කන්ගනා සහ රාජ් කුමාර් එකම චිත‍්‍රපටයක

බොලිවුඩයේ තාත්වික රංගනයක යෙදෙන නළු නිළියන් අතරින් ඉදිරියෙන්ම සිටින යුවළක් තමයි කන්ගනා සහ රාජ් කුමාර් රා ඕ. නමුත් මේ යුවළ අද වනතුරුත් එකම චිත‍්‍රපටයක නම් දැක ගන්නට ලැබී නෑ. හැබැයි නුදුරේදීම ඒ වාසනාවත් පේ‍්‍රක්ෂකයාට හිමි වන බව තමයි බොලිවුඩයෙන් එන ආරංචිවලින් කියැවෙන්නේ. Prakash Kovelmudi අධ්‍යක්ෂණය කරන Mental Hai Kya චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ කන්ගනා සමගින් රාජ් කුමාර්.

ස්වීටි සිං සහ කබීර් නම් මානසික රෝගීන් දෙදෙනකු සහ ඔවුන්ගේ පවුල් වටා ගෙතෙන මෙම කතාව නිෂ්පාදනය කරන්නේ ඒක්තා කපූර් විසින්. මේ වන විට චිත‍්‍රපටයේ මුල් රූගත කිරීම් මුම්බායි හිදී සිදු කෙරෙන අතර එහි ඉතිරිය ලන්ඩනයේ රූගත කිරීමටයි නිශ්පාදක කණ්ඩායම සූදානම් වී සිටින්නේ. මීට අමතරව ජිමී ශෙර්ගල්, රිශිතා භාට්, අමීරා දස්තූර් වැනි ප‍්‍රවීණ නළු නිළියන් රැුසක් මීට රංගනයෙන් දායක වනවා.  Mental Hai Kya චිත‍්‍රපටය ලබන වසරේ මාර්තු මාසයේ තිරගත කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්.

Untitled-1කාර්තික්ට 28යි  

කාර්තික් ආර්‍යාන් කියන්නේ වර්තමාන බොලිවුඩයේ නැගී එන තරුණ නළුවෙක්. පරපුරෙන් පරපුරට නළුකම උරුම වූ බොලිවුඞ් නළුවන්ට අභියෝග කරන්නට තරම් සමත් රංගන හැකියාවෙන්, නර්තන හැකියාවෙන් මෙන්ම තරු ගුණයෙන්ද පිරිපුන් කාර්තික් පසුගිය නොවැම්බර් විසි දෙවැනිදා සිය 28 වැනි උපන්දිනය සැමරුවා. මේ ප‍්‍රවෘතිය ඔහුගේ උපන්දිනය ගැන නම් නොවේ. කාර්තික් රංගනයෙන් දායක වන නවතම සිනමා පටය Luka Chuppi හි රූගත කිරීම් මේ දිනවල මතුරා නගරයේ සිදු කෙරෙනවා.රූපවාහිනී වාර්තාකරුවකුගේ ආදර කතාවක් පාදක කරගෙන නිපදවෙන මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය ලෙසින් රංගන දායකත්වය ලබා දෙන්නේ ක‍්‍රිතී සෙනන්. ඊට අමතරව පන්කජ් ත‍්‍රිපාටී සහ විනේ පාඨක් මෙහි ප‍්‍රධාන චරිත ස`දහා දායකත්වය ලබා දෙනවා. ක‍්‍රිතී සහ කාර්තික් දෙපළම ඔවුන්ගේ අවසන් සිනමා නිර්මාණ තුළින් ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ලැබූ නළු නිළි යුවළක් නිසාම මෙම නිර්මාණය කෙරෙහි පේ‍්‍රක්ෂක විචාරක සියල්ලන්ගේම අවධානය යොමුවී තිබෙනවා. ලබන වසරේ මාර්තු මාසයේ අග තිරගත වීමට නියමිත මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂණය Laxman Uttekar විසින්.

Untitled-3නේහා ධූපියාට දියණියක්  

2002 වසරේ ඉන්දියානු රූ රැුජින ලෙස කිරුළ පැල`දි නේහා ධූපියා බොලිවුඞ් රසික ඔබට නම් අමතක නොවන චරිතයක්. සුරූපී බව මෙන්ම දක්ෂ රංගන හැකියාවක් ද ප‍්‍රකට කළ නේහා පසුගිය වසරේ හොදම සහාය නිළියට හිමි  Screen සම්මානය දිනා ගත්තේ Thumhari Sullu චිත‍්‍රපටය වෙනුවෙන්.

38 වැනි වියේ පසුවූ ඈ පසුගිය මැයි මාසයේ හදිසියේම සිය පෙම්වතා වූ අංගත් බේඩි ගේ අත ගැනීම තරමක් ආන්දෝලනාත්මක පුවතක් වුණා. බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කළේ ඈ ගැබිනියක් වූ නිසා හදිසියේම විවාහ වූ බවයි.

කෙසේ නමුත් මේ කටකතාව සත්‍යයක් බව පසක් කරමින් විවාහයෙන් මාස හයක් ගත වීමටත් ප‍්‍රථම ඈ පසුගිය නොවැම්බර් 18 වැනිදා හුරුබුහුටි දියණියක ලොවට ජනිත කළා. ඈ සිය සුරතල් දියණිය මෙහේර් ධූපියා බේඩි සහ සිය සැමියා සමග සිටින ආදරණීය ඡුායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. ඇගේ රසිකයන් මෙන්ම බොලිවුඩයේ සුපිරි තරු රැුසක්ම නේහා – අන්ගත් යුවළට අන්තර්ජාලය හරහා සුභපැතුම් එක්කර තිබෙනු දක්නට ලැබුණා.

චරිත් මොරගොඩ

Untitled-2