මෙම ලිපිය හරහා ජ්‍යොතිෂයේ පවතින කුජ දෝෂය සහ ඉරණම් රේඛාව අතර ඇති සබ`දතාව පිළිබ`ද සැකවින් කරුණු දැක්වීමට කල්පනා කළා. බොහෝ දෙනකු කුජ දෝෂය පිළිබ`ද වඩාත් සැලකිලිමත් වන්නේ එය විවාහයට බෙහෙවින් බලපාන යෝගයක් වන නිසා. කුජ දෝෂය පවතින අයෙකුගේ විවාහය ගැටලූකාරී වන අතර ඇතැම් අවස්ථාවලදී අනිවාර්ය දික්කසාදවීම් දකින්නට පුළුවන්. සමහරු මෙම දෝෂය කේන්දරයක පවතින විශාලතම ගැටලූව වශයෙන්ද හ`දුන්වන්නේ මෙහි පවතින බලපෑම හේතුවෙන්. මේ වන විට පුද්ගලයන් දස දහසකට අධික පිරිසකගේ හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් ලද අත්දැකීම් අනුව ඉරණම් රේඛාවේ පිහිටීම හා කුජ දෝෂය අතර සමීප සබ`දතාවක් පවතින බව මා කළ සමීක්ෂණයකින් වැටහී ගියා.

මේ සමීක්ෂණය ස`දහා සෘජු ඉරණම් රේඛා සහිත පුද්ගලයන් 200කගේ පමණ හස්ත රේඛා මෙන්ම කේන්ද්‍ර සටහන් පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව පැහැදිලි වූ කරුණක් වන්නේ සෘජු  ඉරණම් රේඛාවක් සහිත පුද්ගලයන්ගෙන් 90% පමණ කුජ දෝෂය පවතින බව පෙන්නුම් කළා. ඒ වගේම 8% පමණ පිරිසකගේ කුජ- ශනි යෝගය කුජ -සිකුරු යෝගය හෝ කුජ -චන්ද්‍ර යෝගය පවතින බව පෙන්නුම් කළා. මෙහිදී ඉරණම් රේඛාව පිළිබද වෙනමම කරුණු දැක්විය යුතු වනවා.
kasun-samarakon
සෘජු ඉරණම රේඛාවේ බලපෑම
සෘජු ඉරණම් රේඛාව හරහා හො`ද ආත්ම ශක්තිය සහිත පුද්ගලයන් බිහිකරනවා. මෙම පුද්ගලයන්ගේ මාන්නයද ඉහළින්ම පවතිනවා. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී තමන්ගේ මතයම පමණක් ක‍්‍රියාත්මක කිරීමට පෙලඹෙනවා. මොවුන්ට තනිවම වැඩ කිරීම පහසු වන අතර හවුලේ කටයුතුවලදී ආරවුල් ඇති කර ගැනීමද දකින්නට පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ සහකරුවන් සමග ගැටුම් ඇති කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී විවාහය හෝ ආදර සබ`දතාවල ගැටලූ වරින්වර මතුවෙනවා. ඒ වගේම මොවුන් යම් අරමුණු වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමට ආරම්භ කළොත් ඒ අරමුණු ඉෂ්ට කරගන්න තෙක්ම සටන් කරන ස්වභාවයක්ද පෙන්නුම් කරනවා. මේ නිසා කෙනෙකුගේ අතක ඉරණම් රේඛාව සෘජුව පවතිනවා නම් ඒ පුද්ගලයාගේ කුජ ග‍්‍රහයා බලවත්ව කේන්දරයේ ක‍්‍රියාත්මක වන බව වටහා ගත යුතු වෙනවා.