුවෙනවා. මෛති‍්‍ර භාවනාව එ් තරමට බලවත්. හො`දට නින්ද යනවා. හො`දට ඇහැරෙනවා. නරක සිහින දකින්නේ නැහැ. මනුෂ්‍යයින්ට පි‍්‍රය වෙනවා. දෙවියන් විසින් ආරක්ෂා කරනවා. වස විෂ, ගිනි සතුරු විපත්වලින් ගැලවෙන්න හැකියාව ලැබෙනවා.

මුහුණ පැහැපත් වෙනවා. තමන්ට වෛර කරන අයට පවා මෛති‍්‍ර කිරීමෙ හැකියාව තිබිය යුතුයි. අනවබෝධයෙන් දුක්වි`දින සංසාරික සත්ත්වයෙක් වැරදි සිතුවිලි නිසා දුක්වි`දිනවා කියා සිතීිමේ හැකියාවක් මෛති‍්‍රය වඩන අයට තිබේ.

ලාංකික බෞද්ධයින් බහුතරයක් මැරෙන අවස්ථාවේ සිහිවිකල් වෙනවා. එයින් මිදෙන්න නම් සිත තුළ මෛති‍්‍රය රජකළ යුතුයි. සුත‍්‍ර දේශනා නියමාකාරයෙන් අවබෝධ කර ගැනිීමයි වටින්නේ. එවැනි වටිනා මාර්ගයක් කරණීය මෙත්ත සූත‍්‍රයෙන් අවබෝධ කර දෙන බව අපි කිසිවිටෙක අවබෝධ කරගන්නේ නැහැ. රතන සුත‍්‍රයත් තෙරුවන් සරණේ සිට නිවන ලබාගැනීම දක්වා මාර්ගය අවබෝධ කෙරුණත් අපි සජ්ඣායනා කරනවා පමණයි. අවබෝධ කරගන්නේ නැහැ. ආරක්ෂාව කියන ලෞකික වින්දනය වෙනුවෙන් පිරිත් නූලක් බැ`ද ගැනීමෙන් නොනැවතී අවබෝධ කර ගැනීිමයි වඩාත් සුදුසු.

මංගල සුත‍්‍රයේ කියනවා අසේවනාච බාලානං. පණ්ඩිතානන්ච සේවනා කියලා. අපේ ජීවිතයේ ආපස්සට ගිහින් බැලූවොත් අපිට වැරදෙන්න හේතුවෙලා තියෙන්නේ බාලයින් ඇසුරු කිරීම. එ් කියන්නේ කළ්‍යාණ මිත‍්‍ර සේවනයක් නොමැති කමයි. කළ්‍යාණ මිත‍්‍ර ස්වාමීන් වහන්සේලා වගේම කළ්‍යාණ මිත‍්‍ර ගිහියන් අපි ඇසුරු කළ යුතුයි. කුඩා අවදියේ මධ්‍යම කාලයේ සහ අවසාන කාලයේ වත් අපි ධර්මයට යොමු වීමයි වැදගත්.

පුංචි කාලයේ ධර්මය අවබෝධ කර නොගත්තා කියලා පසු තැවෙන්න අවශ්‍ය නැහැ. මීට කළින් මේ බණ අහන්න තිබුණා නම් කියලා පසුතැවෙන්න අවශ්‍ය නැහැ. දාන සීල භාවනා පින්කම් මගින් අපේ අකුසල කර්මයන් යටපත් කර ගැනීමෙ හැකියාව තිබෙන නිසා මේ ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් යහපත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එ් නිසා කළ යුත්තේ ධර්මය අවබෝධ කර ගැනීමේ මාර්ගයට පිවිසීිමයි.

රන්මලී සෝමසිරි