වත්මන් ජනතාවගෙන් බොහෝ දෙනෙකු ජනප‍්‍රිය යැයි පැවසෙන පාසල් සොයා හඹායන්නේ අධික වේගයකිනි. එසේ හඹායන බොහොමයක් ආපසු හැරී එන්නේද බලාපොරොත්තු සුන් වී දැඩි වෙහෙසකාරී බවක්ද ඔසවා ගෙනය. මෙකී ගැටලූවට මුහුණ දී ඇති මව්පියන්ට පිපාසයට දිය බිඳක් වන් කටයුත්තක් සිදු කිරීමට සැදී පැහැදී සිටින මව්පිය ගුරු මඩුල්ලක් පිරිවරාගත් විදුහල්පතිවරයෙකු අපහට ඓතිහාසික නවගමුව ප‍්‍රදේශයේදී හමුවිය.

කඩුවෙල පුරවරයේ ඓතිහාසික නවගමුව පුරාණ පත්තිනි දේවාලයට යාබදව පිහිටා ඇති බප/ජය  පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලය ඒ අපූරු විදුහලයි. විදුහල්පති චමින්ද ලියනගේ මහතාගේ අදහසක් අනුව පාසල් වේලාවෙන් අනතුරුව සතියේ දිනවල රාත‍්‍රී 10 වෙනතුරු සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන් සඳහා අමතර පංති සහ විවිධ ක‍්‍රියාකාරකම් විදුහල තුළ ක‍්‍රියාත්මක වෙයි. Untitled-15

‘‘මෙම ප‍්‍රදේශය නාගරික තත්ත්වයේ තිබුණත් අඩු ආදායම්ලාභී පවුල් බොහොමයක්ම සිටිනවා. මෙම පාසල 6 වසරේ සිට 11 වසර දක්වා ළමුන් ඉගෙනුම ලබනවා. එහි පන්ති දහයක දරුවන් 365 ක් ඉගෙනුම ලබනවා. සෑම වසරකම මෙම විද්‍යාලයට දරුවන් හැටක් පමණ ඇතුළත් වෙනවා. පසුව ඒ දරුවන් එක් එක්කෙනා වසරින් වසර අස්කරගෙන යනවා. අන්තිමේදී සාමාන්‍ය පෙළ විභාගය කරන ළමුන් 18ක් පමණ ඉතිරි වෙනවා. මේක මට හරිම ගැටලූ සහගත දෙයක් වුණා. පසුව මා ගුරු මණ්ඩලයත් සමග සාකච්ඡුා කර මෙම විද්‍යාලයට ඇතුළුවන සිසුන් අස්කරවා ගෙන යාම ප‍්‍රතික්ෂේප කළා. ඉතින් මා පැමිණීමෙන් අනතුරුව දරුවන් අස් කර ගන්න දුන්නේ ක‍්‍රීඩා හෝ වෙනත් සුදුසුකමක් ඇති දරුවන් පමණයි. දරුවන් ඉවත් කරගන්නේ අධ්‍යාපනයෙන් උසස් කිරීමට නම් ඒ වගකීම මා භාර ගත්තා. මේ ප‍්‍රදේශයේ පාසල් සමග තරග කිරීමට හැකි සම්පත් අපිට තිබෙනවා. විශේෂයෙන්ම ඉතා දක්ෂ ගුරු භවතුන් 21 දෙනෙක් සිටිනවා. අපි සියලූ දෙනාම රැුස් වී කථිකා කර දෙමව්පියන් සමගද එකඟතාවකට පැමිණ අපි රාත‍්‍රී ස්කෝලේ පවත්වන්න තීරණය කළා.’’

විදුහල්පති චමින්ද ලියනගේ මේ කාර්යය ගැන රිවිරට කියන්නට වූයේ එසේය.
පාසල නිමවූ පස්වරු 1.30 සිට සන්ධ්‍යාවේ හය පමණ වන තුරු මෙහි ගුරුවරුන් දරු දැරියන්ට අමතර පංති සිදු කරන්නේ කිසිදු අය කිරීමකින් තොරවය. මෙහි ගුරු භවතුන් සිදුකරන අපරිමිත මෙහෙය ගෞරවයට පාත‍්‍ර කළ යුතුය. අනතුරුව කණ්ඩායම් ක‍්‍රමයට පොත් පාඩම් කිරීම කරුණු සාකච්ඡුා කිරීම වැනිදේ තුළින් දරුවන්ට දැනුම බුද්ධිය තවත් වර්ධනය වේ. ටියුෂන් පංති සඳහා වැය කරන මුදල මව්පියන්ට බරක් වී නොමැත. පාසලේ කොටසක දරුවන්ට ස්නානය කර පිරිපහදු වී වෙනත් ඇඳුම් මාරු කර ගැනීමට වෙන වෙනම ස්ථාන  සකසා දී ඇති අතර ගුරුමණ්ඩලය මෙන්ම දෙමව්පියන්ද අසල් වැසියන්ද දරුවන්ගේ ආරක්ෂාවට තැනින් තැන සිටී.

