යම් කාර්යයක් ආරම්භ කිරීම සුබ මුහුර්තයකට සිදු කිරීම සාමාන්‍ය සිරිත වේ. වර්තමානයේ නැකතකට යම් කාර්යයක් ආරම්භය සිදුකිරීම චාරිත‍්‍රයක් සේ කළ යුතු යැයි සිතා කරනවා මිසක් සුබ නැතතේ ආරම්භ කරනා නව කටයුක්තට කොතරම් බලයක් ශක්තියක් ලබා දෙන්නේද යන්න පිළිබ`දව අවබෝධයක් නැත. අප පැරැුන්නන් තම සියලූ කාර්යයන් ඉටුකිරීම ස`දහා සුබ මුහුර්ත යොදා ගෙන තිබෙන අතර ඔවුන් නැකතේ ඇති ශක්තිය සම්බන්ධව හො`ද අවබෝධයක් ද සහිත විය. මනා අවබෝධයෙන් යුතුව නැකතට අනුව කාර්යය ආරම්භය තුළින් ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්වන බව පැරැුන්නන් දැන සිටියහ. සුබ මුහුර්තය හා සම්බන්ධව කළ යුතු යම් යම් කටයුතු දේවතාවන් සිහිකිරීම හා බැ`දුණු කටයුතු ඔවුන් සිදු කළහ. අප පැරැුන්නන් තම ගොවිතැන සාර්ථක පලදාවක් ලබා ගැනීම මෙන්ම වන සතුන්ගෙන් ගොවිතැන රැුක ගැනීම යන කටයුතු සඳහා සුබ මුහුර්ත යොදා ගෙන ඇත. මෙම ඉතා දියුණු ජ්‍යොතිෂ දැනුම හෙළයන්ට ආවේණික වූ ජ්‍යෝතිෂ ක‍්‍රමවේදයන් හරහා නැකැත් සම්පාදනය කර භාවිතා කර ඇත. ඉන්ද්‍ර ගුරුලූව යම කාලය ද`ඩු මරණය පංච පක්ෂි යන හෙළ ජ්‍යොතිෂ දැනුම අප පැරැුන්නන් මනාව භාවිත කර ඇත. වර්තමානය වන විට සැ`ගවී ගොස් ඇති මෙම ශාස්ත‍්‍රයන් භාවිතයට ගෙන කටයුතු කරනා දක්ෂ ජ්‍යොතීර්වේදීන් අප‍්‍රකට අන්දමින් සිටිති.

විවිධ කාල වකවානුවල දී ඇතිවූ විවිධ ජාතීන්ගේ ආක‍්‍රමණ හා පාලන ක‍්‍රමවේදයන් තුළ අප රටේ පැවති මෙම වටිනා ශාස්ත‍්‍රය හෑල්ලූ කර මිථ්‍යාවක් ලෙස සමාජ ගත කළහ. එම පාලකයන්ගේ අධ්‍යාපන රටාව මත ගොඩනැගුණු නව පරම්පරාව කෙමෙන් කෙමෙන් මෙම ශාස්ත‍්‍රය තුළින් දුරස් වූ අතර කාලය ගෙවීමත් සමග බහුතර සමාජය තුළින්ම ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය සම්බන්ධ විශ්වාසය අවම විය. එදා විදේශීය පාලකයන් ජ්‍යොතිෂ දැනුම හෑල්ලූ කළේ අප රට පාලනයට පහසු කර ගැනීම සඳහා හා ඔවුනගේ මිථ්‍යා මත සමාජය තුළ ව්‍යාප්ත කිරීම සඳහාය. සුබ මුහුර්ත භාවිත කර අප පැරැුන්නෝ වස විස භාවිතයෙන් තොරව සතා සිවුපාවනට හිරිහැර නොකොට සාර්ථක වැඩි අස්වැන්නක් ලබා ගැනීම සිදු කළ අතර වර්තමානය වන විට විදේශිකයා හුරු කළ වස විස භාවිතය නොමැතිව වගා කිරීම කළ නොහැකි තත්ත්වයට පත් වී ඇත. විදේශිකයන් පුදුමයට පත්වූ අප පැරැුන්නන්ගේ ශාස්ත‍්‍රයන් මිථ්‍යාවක් යැයි අප ජන සමාජයට කාවද්දා ඔවුන් සියලූ ශාස්ත‍්‍රයන් ඔවුන්ගේ මව්රටට රැුගෙන ගියහ. අදටත් එම රටවල සුරක්ෂිතව අප රටේ ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය හා වෙදකම සම්බන්ධ පුස්කොළ පොත් පවතියි.

