දකුණු ලක වන අසිරිය කියූ පමණින් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වන්නේ යාල, බූන්දල, උඩවලව වැනි වූ වනපෙත් වෙතටයි. නමුත් මේ වනපෙත් හා සමැව නොවූවත් තමන්ටම අනන්‍ය වූ සොබා සුන්දරත්වයක් ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානය සතුවත් පවතිනවා. සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනා නොගත්තත් සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි වියළි කලාපයීය ජෛව විවිධත්වයකින් පොහොසත් ලූණුගම්වෙහෙර වනපෙත තුළ ඉදිවුණු වෙහෙරගල ජලාශය හේතුවෙන් ඒ අගය තව තවත් වර්ධනය වුණු බවත් මෙහිලා සඳහන් කළ යුතුමයි.

ඊශාන දිග මෝසමත් ආරම්භ වුණු හින්දා වනපෙතේ විසිරි ගිය ජල ප‍්‍රභවයන් පිරෙන්න පටන් අරගෙන. ඒ බවට ලකුණු අහස් කුසේ හැම පැත්තකම දැක ගන්නට පුළුවන්. අගෝස්තු පෑවිල්ල කියන දරුණු නියංසාය අහවර කරමින් ඇදහැලෙන වැසි දියෙන් නව ජවයක් වනවාසීන්ට ලැබිලා, ඉතින් හැමෝම ඉන්නේ සතුටින්. ඒ හින්දා දෝ තමන් කරන කියන ර`ගන වයන හැම එකකින්ම ලූණුගම්වෙහෙර සොඳුරු බවින් පුරවාලීම තම මෙහෙවර සේ වනවාසීන් හිතා ගෙන ඉන්න හැඩයි.

ලූණුගම්වෙහෙර කැලේ ඇතුළට වෙන්න සොඳුරු වැව් පරිසර පද්ධති බොහොමයක්ම තියෙනවා. නම් හැටියට කියනවා නම් තල්ගහදිගන වැව, කිවුල්පිටිය වැව, බොල්හිඳගල වැව, නුගේ වැව, රෝහිණී වැව, රත්මල් වැව ඒ අතරින් ප‍්‍රමුඛයි. මොකද සොඳුරු බවින් පිරිපුන් මේ වැව් වටා ප‍්‍රදේශයන් සොඳුරු හිතැත්තන්ට නිබඳව ගෙන එන්නේ සො`දුරු ඇරයුම්.

වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය. අදින් වසර 10 කට විතර ඉස්සර දකුණු කලාපයෙන් නිතරම අහන්නට ලැබුණු වාරි ව්‍යාපෘතියක නමක්. ඒ ව්‍යාපෘතියට සමගාමීව ලූණුගම්වෙහෙර වන පෙත තුළ පිහිටා තිබුණු පරණ වැව් අලූත්වැඩියා වුණා වගේම තමයි අලූතින් එක් වූ වැව් පද්ධතීනුත් අද මේ වියළි කලාපයී වනපෙතට එකතු කරන්නේ නවමු වූ සජීවී බවක්. වනවැසියන්ට මහත් වූ අස්වැසිල්ලක්. ඒ ආකාරයට මේ දවස ලූණුගම්වෙහෙර රූ සිරි වර්ධනය කිරීමේලා නිහ`ඩ මෙහෙවරක නිරත වන  රෝහිණී වැව නැතිනම් දන්ගහවැව නිමැවුම් කාර්යයන් ඉදි වන සමයේ හරිම අපූරු සිදුවීමක් සිදු වුණා. ඒ සිදුවීමම දන්ගහ වැව කියන නම රෝහිණි වැව ලෙස ව්‍යවහාරයට එකතු වෙන්නත් හේතුවක් වුණා. එවකට වෙහෙරගල වනඅලි පුනරුත්ථාපන රැු`දවුම් බිමට අයත් සීමාව ආශ‍්‍රිත රාජකාරීවල නිරත වුණු මා මේ වැව සමීපයේ තෙමසකට ආසන්න කාලයක් කූඩාරම් බැ`දගෙන නියමිත රාජකාරීවල නිරත වූ බව සිහිපත් කරත්ම අද දවසේ ඒ පිළිබ`දව සිතේ ඇති වන්නේ සො`දුරු වූ හැ`ගුම් සමුදායක්. කොයි මොහොතේ අලි කඩා පැන කූඩාරම් සුනුවිසුනු කරමින් අප පහසු පාපන්දු බවට පෙරළා ගනිත්දෝහෝයි දෙගිඩියාවෙන් එදවස රැුය පහන් කළද, ඒ ප‍්‍රායෝගික වූ ඉගැනුමම අද වන දිවියට මහත් වූ ශක්තියක් බවට පත් ව ඇති බවද සහිපත් කළ යුතුමයි.