මීටත් වඩා සුවිශේෂී වන්නේ මෙම දරුවන්ට දිවා ආහාරය සහ තේ පැන් ඇතුළු ආහාර වර්ග සපයා දීමයි. පාසලේ ගෘහ විද්‍යාගාරය මුළුතැන්ගෙයක් බවට පත්වී ඇත. මව්වරු පියවරු එක් වී දරුවන්ට අවශ්‍ය ආහාර පිසීම සිදු කරයි. එම කර්තව්‍යයන්ට උදව් උපකාර ලබා දෙන්නේ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාවයි. නවගමුව පොලිස් ස්ථානය, වෙළෙඳ ව්‍යාපාර සංගමය, ශ‍්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරවාසී ආටිගල පුඤ්ඤරතන හිමි , කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරාධා වාසනා සමරකෝන් මහත්මිය ඇතුළු බොහෝ පිරිසකගේ ආශීර්වාදය මේ කටයුත්තට ලැබි හමාරය.

මෙම විද්‍යාලයේ ගුරු භවතුන් ඉටු කරන්නේ රාජකාරියට එහා ගිය දේව කාරියකි. විවිධ සංතෝෂම් වලට නතු වී දරුවන්ගේ අධ්‍යාපනය මුදලට ලංසු තබන ගුරුවරුන් අතර මෙකී ගුරුවරුන් ඉහළින් තබා  ඇගයිය යුතුයි.

විශේෂයෙන්ම මෙවර සාමාන්‍ය පෙළ පන්ති භාරව සිටින ගුරුභවතුන් වන විදුහල්පති ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනි එම්. ටී. ඒ. මධුභාෂිනී. ගයනි සන්ධ්‍යා ගුරුමහත්මිය, මනෝජ් අකලංක, තුසිත යාපා අබේතුංග ඇතුළු ගුරු මඩුල්ල මෙම දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඇප කැප වී කටයුතු කරන බව විදුහල්පති චමින්ද ලියනගේ පවසයි.

නවගමුව පිලිප් තිලකවර්ධන මහ විදුහල වසර 150කට ආසන්න දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියති. නවගමුව ප‍්‍රදේශයේ අන්ද්‍රියෙස් තිසේරා මහතාගේ ඉඩමක 1870 දශකයේදී පොල් අතු මඩුවක පාසල ආරම්භ කර ඇත. පසුව නවගමුව විහාරාධිපති කටුවාවල සිරි සුමනතිස්ස හිමියන්ගේ උපදෙස් පරිදි එම පාසල පන්සල් භූමියට රැුගෙන විත් ඇත. 1890 වසරේ ගම්මුලාදෑනි දොන් පිලිප් තිලකවර්ධන මහතා විසින් පරිත්‍යාග කළ ඉඩම් කොටසක මෙම පාසල ස්ථිරවම ස්ථාපිත විය. 1935 දී එම්. ඞී. අර්නෝලිස් මහතාද මෙම පාසලට ඉඩම් කොටසක් පරිත්‍යාග කර ඇත. මුල් කාලයේ පිරිමි විදුහල කුමර විදුහල හා කනිෂ්ඨ විද්‍යාලය නමින් මෙම විද්‍යාලය හඳුන්වා ඇති අතර පසු කාලීනව 1980 දශකයේද සිරි සුමනතිස්ස විද්‍යාලය හැටියටත් හැඳින්විණි. පසුව බ.ප. ජයවර්ධනපුර කලාපයේ පිලිප් තිලකවර්ධන මහා විද්‍යාලය බවට මෙය පත්විය. ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන කඩුවෙල පුරවරයේ අධික ජනගහනයක් ජීවත් වන ඓතිහාසිකත්වයට උරුමකම් කියන නවගමුව පුරවරයේ නාගරීකරණයට පාතැබුවද මෙම විද්‍යාලයේ අඩුපාඩුකම් බොහොමයක් පවතී.

විශේෂයෙන්ම අධ්‍යාපනය සහ පුද්ගල පෞරුෂ වර්ධනයේ වැදගත්ම කාලය වන ළමයින්ගේ නිදහසේ කටයුතු කිරීමට ගොඩනැගිලි අඩුපහසුකම් යටතේ පවතී. නව ගොඩනැගිලි අවශ්‍යතාවයන්ද පවතී. පරිගණක ඒකකයට  පරිගණකයන්හි අඩුපාඩුවක් පවතී. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ඉටු කිරීමට වෙර දරන මෙම පාසලට මෙම අඩු පාඩු සපුරා දීම බලධාරීන්ගේ යුතුකමකි. මීට අමතරව වැටුප ඉක්මවා ගිය මනුස්සකම ඔසවා තබන මෙම ගුරුභවතුන්ගේ ශ‍්‍රමය මිල කළ නොහැකිය. දරුවන් සියලූ දෙනාම ඉතාම සතුටින් උදේයා්ගයෙන් තම අධ්‍යාපන කටයුතු වල නියැලෙයි. ඔවුන් සියලූ දෙනාගේම පැතුම මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වීමයි. එම දරුවන්ගේ මව්පියන්ගේ දෑසින්ද නව බලාපොරොත්තු දැල්වී ඇත. බස්නාහිර පළාතේ මෙවැනි කටයුත්තක් සිදුවන එකම පාසල මෙයයි.  මෙම කාර්යය සාර්ථක කර ගැනීමට සහයෝගය ඇවැසි වන මොහොතකි. මෙම වැඩපිළිවෙළ සැම වසරකම දියත් කිරීම අරමුණවේ.

ඞී. තිලකවර්ධන

Untitled-14 Untitled-13