ශ‍්‍රී ලංකාව තුළින් බුදුදහමේ හරය වියැකී යන කාලයක බුදුන් වහන්සේගේ මාර්ගයේ යමින් ලෝකයම බුදු දහමින් සැනසීමේ සැබෑ අරමුණැතිව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ද වන බව ඇසීමම සිතට උපදවන්නේ සැනසීමකි.

ලොව පුරා එලෙස ධර්ම ප‍්‍රචාරණයේ යෙදෙන ස්වාමීන් වහන්සේලා ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. එහෙත් ශ‍්‍රී ලංකාවෙන් ථෙරවාදී බුදුදහම උගෙන එහි සැබෑම හරය කිසිදු භේදයකින් තොරව විදෙස් දේශපාලකයන්ට, විදෙස් ආරක්ෂක අංශවලට පවා උගන්වමින් සිටින එවැනි ස්වාමීන් වහන්සේ නමක කැනඩාවෙන් හමුවේ. එ් රාජකීය පණ්ඩිත් අතිපූජ්‍ය සරණපාල ස්වාමීන්්වහන්සේ ය.

බංග්ලාදේශයේ චිතගොංග්හිදී උපත ලබන දරුවකු වයස අවුරුදු 10 ලබනවාත් සමගම සිය ගිහි ජීවිතය අත්හැරියේ ය. ඉන්පසුව ඔහු ශ‍්‍රී ලංකාවට එන්නේ මහණදම් පිරීමට හා බුදුදහම උගෙනීමේ අටියෙනි. ශ‍්‍රී ලංකාවට පැමිණි පසු ථෙරවාදී බුදුදහම හදාරන මෙම සාමණේර වහන්සේට නම ලැබෙන්නේ ‘සරණපාල හාමුදුරුවෝ’ ලෙසයි. අම්පිටියේ ශ‍්‍රී රාහුල ස්වාමීන් වහන්සේ, මහවතත්තේ පේමාලංකාර මහනායක, ආචාර්ය මැදවෙල පුණ්ණජි හිමි, බ‍්‍රාහ්මණගම මුදිත නාහිමි, මහවත්තේ කමලසිරි මහනාහිමි ඇතුළු නායක හිමිවරුන් ගණනාවකගෙන් ගුරුහරුකම් ලබන සරණපාල සාමනේර හිමිනම උපසම්පදාව ලබන්නේ අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහනාහාමියන්ගෙනි.
ගොඩඞ්වින් සමරරත්න මහතාගෙන් ද සරණපාල හිමියෝ ගුරුහරුකම් ලැබූ බව උන්වහන්සේ පවසා තිබේ.

පිරිවෙන් අධ්‍යාපනය ලැබූ සරණපාල ස්වාමීන් වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ය. එහි අධ්‍යාපනය ලබන අතරතුර උන්වහන්සේ බුුද්ධ ධර්මය, සාහිත්‍යය මෙන්ම පාලි, සංස්කෘත භාෂා ප‍්‍රවීණත්වය ද ලබාගත්තේ ය.සිංහල භාෂා, පාලි, සංස්කෘත ආදී ප‍්‍රාචීන භාෂා පිළිබඳ රාජකීය පණ්ඩිත් ගෞරව නාමය ද හිමිකරගන්නේ එමගින් ලබන ප‍්‍රවීණත්වය නිසාමය.

සරණපාල හිමියෝ කැනඩාව බලා සංක‍්‍රමණය වන්නේ ඉන්පසුවය. එරට මිසිසෝගා විහාරස්ථානයේ නේවාසිකව වැඩවිසීමට සරණපාල ස්වාමීන් වහන්සේ තීරණය කළේය. එහිදී ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සංසන්දනාත්මක ආගම් හා බටහිර දර්ශනය පිළිබඳ ගෞරවය උපාධිය ද ලබාගත්හ. එ් 2000 වසරේදීය. එම වසරේදීම එම විශ්වවිද්‍යාලයට අනුයුක්තව කටයුතු කිරීමට ද උන්වහන්සේට මඟ පෑදිණ. ඉන්පසුව බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ විශේෂවේදී උපාධිය ද අවසන් කළේ හැමිල්ටන්හි  මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයෙනි. පසුව යළිත් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයට එන උන්වහන්සේ එහිදී ආගම් පිළිබඳ ආචාර්ය උපාධිය ද අවසන් කරන අතර එම විශ්ව විද්‍යාලයේ සහය ආචාරයවරයකු ලෙස ද කටයුතු කළේය.

එදා සිට මේ දක්වා සරණපාල ස්වාමීන් වහන්සේ වැඩවෙසෙන්නේ කැනඩාවේ ය. 1976 වසරේ සිට මේ දක්වා ශ‍්‍රී ලාංකික ථෙරවාදී ස්වාමීන් වහන්සේලා 40කට ආසන්න පිරිසක් කැනඩාවේ නේවාසිකව වැඩවසමින් ථෙරවාදී ධර්ම ප‍්‍රචාරණයේ යෙදෙති. එලෙසම සරණපාල ස්වාමීන් වහන්සේ ද අවුරුදු  30කට වැඩි පැවිදි දිවියේ වසර 20ක පමණ කාලයක් ගෙවූයේ කැනඩාවේ ය. එතෙක් මෙතෙක් කාලය තුළ කැනඩාව මෙන්්ම ඇමෙරිකාවේ ද වෙනත් රටවල් ගණනාවක ද විදේශිකයන් වෙත ථෙරවාදී බුදුදහමේ හරයත්, බුදුදහමේ භාවනාවත් ඉගැන්වීමට උන්වහන්සේ් කටයුතු කරමින් සිටියි. උසස් අධ්‍යාපනය ලබන දරුවන්, වෛද්‍යවරුන්, නීතිවේදීන්, දේශපාලකයන්, පොලිස් නිලධාරීන්, විධායක නිලධාරීන්, ගිනිනිවීමේ නිලධාරීන්, හෙද නිලධාරීන්, ගුරුවරුන් ආදී ක්ෂේත‍්‍ර ගණනාවක පුද්ගලයින්ට භාවනාවට හුරු කරවීම, බුදුදහමේ හරය තුළින් මානසික එ්කාග‍්‍රතාව ළඟා කරගැනීමේ ඉගැන්වීමෙහි යෙදෙන්නේ් ය.

සතිපතා, දිනපතා සතිපපට්ඨාන, විපස්සනා භාවනා වැඩසටහන් පවත්වන උන්වහන්සේ ජාත්‍යන්තර මට්ටමේ ආගම් සමුළු සඳහා ටොරොන්ටෝව හෝ කැනඩාව නියෝජනය කරන බෞද්ධ හිමිනමක ලෙසත් භාවනා ආචාර්යවරයකු ලෙසත් ලොව පුරා කීර්තියට පත්වෙයි. මිනිසා සුවපත් කිරීම සඳහා බුදුදහමින් මගපෙන්වන කථිකයකු ලෙස ද සරණපාල ස්වාමීන් වහන්සේ 2004 වසරේදී ඔටාවාහි පාර්ලිමේන්තුවට සහභාගි වී වැඩසටහනක් පැවැත්වීම සඳහා ද ආරාධනා ලැබීය. කැනඩාවේ ක්‍්බ්ා්ථ ් ඵසබාමෙක ්බා ණසබා භ්එසදබ වැඩසටහනේ නිර්මාතෘවරයා ද වන උන්වහන්සේ නිරන්තරයෙන් පාසල්වල, උසස් අධ්‍යාපන ආයතනවල, කතෝලික දේවස්ථානවලට පවා භාවනා වැඩසටහන් කිරීම සඳහා ආරාධනා ලැබූහ. ධර්මානුකූල, සාමකාමී සමාජයක් බිහිකිරීමේ මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ ඔන්ටාරියෝ රජයෙන් සම්මානයක් ද ප‍්‍රදානය කළේය. සිසිසෝගා, බ‍්‍රැම්ටන්, ටොරොන්ටෝ ආදී කොට්ඨාස පාලනය කරන දේශපාලනඥයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, දිස්්ත‍්‍රික් පාසල් මණ්ඩල හා කතෝලික පාසල් මණ්ඩල, ද්විතියික පාසල් පාලනාධිකාරීන් වෙත භාවනා පුහුණු වැඩසටහන් දියත් කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් දායක වී සිටියි. ටොරොන්ටෝහි පොලිසියට සිය නිලධාරීන්ගේ මානසික සුවය නංවාලීම උදෙසා සරණපාල හිමියන් දැන් නැතිවම බැරිය. මෙලෙසම උතුරු ඇමෙරිකාව පුරාවට ද ඉහත සියලූම ආකාරයේ පුහුණු වැඩසටහන් කිරීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිති.

1839 සිට පැවත එන ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටු සාමාජිකයකු වන සරණපාල හිමියෝ කැනඩාවේ වාර්ෂිකව පැවැත්වෙන කැනඩාව කාරුණික රාජ්‍යයක් කිරීම පිළිබඳ සමුළුවේ ප‍්‍රධාන කථික හිමිනම ද වේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පත්වන විට යහපාලනයක් ඇති රාජ්‍ය පාලනයක් උදෙසා සරණපාල හිමියෝ බුදුදහම මූලික වූ කරුණු 10ක් ඇතුළත් යෝජනාවලියක් ද ඉදිරිපත් කර තිබුණි.

ලෝකයේ අනාගතය වන දරුවන්ගේ් මානසික සංවර්ධනය උදෙසා උතුම් මෙහෙවරක නිරත සරණපාල හිමියෝ දරුවන් වෙනුවෙන්ම සැකසූ වැඩසටහන් ද දියත් කරනු ලබයි. මේ වනවිට එම වැඩසටහන් තරුණ ප‍්‍රජාව දක්වා පුළුල් කිරීමට උන්වහන්සේට සිදුව තිබේ. ස්වේච්ඡුා තරුණ තරුණයින් එකතු කොටගෙන නිවහනක් නොමැති පුද්ගලයන්, දරුවන් වෙනුවෙන් නොමිලේ ආහාර ලබාදීමේ මධ්‍යස්ථානයක් ද උන්වහන්සේ විසින් දියත් කරමින් සිටියි. විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත දේශන ද පවත්වන උන්වහන්සේ සාමකාමී සමාජයක් බිහිකිරීමේ කාර්යයෙහි අතිශය කාර්යබහුල ය.

ථෙරවාදී බුදුදහම පදනම් කරගනිමින් ලෝකය පුරා යමින් ධාර්මික සමාජයක් බිහිකිරීමේ මෙහෙවරෙහි යෙදෙන අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත සරණපාල හිමියෝ වසර 30ක පමණ අතීතයේදී ශ‍්‍රී ලංකාවෙන් උගෙන ලෝකයට අදටත් කියාදෙන පාඩම මෙරට වෙසෙන ලාංකිකයන්ට නම් අමතක වෙමින් තිබේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-3 Untitled-2