එකිනෙකාට වෙන් වූ කර්ම සමුදායක් සමග උපතේ සිට මියයන තෙක් කාලය ගෙවනා ජන්මියා විවිධ වූ ලැබීම් ප‍්‍රමාණයන් මත ජන්මය ලබා ඇත. තම ජීවිතය සාර්ථක වන යම් ලැබීමක් පෙර කුසල ශක්තීන් හරහා ලැබීමට ඇත්නම් එම ලැබීම ජන්මියාගේ ජීවිතයට නියමිත කාලයන්වල දී ලැබේ. මෙම ලැබීමේ ප‍්‍රමාණයන් නියමිත උපරිම ප‍්‍රමාණයෙන් ලබා ගැනීම සඳහා ජන්මියා ක‍්‍රියා කරන්නේ නැතිනම් සාර්ථකත්වය ම`ද වේ. මොනයම් සුබ කාර්යයක් ආරම්භ කිරීම සඳහා වුවද යම් සුබ මුහුර්තයක් එක් කිරීම තුළින් සිදුවන්නේ අදාළ කාර්යයෙන් උපරිම පලදාව ලබා ගැනීම සඳහා අවශ්‍ය විශ්වශක්තිය උත්තේජනය කිරීමක් වේ. නියමිත නිවැරදි වේලාවට පටන් ගන්නා කාර්යයෙහි සාර්ථකත්වය වැඩි වේ.
kalum
වර්තමානයේ බොහෝ අවස්ථාවන්වලදී ජ්‍යොතිර්වේදියා ලබා දෙන සුබමුහුර්ත වේලාව විනාඩියක් පසුකර කාර්යය ආරම්භ කිරීමට යම් යම් අවස්ථාවන්වලදී අවවාද ලබා දෙන්නා පුද්ගලයන්ද දැකිය හැකිවේ. ජ්‍යොතීර්වේදියා ජන්මියාගේ වාසනා ගුණය හා ලැබීමේ ශක්තිය උපරීම වන විශ්ව ශක්ති සංකලනය පවතින වේලාව සියුම්ව සොයා විනාඩියට සකසා ලබා දෙන අතර එම වේලාව එහා මෙහා කිරීම තුළින් සුබමුහුර්තය ගෙවි යයි. බොහෝ විට එම කාලය විනාඩියක් හෝ තප්පර කිහිපයක් තුළ පැවතිය හැකි වේ. එම නිසා ජ්‍යොතිර්වේදියා විසින් ලබා දෙන සුබ මුහුර්තයට අනුව කටයුත්ත ආරම්භ කළ යුතු වේ. තවද වර්තමානය වන විට නැකතකට යමක් කළ යුතුයි යන මතය නිසා පමණක් මොනයම් හෝ වේලාවක් ජ්‍යොතිර්වේදියාගෙන් ලබා ගැනීම සඳහා ජන්මියා උත්සහ කරයි. මෙහිිදී තම කාර්යය ආරම්භයට දවස් ජන්මියා විසින් නිර්ණය කර අදාළ දිනයට නැකතක් සාදා දෙන්නැයි ජ්‍යොතිර්වේදියාට පවසයි. අප පැරැුන්නන් යම් යම් කාර්යන්වලදී සුබ මුහුර්තයන් උදාවන කාලවකවානු සඳහා බලා සිට එම නැකැත් උදාවන වේලාවන්හි කාර්යයන් ආරම්භ කර ඇත. එසේ ආරම්භ කළ ඉදිකිරීම් හා යම් යම් දේවල් වර්තමානය තුළද සාර්ථකව පවතිනු දැකිය හැකි වේ. යම් කාර්යයක සාර්ථක හෝ අසාර්ථකත්වය හා යම් යම් කාලවකවානුවලදී එම කටයුත්තේ සිදුවන වෙනස්වීම් යන කාරණා සියල්ල කාර්යය ආරම්භ කරනා සුබමුහුර්තය මගින් කිව හැකි වේ. සුබ මුහුර්තය යනු අදාළ කාර්යයට ලබා දෙන උප්පත්ති වේලාව වන අතර සුබ මුහුර්තයේ සියලූ සිදුවීම් අන්තර් ගත වේ.

උදාහරණයක් ලෙස නව ව්‍යාපාරයක් ආරම්භය සඳහා සකසන සුබ මුහුර්තය තුළින් ව්‍යාපාරයේ විවිධ කාලවකවානුවල සිදුවන වෙනස්වීම් උස් පහත්වීම පෙන්නුම් කරයි. මෙම නිසා නිවැරදිව ජන්මියා හට ගැළපෙන අන්දමින් සුබ මුහුර්තය සකස් කිරීම තුළින් වඩා සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගත හැකි වේ. මෙම ශක්ති කළමනාකරණය හරහා නැකැත් සෑදීම අප හෙළ ජ්‍යොතිෂයේ අඩංගු වන අතර එම ශාස්ත‍්‍රයන් සැ`ගවී යටපත් වීම කනගාටුවට කරුණකි. සෑම සුබ කටයුත්තක් සඳහාම යම් සුබ මුහුර්තයක් සකස් කර ගැනීමට උත්සාහ කිරීම තුළින් කාර්යයේ ප‍්‍රතිඵල උපරිම වනු ඇත.