මේෂ ලග්නය
මිශ්‍රඵල සහිත සතියකි. බලා‍පොරොත්තු සඵල වේ. අධ්‍යාපනයේ නියැළෙන්නන්ට ශුභඵල ළඟා කර ගත හැකි වේ. සාමයෙන් කටයුතු කරයි. හවුල් කටයුතුවලින් ලාභ ලැබේ. නිර්මාණශීලී කටයුතුවලට සිත් යොමු වේ. රැකියාවට අමතරව පරිබාහිර කටයුතුවලට ප්‍රමුඛතාව දෙයි. විදෙස්ගත ශිෂ්‍යත්ව හෝ වෙනත් ලාභ ලැබිම්වලට හේතුයි. විවාහය ආදරය ප්‍රේමය නව ආරකින් ඉස්මතු වේ. මධුමේහය රුධිර පීඩනයේ වෙනස්කම් ඇතිවීමට හැකි වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය
ශුභඅශුභ මිශ්‍රඵල සහිත වේ. අදහස් වේගවත් වේ. අපේක්ෂිත ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ. ව්‍යාපාරිකයන්ට ශුභ කාලයකි. හවුල් ව්‍යාපාරවලදී ඉවසිලිවන්තව කටයුතු කළ යුතු වේ. සාර්ථක උපක්‍රම තුළින් වාසි ලැබේ. පවු‍ලේ උත්සව අවස්ථාවකට සහභාගි වීමට සිදුවේ. දුර ගමන් යෙදේ. නිශ්ඵල වියදම් ඇති වේ. ගෙල අස්ථි ගත රෝග හෝ හිසෙහි රෝග සෙම් සහිත රෝග සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය

මිශ්‍රඵල සහිත වේ. අනාගත බලා‍පොරොත්තු කෙරෙහි විශ්වසාය තබයි. මුදල් ඉතිරි කිරීමට ශුභ කාලයකි. හවුල් ව්‍යාපාර තුළින් වාසි ලැබේ. සාමය ආරක්ෂා කරයි. මිතුරන් ඇසුරට ලැබේ. අන් අයට ඇහුම්කන් දෙයි. තැන්පත් ධනය වර්ධනය වේ. උත්සාහයට වඩා ප්‍රතිඵල ලැබේ. සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වන්නන්ට යහපත් ප්‍රතිඵල ලැබේ. ‍ලේ විෂවීම් මූත්‍රා ආසාදන වැනි රෝග සැදීමට පුළුවන.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍රඵල සහිත වේ. තම මතයේම සිට කටයුතු කිරීමෙන් ගැටලු ඇති කර ගනී. ඉක්මන් කෝපය හේතුවෙන් මිතුරන් නැති වේ. වෙනදාට වඩා අහංකාර සිතුවිලි පහළ වේ. ඉලක්ක සහ අරමුණු තුළින් සාර්ථක ප්‍රතිලාභ ලැබේ. පරිබාහිරව කටයුතු කරන්නන් සමගම ඉවසිලිවන්තව කටයුතු කරන්න. අන්‍යයන් සමග උසුළු විසුළු සහ කතාබහ තුළින් ගැටලු ඇති වේ. ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී වන්න. වාත රෝග, උදරයේ දාහය හෝ හෘද රෝග වැනි රෝගවලට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
මිශ්‍රඵල සහිත වේ. තම මතයේම සිට කටයුතු කරයි. වෙනදාට වඩා පරිබාහිර පුද්ගලයින් සමග කටයුතු කිරීමට සිදුවේ. තම අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට හැකි වේ. රැකියාවේදී හෝ ව්‍යාපාරවලදී ක්‍රියාශූරව කටයුතු කරයි. දුර ගමන් යෙදේ. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු වේ. ආගමික කටයුතුවලට නැඹුරු වේ. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ වේ. පපුවේ දැවිල්ල අක්ෂි රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
