මාලිගාවිල තමයි ශ‍්‍රී ලංකාවේ තියෙන කෙළින් සිටවන ලද විශාලතම බුදු පිළිමය සහ කෙළින් සිටවන ලද විශාලතම අවලෝකිතේශ්වර පිළිමය තියෙන්නේ. මාලිගාවිල තියෙන්නේ කොළඹ ඉ`දලා ටිකක් ඈත. ඌව පළාතේ මොනරාගල දිස්ත‍්‍රික්කයේ. කොළඹ ඉදලා මාර්ග කිහිපයකින්ම බුත්තල නගරයට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් කුඹුකන හන්දියට ඒ – 4 පාරේ එන්න පුළුවන්. බුත්තලින් හරි කුඹුකන හන්දියෙන් හරි හැරිලා ඔක්කම්පිටිය හරහා මාලිගාවිලට එන්න පුළුවන්. බුත්තල ඉදලා කිලෝමීටර් 18කුත්, කුඹුක්කන හන්දියේ ඉදලා කිලෝමීටර් 15කුත් මාලිගාවිලට තියෙනවා. මාලිගාවිලට මොනරාගලින් හරි, බුත්තලින් හරි බණ්ඩාරවෙලින් හරි බස් රථයකින් හරි යන්න පුළුවන්.

අනුරාධපුර, පොළොන්නරුව වැනි ප‍්‍රදේශවල වැඩිපුර වෙහෙර විහාර දාගැබ්, බුදුපිළිම වැනි නටඹුන් විශාල වශයෙන් තිබුණාට ලංකාවේ සෑම තැනකම පාහේ පැරණි බොදු උරුමය විදහා දක්වන පැරණි වෙහෙර විහාර, දාගැබ්, බුදු පිළිම දකින්නට පුළුවන්. ඒ සියල්ලම අතරින් මාලිගාවිල පිළිම දෙකට හිමිවන්නේ විශේෂ ස්ථානයක්.  මාලිගාවිල පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 300ක් විතර වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියෙන භූමි ප‍්‍රමාණයේ පිළිම, පිළිමගේ, ආරාම, මාලිගය, කොටු පවුර, දිය අගල් ආදිය දකින්නට පුළුවන්. ඒ වාගේම මිණිපුර කන්දත්, හොරොම්බුව කන්දත් ඒ ආසන්නයේම පිහිටලා තියෙනවා. පුරාවිද්‍යා රක්ෂිතයේ පුරාවිද්‍යා නටබුන්වලට අමතරව කළුවර, කොහොඹ, වීර, පලූ, වෙලං, කොලොං, බුරුත, නුග, දිවුල් සහ සියඹලා වැනි වියළි කලාපයට ආවේණික රූක්ෂ වෘක්ෂලතාවලින් පිරි ඉතිරි ගිහිල්ලයි තියෙන්නේ.

ඔක්කාක වංශයට අයත් මහා තිස්සගේ සහ සංඝශීවා බිසවගේ පුත් අග්ගබෝධි කුමරු (රජු* (ක‍්‍රි.ව. 667-683* රැුහුණේ නිර්මාණය කළ ප‍්‍රතිමා නම් විහාරයට නිර්මාණය කළ විහාරය පිළිමය සහ පිළිම ගෙය මෙම මාලිගාවිල තියෙන බුදු පිළිමය යැයි විශ්වාසයක් තියෙනවා. තවද මෙම විහාරස්ථානය අරියකාර විහාරය වශයෙන් විවහාර වූ බවකුත් පැවසෙනවා. මාලිගාවිල බුදු පිළිමයේ පද්මය අඩි 4ක් උස්වන අතර, පිළිමය අඩි 42ක් උසකින් යුක්ත වෙනවා.

ස්ඵුටික හුණුගලින් නිර්මාණය කරලා තියෙන පිළිමය සමභංග ශිටි ඉරියව්වෙන්, තිබෙන අභය මුද්‍රව සහිත පිළිමයක් ලෙසට තමයි සැලකෙන්නේ. මෙම සුවිසල් පිළිමය අඩි 100 කට ආසන්න දිග පළලින් යුත් ගෙඩිගේ සම්ප‍්‍රදායට නිර්මාණය කරන ලද ගොඩනැගිල්ලක් මාධ්‍යයේ තැන්පත් කරලා තමයි තියෙන්නේ.  එහි පදක්ෂිණා පථයක්ද තියෙනවා. මේ බව පිළිමය ආසන්නයේ ඇති ගොඩනැගිලි පාදම් සහ අඩි 4ක් පමණ ඝණකම් සහිත බිත්තිවලින්ද ඉතා පැහැදිලිවම දැකගන්නට පුළුවන්.

ගෙඩිගේට එහෙමත් නැත්නම් මාලිගාවිල පිළිමයට ඇතුළු වන ස්ථානයේ හුණුගල්වලින් නිර්මාණය කරලා තියෙන හතරැුස් ආකාරයක් ගන්නා ස`දකඩපහණක් දකින්නට පුළුවන්. එහි සත්තව කැටයම් දකින්නට තියෙනවා. අලංකාර මුරගල් දෙකක් දෙපස තියෙනවා. දොරටුව ආසන්යේ විශාල ප‍්‍රමාණයේ හතරැුස් ජන්තාඝරය හෙවත් පා දොවනය පිණිස සහ මල් දෝවනය පිණිස ජලය රැුස් කරලා තියන ගල් භාජනයක්ද දකින්නට තියෙනවා. ඒ ආසන්නයේම සංරක්ෂණය කරලා තියෙන ගෙවී ගිය සෙල්ලිපියක්ද දකින්නට ලැබෙනවා.

මේ තරම් සුවිසල් පිළිමයක්, මෙම ස්ථානයේ නිර්මාණය කළාද ? එහෙමත් නැත්නම් වෙනත් ස්ථානයක නිර්මාණය කරලා මේ ස්ථානයට රැුගෙන ආවාද ? ස්ඵටික වර්ගයේ හුණුගල් මේ අවට තැන තැන තිබුණාට මේ සා විශාල පිළිමයක් නෙළීම ස`දහා ඒක ප‍්‍රමාණවක් වෙන්නේ නෑ. මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ වෙනත් ස්ථානයකින් මේ සා විශාල ගල් කුට්ටියක් මෙම ස්ථානයට ගෙනල්ලා මෙහි හිටවලා මෙම පිළිමය නෙලලා තියෙනවා කියලා.

ඒ කොහොම වුණත් මෙම පිළිමය සහ අවට ප‍්‍රදේශයේ විශාල කැලයකින් වැසී තිබිලා නිදන් හොරුන්ගේ ග‍්‍රහණයට මැදිව තිබිලා 1934 වර්ෂයේදී පමණ සෙනරත් පරණවිතාන මහතා විසින් සිදු කරන ලද පුරාවිද්‍යා කැණීමක් මගින් තමයි මෙම ස්ථානය සොයාගෙන තියෙන්නේ. ඒ හා සමගාමීව 1936 දී පුරා විද්‍යා රක්ෂිතයක් බවට ප‍්‍රකාශ කරලා ගැසට් කරලා 1951 වර්ෂයේදී මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරනවා. ඒ අවස්ථාව වන විටත් මෙම පිළිමය කැඞී බිඳී බිම පතිත වෙලයි තිබිලා තියෙන්නේ. ඒ නිසා 1974 වර්ෂයේදී මෙම මාලිගාවිල මහා බුද්ධ ප‍්‍රතිමාව නැවත එසවීම ස`දහා මූලික කටයුතු සුදානම් කරලා පිළිමය එසවීමට උත්සාහ ගන්නවා. එහෙත් ඒ වන විට තිබුණු උපකරණ හා ක‍්‍රමෝපායයන් අවම මට්ටමේ වීම නිසා පිළිමය එසවීම අපහසු වෙනවා. කෙසේ නමුත් 1990  වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගය ඇතිව නැවත පිළිමය ඔසවා, එය ප‍්‍රතිසංස්කරණය කරලා ස්ථාපනය කරලා තියෙනවා.

නැවත පිළිමය ඔසවා, එය ප‍්‍රතිසංස්කරණය කරලා ස්ථාපනය කිරීම එවක ජනාධිපති වූ ආර්. පේ‍්‍රමදාස මැතිතුමාගේ උපදෙස් හා පූර්ණ අනුග‍්‍රහය ඇතිව සහ ප‍්‍රවීණ ඉංජිනේරු විද්‍යාජෝති ගැමුණු සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවෙලා තියෙනවා. අද ඔබ මාලිගාවිල ගිහිල්ලා බැතියෙන් වැද පුදා ගන්නා ඒ ඓතිහාසික පිළිමය පුරාවිද්‍යා සියවස වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙලා මහජනතාවට විවෘත කරලා තියෙනවා.

(මාලිගාවිල පිළිමය අවට තියෙන පුරා විද්‍යා ස්ථාන සහ දඹේගොඩ බෝසත් පිළිමය පිළිබ`ද තොරතුරු මීළඟ ලිපියකින් බලාපොරොත්තු වන්න *.

ඉන්දක කරුණාදාස

Untitled-5 Untitled-4 Untitled-3 Untitled-2