ශ‍්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ‍්‍රිත මුහුදේ අන්දමන් හා නිකොබාර් ¥පත් සමූහය සමඟ වෙන්ව පිහිටි අභිරහස් ¥පතකි. එය ශ‍්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 700ක් පමණ දුරකින් පිහිටා ඇත. එය අහසේ සිට බැලූ කළ කාව්‍යමය සුන්දරත්වයකින් යුත් ඝන වනාන්තරයෙන් වැසී ගිය විස්මය දනවන තරමේ සුන්දරත්වයකින් යුත් වෙරළ තීරයක් ඇති ¥පතකි. ¥පත වටා පිහිටියේ අතිශය මනරම් කොරල් පර වැටියකි. සෑම පතිකඩකින්ම සොබාදහමේ අපූර්වත්වය කියාපාන මෙම ¥පත දකින සැමගේ සිත් වශීකරවන සුලූ ය. එහෙත් කාහටවත් ළඟා විය නොහැකි තරමට එය අන්තරායකර ¥පතකි. මෙය ලොව හුුදෙකලාම සහ බිහිසුණුතම ගෝත‍්‍රිකයන් වෙසෙන සෙන්ටින්ල් ¥පතයි. එය උතුරු සෙන්ටින්ල් ¥පත ලෙස හැඳින්වේ. ඔවුන් එහි වෙසෙන්නේ වසර 66000ක තරම් ඈත අතීතයක සිටයි. ශ‍්‍රී ලංකාව ආසන්නයෙන් පිහිටා ඇති එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා, කිසිදු බාහිර දේකට ළඟාවීමට ඉඩ නොදෙන, අත්හැර දමන ලද මෙම ¥පතේ අයිතිය ඇත්තේ ඉන්දියාවට ය. එහි වෙසෙන්නේ 500කටත් අඩු සීමිත ගෝත‍්‍රික පිරිසකි. සාතන්ගේ අවසාන බලකොටුව ලෙසද ඇතැමුන් සලකන, තොරතුරු අතින් අදටත් ප‍්‍රහේළිකාවක් වූ මේ ¥පත වසර ගණනකට පසුව යළිත් පසුගිය සතියේ කතාබහට ලක්වීමට පටන්ගත්තේ එහිදී සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් නිසා ය.

ජෝන් ඇලන් චාඋ 27 හැවිරිදි ඇමෙරිකානු තරුණයෙකිි. ඔහුට කුුඩා කල සෙන්ටින්ල් ¥පත ගැන කියවන්නට ලැබිණි. එදා සිට ඔහුගේ සිතේ පැළපදියම් වී තිබුණේ සෙන්ටින්ල් ¥පතට යන ත‍්‍රාසජනක ගමන ගැන ය. ඔහුගේ මනස තුළ නිරන්තරයෙන් එ් පිළිබඳ අදහස් ගැටුමක් වූූ බව මිතුරෝ පවසති. ජෝන් ක‍්‍රීඩා ඖෂධ සම්බන්ධ උපාධිධාරියකු වන අතර දකුණු අප‍්‍රිකාව හා ඉරාකයේ පාපන්දු වැඩසටහනක ස්වේච්ඡුා සේවකයකු ලෙස ද කටයුතු කර තිබී ඇත. ඔහුගේ සෙන්ටින්ල් ත‍්‍රාසජනක ගමන නිසා ඔහු පෙම්වතියන්, ආදරය කිරීම පවා ප‍්‍රතික්ෂේප කළ බව පැවසේ. ජෝන් මිසුරීහි කනාස් නගරයේ කි‍්‍රස්තියානි මිෂනාරී සමූහයකට බැඳී ඇත්තේ මෑතකදී ය. මෘදු  ලෙස කතාකරන, සංවේදී හදවතක් ඇති තරුණයකු ලෙස මිෂනාරි සමූහයේ ජෝන් ප‍්‍රසිද්ධය. මෙම මිෂනාරි සමූූහය සිය ස්වේච්ඡුා සාමාජිකයන් රටවල් 44කට ධර්ම¥ත මෙහෙවර සඳහා යැවීමට සැලසුම් කර තිබේ. ජෝන්ට අවශ්‍ය වූයේ තවමත් ශිෂ්ටසම්පන්න නොවූ, මිනිසුන් ළඟා නොවූ හුදෙකලා කණ්ඩායම්, ගෝත‍්‍රිකයන් වෙත ධර්ම¥ත මෙහෙවරේ නිරත වීමට බව ජාත්‍යන්තර විධායක ප‍්‍රධානි මේරි හෝ පවසා තිබිණි. ඔහුට අවශ්‍ය පුහුණුව හා සහය ලබාදුන්න ද සෙන්ටින්ල් ¥පතට යන ගමන ගැන ඔවුන්් අනතුරු අඟවා තිබේ. ජෝන් එවිට පවසා ඇත්තේ ඉන්දියාවට සංචාරකයකු ලෙස ගොස් කෙසේ හෝ සෙන්ටින්ල් ¥පතේ මිනිසුන්ගෙන් ඔවුන්ගේ භාෂාව අවුරුදු ගණනාවක් සිට හෝ තමන් ඉගෙන ගන්නා බව ය.