ශුභ අශුභ මිශ්‍රඵල සහිතයි. තම ඥානය මෙහෙයවා කටයුතු කරයි. බුද්ධියෙන් මුදල් උපයන්නන්ට යහපත් සතියකි. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් වේ. රැකියාවේ උසස්වීම්වලට හේතු වේ. නිතර ගමන් බිමන් යෙදේ. නිශ්ඵල වියදම් සහිත වේ. තැන්පත් ධනය ශක්තිමත් වේ. විදේශ රැකියාවන්ට හේතු වේ. නිශ්චල දේපළ මිලට ගැනීමට සුදුසු වේ. ස්නායු රෝග සන්ධි ගත රෝගවලට බොහෝ විට හේතු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍රඵල සහිත වේ. තම අනාගත ඉලක්ක කරා නිහඬව ගමන් කරයි. දැඩි කැපවීමෙන් කටයුතු කරයි. පිටස්තර අය සමග සහයෝගයෙන් කටයුතු කරයි. විදෙස් ගත රැකියාවන්ට ශුභ වේ. ඇසුරු කරන්නන් කෙරෙහි කලකිරීම් ඇති වේ. චංචල නිශ්චල දේපළ මිලදී ගැනීමට ශුභ වේ. කලාකාමී අදහස් වර්ධනය වේ. ආමාශගත රෝග ආහාර අජීර්ණ ගති ඇතිවීමට ඉඩ පවතී.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිශ්‍රඵල සහිත වේ. ජීවිතය ජය ගැනීමට වැඩිපුර වෙහෙසක් දරයි. රැකියාවට වඩා නිර්මාණ කුසලතා වර්ධනය වේ. ඉලක්ක හා අරමුණු සාර්ථක කර ගනී. මතෛක් අතපසු වූ කටයුතු නැවත සකස් කර ගනී. අන් අයගේ අවශ්‍යතා මත කටයුතු යෙදෙන අතර මතවාද ගෙන දීමට ඉඩ කඩ ඇත. ප්‍රිය සාදවලට සහභාගිවීමට ලැබේ. භූමිලාභවලට හේතු වේ. සන්ධිගත රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍රඵල සහිත වේ. තම දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. වැය පස ඉහළ යයි. අනවශ්‍ය වියදම්වලට හේතු වේ. උත්සව සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබේ. නව මිතුදම් වර්ධනය වේ. තරගවලින් ජය ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා අමතර වියදමක් දැරීමට සිදුවේ. පරිබාහිර පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම්වන්න. මූත්‍රා ආශ්‍රිත රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍රඵල සහිත වේ. අදහස් තුළින් අන්‍යයන් අතර කැපී පෙනෙයි. මුල් ගැන ගැනීම අපේක්ෂාව වේ. කරන කියන කටයුතුවල නිමාවක් දැකීමට හැකි වේ. රාජකාරි ස්ථානවල වැඩි බලතල ලැබෙයි. හදිසි ධන ලාභයන්ට හේතු වේ. නීතිමය ගැටලු ඇතිවීමට පුළුවන. චංචල හෝ නිශ්චල දේපළ මිලදී ගැනීමට ශුභ කාලයකි. සන්ධිගත රෝග කර්ණ ආශ්‍රිත රෝගවලින් සැලකිලිමත් වන්න.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
මිශ්‍රඵල සහිත වේ. බුද්ධිමත්ව කටයුතු කරයි. විශ්වාසය වර්ධනය වේ. තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි වන්නන්ට ශුභ ප්‍රතිඵල ලැබේ. හැකියාවට හා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලැබේ. පැරණි හිත මිතුරන් සමග නැවත සබඳතා ඇති වේ. විනෝද කටයුතු සඳහා වැඩිපුර වියදම් වේ. සෙම් රෝග, හතිය, ඇදුම වැනි රෝග සඳහා හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍රඵල සහිත වේ. නොසැලෙන ගති ඉස්මතු වේ. අධ්‍යාපනය ලබන්නන්ට සුබ වේ. ව්‍යාපාරිකයන්ට වඩාත් ශුභ කාලයකි. ප්‍රීති උත්සව ප්‍රිය සාදවලට සහභාගි වේ. බාහිර පුද්ගලයන්ගේ සහයෝගය ලැබේ. හදිසි ධන ලාභ ලැබේ. නව හිත මිතුරන් ඇසුරට ලැබේ. උෂ්ණ රෝග මලබද්ධය වැනි රෝගවලට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee