තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී සහ දිගට තියා ගන්න හැම කාන්තාවක්ම උත්සාහ කරනවා. අඩු කාලයකින් දැනට තිබෙන කොණ්ඩය ඉතා හොඳ තත්ත්වයකට පත්කර ගන්න කැමති නම් ඒ ස`දහා නිවසේදීම කරගන්න පුළුවන් අපූරු ක‍්‍රමවේද කිහිපයක් අපි පහතින් ගෙන එනු ලබනවා. කාන්තාවට පමණක් නෙවෙයි පිරිමි අයටත් මේවා අත්හදා බලලා තමන්ගේ කොණ්ඩය ලස්සනට හදා ගන්නට අවස්ථාව තියෙනවා.

රෝස වතුර භාවිතය
සමේ පැහැපත් බවට වගේම හිසකෙස් නීරෝගිව තබා ගන්නටත් රෝස වතුරෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගන්නට පුළුවන්. රෝස පෙති මඳ උණු වතුර දමා ටික වෙලාවක් තියලා ඒ වතුර අරගෙන ෂැම්පු එක්ක කවලම් කරලා ස්නානය කිරීමෙන් හිසකෙස් සුමුදු සහ දිලිසෙන සුළු බවක් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කන්ඩිෂනර් එකක් විදියට රෝස වතුර පාවිච්චි කිරීමෙන් හිසකෙස්වලට දීප්තිමත් බවක් සහ මනා සුවඳක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.

ඩැමේජ් වෙච්ච හිසකෙස්වලට බේතක් විදියට රෝස වතුර කෝප්පයකට විටමින් ඊ සහ ජොජෝබා තෙල් බිංදු කිහිපයක් එකතු කරලා හොඳින් කවලම් කරලා තෙත කොණ්ඩයෙන් සිටියදී ගල්වා මසාජ් කර විනාඩි දහයක් විතර ඉඳලා සෝදා හරින්න පුළුවන්.

කෝමාරිකා ප‍්‍රතිකාරය
කෝමාරිකා කියන්නේ සියවස් ගණනක සිටම හිසකෙස් වර්ධනය සඳහා ලොව විවිධ රටවල භාවිත වන ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රමයක්. මෙය හරහා හිසකෙස්වල වියළි ස්වභාවය නැතිකර දිලිසෙන සුළු තෙත් සහිත බවක් ලබා දෙන්නට හැකියාව ලැබෙනවා. කෝමාරිකා යුෂ වෙන්කරගෙන දෙහි යුෂ දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හරින්න. ඉන් අනතුරුව සුළු ප‍්‍රමාණවලින් පොල්තෙල් සහ පොල්කිරි මිශ‍්‍ර කර හිසේ ආලේප කරන්න. කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීමෙන් ද හිසකෙස් වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ශරීරයට ලබා ගන්නටද පුළුවන්.

පොල් තෙල්වලට උළුහාල් එක් කරන්න
ඔබ හිසේ පොල්තෙල් ආලේප කරනවා නම් එයට උළුහාල් එක් කිරීමෙන් එය වඩාත් පෝෂ්‍යදායී කරගන්නට පුළුවන්. බටහිර විද්‍යාව මේවා හොයා ගන්නටත් පෙර තමයි අපේ මුතුන් මිත්තන් පොල්තෙල් හිස ගැල්වීමේදී උළුහාලූත් ඊට එක්කර ගත්තේ. ඔබ පොල්තෙල්වලට අකමැති නම් උළුහාල් ඇට කුඩුකර ජලයට මිශ‍්‍රකර හිසේ ආලේප කිරීමෙන්ද හිසකෙස් වර්ධන වේගය වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. මේ සඳහා උළුහාල් ඉතා ස්වල්ප ප‍්‍රමාණයක් තිබීම හොඳටම ප‍්‍රමාණවත්.

හිසකෙස්වලට කිරි පෝෂණය ලබා දෙන්න
හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය හොඳින්ම ලබාගන්න පුළුවන් ක‍්‍රමයක් තමයි කිරි කියන්නේ. කිරි පිටතින් ආලේප කිරීමෙන් තමයි ඉතා වේගයෙන් හොඳ ප‍්‍රතිපල ලබාගන්නට හැකියාව තිබෙන්නේ. මේ සඳහා යෝගට් සමග බිත්තරයක් මිශ‍්‍ර කරලා හිසෙහි විනාඩි විස්සක් පමණ ආලේප කර තබා සෝදා හරින්නට පුළුවන්. ඒ වගේම එයට මීපැණි හෝ ඔලිව් තෙල් ස්වල්පයක් මිශ‍්‍ර කර ගන්නට හැකි නම් ඔබට දීප්තිමත් හිස කෙස් කළඹක් ලබා ගන්නට පුළුවන්. මෙය සතියකට සති දෙකකට වරක් පමණ කිරීමෙන් ඔබට වඩාත් හොඳ ප‍්‍රතිඵල ලැබේවි.

දවසකට දෙවරක් හිස පීරන්න
දවසට දෙපාරක් දත් මදිනවා වගේ කොණ්ඬේ පීරන්න අමතක කරන්න එපා අපිට නිතර සම්බාහනයන් හිසට ලබාදීමට හැකියාව නොමැති නිසා ඉතා පහසුවෙන්ම ලේ ගමනාගමනය සකසා ගන්නට පිළිවන්.

නිල්මි තේනුවර