කෙසේ හෝ ජෝන් ඉන්දියාවට පැමිණ ඇත. මිෂනාරි හැඳුනුම්පතක් නැතිව වුවද ඔහු කිසිදු නීතියක් කඩනොකොට සිටි බව ඉන්දීය රජය පවසා තිබේ. එ් ඔක්තෝබර් 16 වැනිදා වනවිට ය. නමුත් ජෝන් අනතුරුව පසුගිය සති දෙක තුන තුළ සෙන්ටින්ල් ¥පත වටා රවුම් ගැසුවේ ය. එ් අවට මුහුදේ මුර සංචාරයේ යෙදෙන නාවික හමුදා සාමාජිකයන් මඟහැර ¥පතට යා හැක්කේ කෙසේදැයි හොඳහැටි සොයාබැලීමටය. අවසානයේ එනම් නොවැම්බර් 14 වැනිදා ඔහු සංචාරකයන්ට කිසිසේත්ම තහනම් හා අන්තරායකර කලාපයක් ලෙස සැලකෙන සෙන්ටින්ල් ¥පතට ගියේ ය. එ්  එම ස්ථානයට තමා ගෙන යාමට ධීවරයන් 7 දෙනකු අසීරුවෙන් කැමති කරවාගැනිමෙනි. සමාජ ජාලය වෙත ඔහුගේ දිනපොතේ සටහන් මුදාහැර ඇති අතර ජෝන් සෙන්ටිනෙලිස් ගෝත‍්‍රිකයන් තමා පිළිගත් ආකාරය සටහන් කර තිබී ඇත්තේ මෙසේයි. ‘පළමු දිනයේ මා දුටු වහාම ඔවුන්ගෙන් ගැහැනු කෙනකු මහ හඬින් කෑගහන්නට පටන් ගත්තා.

ඉන්පසුව මා ඔවුනට කෑ ගැසුවා මගේ නම ජෝන්. මම ඔයාලට ආදරෙයි ජේසුත් ඔයාලට ආදරෙයි’ කියලා. ”දෙවන දිනයේදී මම ඔවුන්ට පුංචි තෑගි වගයක් ගෙනිච්චා. මම උත්සහ කළා එ්ක දෙන්න. මල් හා කොළ ආදියෙන් තැනූ ඔටුන්නක් දාගත් ගෝත‍්‍රිකයෙක් මට කෑගසා විද්ද ඊතලයකින් බයිබලය හිල්වුණා.

නමුත් ධීවරයන්ගේ ප‍්‍රකාශයට අනුව ජෝන්් ඊළඟ දිනයේදී එම ¥පතට ළඟා වන විට එහි වෙසෙන ගෝත‍්‍රිකයන් ඔහුගේ දෙසට දැල්වූ ඊතල හා ගල් ප‍්‍රහාර එල්ල කර තිබේ. ඊතල පහරින් ජෝන් මියයන්නට ඇතැයි සැකකෙරේ.

ජෝන්ගේ සංචාරය පුරාවට ඔහු ගත් ඡුායාරූප සමාජ ජාල ඔස්සේ ප‍්‍රචලිත විය. එ් අනුව ඔහු පවසා තිබුණේ එම ගෝත‍්‍රිතයන් කි‍්‍රස්තියානු ආගම ඇදහීමේ ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත්කිරීමේ අරමුණින් ධර්ම¥තයකු ලෙස ඔහු එ් වෙත ගිය බව ය. ඔහුගේ සිරුර තවමත් ලැබී නොතිබූ අතර විමර්ශනය දියත් කිරීම සඳහා එම ¥පතට යාමට ඉන්දීය රජය තරමක් පසුබෑමක නිරත වූ  බව පෙනෙන්නට තිබුණි. එ් අන්දමන් සෙසු ¥පත්වල සිටින ගෝත‍්‍රිකයන්  සමඟ කටයුතු කර තිබුණ ද එම ¥පත්වලට හඳුන්වා දී තිබූ නීති කිසිවක් මෙම ¥පතට නොතිබීමයි. මේ හේතුවෙන් කණ්ඩායමක් එ් වෙත පිටත් කර හැරීමේ අවදානම් මෙන්ම නීතිමය ගැටලූ ද පැනනැගී තිබුණි. ජාත්‍යන්තර බලපෑම හමුවේ ඔවුන් සිරුර සොයාගැනීම සඳහා විමර්ශන ඇරඹීමට තීරණය කර තිබුණ ද පසුව ක‍්‍රමයෙන් මතුවන්නට  වූ කරුණ වූයේ ජෝන් මියගොස්  නොමැති බවය. ඔහු ¥පත තුළ ගෝත‍්‍රිකයන්ගෙන් සැඟවී හෝ මතකය ගිලිහී ඔවුන් සමඟ සිටින බවට ද සැක පළවන්නට විය. ඇමෙරිකානු කණ්ඩායමක් හා වෙනත් කණ්ඩායම් කිහිපයක් එහි ගොස් තිබුණ ද ගෝත‍්‍රිකයන්ගේ ඊතල ප‍්‍රහාර එල්ල කිිරීම හේතුවෙන් නිලධාරීන් පසුබෑමට ලක්ව ඇත. ඉන්දීය පොලීසිය මේ වනවිට විමර්ශන කළ යුතු ප‍්‍රදේශ සිතියම්ගත කර විමර්ශන ආරම්භ කර තිබේ.

උතුරු සෙන්ටින්ල් ¥පතට අයත් කුඩා ¥පත් ගණන 5කි. එ් සියල්ලෙහි මුළු වර්ගඵලය වර්ග කිලෝමීටර් 60ක් තරම් වේ. මෙම ¥පතේ සෙන්ටින්ල් ගෝත‍්‍රිකයන් වෙත පුද්ගලයන් ළඟා වූ අවස්ථා ඇත්තේ 11ක් තරම් සීමිත වාර ගණනකි. ඔවුුන් සම`ඟ මිතුුරු වමේ අටියෙන් වරක් ගිය ධීවරයන් දෙදෙනකුට ඔවුන් පහරදීමට පටන් ගැනීමේ ප‍්‍රතිඵලය වූයේ ගෝත‍්‍රිකයන් දෙදෙනකු මියයාමයි. එදා සිට සෙන්ටිනිලිස්ලාගේ ප‍්‍රතිචාරය අතිශය බිහිසුණු බව ගවේෂකයන් පවසා තිබේ. 2004 දී ඇතිවූ සුනාමි තත්ත්වය අතරතුර ගුවනින් නිරීක්ෂණ හා ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරත වූ හෙලිකොප්ටර් යානයක් සෙන්ටින්ල් ¥පත මතින් පියාසර කරද්දී එහි සිටි ගෝත‍්‍රිකයකු ගිනි දැල්වූ ඊතල යානයට එල්ල කළ බවට ගුවන් නියමුවා පවසා තිබිණ. ඔහුගේ ඡුායාරූපයක් ද පසුුව අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

සෙන්ටිනිලිස්ලා සමග යහපත් ගනුදෙනුවක් තත්පර කිහිපයකට හෝ කිරීමට කිසියම් පුද්ගලයකුට හැකි වී නම් එ් එක්වරක් පමණි. සෙසු සියලූම අවස්ථාවල විඳින්නට සිදුවී ඇත්තේ අතිශය බිහිසුණු සිදුවීම් ය. සෙන්ටින්ල් ගෝත‍්‍රිකයන් සමඟ එලෙස කෙටි ගනුදෙනුවක් කළ හැකිවූ එකම පුද්ගලයා මානවවිද්‍යාඥයකු වන ටී.එන්.පණ්ඩිත් ය. දැන් ඔහුු 84 වියැති ඉන්දීය ගෝත‍්‍රික සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ කලාපීය ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. 1960දී පමණ ඔහුට එම අවස්ථාව ලැබී තිබුණි. ”මා හට ඔවුන් සමඟ සම්බන්ධවීමට ගත්් බොහෝ උත්සාහයන් අවසානයේදී සාර්ථක වූයේ එක් අවස්ථාවක් පමණයි. මා ඔවුනට ආහාර තෑගි ලෙස දුන්නත් අනෙක් පැත්තට ඔවුන් වහා මට පහර දෙන්නට වුණා. මා පලා ගියා. එදා සිට අද දක්වා මා ඔවුන් සමඟ සම්බන්ධ වීමට උත්සහ කළෙත් නෑ. කිසිවකුට එහි පය තැබීමටවත් මා අනුමත කරන්නෙත් නෑ. ජෝන් කරගත්තේ වරදක්. ඔහුගේ මුරණ්ඩුකම නිසා විපතට පත්වුණා මිසක් ඔහුට ගැලවී එන්නට තිබුණා.” ඔහු පවසයි. එතෙක් මෙතෙක් සෙන්ටිනිලිස්ලා සමඟ සබඳතා පවත්වා ජීවත්ව සිටීමට වරම් ලද එකම පුද්ගලයා ලෙස ඔහු සැලකේ.

සෙන්ටින්ල් ¥පත අදටත් අභිරහසකි. ලොව බිහිසුණුතම හා හුදෙකලාම ගෝත‍්‍රිකයන්ගේ වාසභූමිය වූ මෙම සුන්දර ¥පත ඇතැමුන් හඳුන්වන්නේ ‘මිනිස් සත්වෝද්‍යානය’ ලෙසය. ඔවුන් කතාකරන භාෂාව ලොව හඳුනානොගත් භාෂාවක් ලෙස නම් කර ඇත. ඉහත මානව විද්‍යාඥයාෙගේ පර්යේෂණ තුළ දී ඔවුන්ගේ වචන 3ක් පමණක් උකහා ගැනීමට හැකිවුණත් ¥පත අසල වෙසෙන සෙසු අන්දමන් ¥පත්වල ගෝත‍්‍රිකයන්ට හෝ ඔවුන්ගේ භාෂාවලට මෙහි කිසිදු සමානකමක් නොමැති බවට හඳුනාගෙන තිිබේ. අන්දමන් ¥පත්හි ගෝත‍්‍රික කණ්ඩායම් හා නිරන්තරයෙන් සම්බන්ධ වීමට හැකි වුවත් සෙන්ටිනිලිස්ලා හාත්පසින්ම වෙනස් ය. සෙන්ටින්ල් ¥පත යනු වසර දසදහස් ගණනක සිට අදටත් ලෝකයේ ඇති අතිශය අභිරහස් ¥පත බවට සැලකීම පුදුමයක් නොවේ.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-6 Untitled-7 Untitled-8 Untitled-9 Untitled-10 Untitled-11