වෙහෙරගල ව්‍යාපෘතිය යටතේ ඉදිවුණු මේ වැව, රෝහිණී වැව වුණේ මෙන්න මෙහෙමයි. වෙහෙරගල ව්‍යාපෘතියේ එක් අරමුණක් වුණේ ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානය අවට ගම්මානවල දිළිඳු ගැමියන්ට රැුකියා ලබාදීමයි.

ඉතින් වෙහෙරගල ව්‍යාපෘතියේ වැඩට කිරිඉබ්බන්ආර කියන ප‍්‍රදේශයෙන් රෝහිණී කියන ගෑනු කෙනෙක් වැඩට ආවා. මේ වැවේ වැඩ ආරම්භ කළ දවසේ ඉ`දන්, මේ අලූත් වැඩ බිමේ තමයි රෝහිණී වැඩ කළේ. ඉතින් වැඩ බිම පරීක්ෂාවට හිටපු මහත්තයෙකුයි – රෝහිණියගෙයි ආදර කතාව ආරම්භ වුණේ මේ අලූත් වැවේ ආරම්භයට සමගාමීවයි.

වැවේ වැඩ දිනෙන් දින අවසන් වෙන්න, වෙන්න මේ දෙන්නගෙත් ආදරය මෝරන්ට පටන් ගත්තා.
වැවේ වැඩ අවසන් වෙන්න කිට්ටුව ඒ දෙන්නා විවාහ වුණා. ඉතින් මෙන්න මේ ආදර කතාව උපන් වැවේ වැඩ අවසන් වෙනවාත් එක්කම වාගේ වැහැපු වැස්සෙන් අලූත් වැව පිරුණා, හරිම ලස්සනට. මෙන්න මේ ලස්සන වැවේ ආරම්භය තමයි රෝහිණීගේ ජීවිතයත් ලස්සන කළේ. ආන්න ඒක සිහිපත් කරන්ට තමයි වෙහෙරගල ව්‍යාපෘතියේ වැඩ කළ කා අතරත් මේ අලූත් වැව රෝහිණී වැව නමින් නම් ලැබුවේ.

එසේ උපන් රෝහිණී වැව අද ලූණුගම්වෙහෙර වනපෙතට ඉටු කරන්නේ අනගි මෙහෙයක්. එය පැසැසිය යුතුමයි. වෙහෙරගල ජලාශයේ ඉ`දන් ලූණුගම්වෙහෙර ජලාශය දක්වා ජලය අරගෙන යන ඇළ මාර්ගයේ පිහිටලා තියෙන මේ වැව අතිරික්ත ජලය ගබඩා කර තබා ගෙන වනජීවීන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්න මහන්සි වෙන්නේ සජීවී ප‍්‍රාණියෙක් හා සමානවයි. ඒ කියන්නේ ලූණුගම්වෙහෙරේ වනවාසීන්ගේ ප‍්‍රාණය හා සමානයි රෝහිණිය. රෝහිණියගේ උත්පත්තිය පරණ වුණත් ඇය අලූත උපන් එකියක් වගෙයි මට අදටත් හැෙ`ගන්නේ. ඈ දියවරෙන් පිරිලා. කවි බසින් කියනවා නම් තාරුණ්‍යයෙන් ඔද වැඩිලා. දකින දකින යොවුන් සිත් සතන් තුළ යම් බලාපොරොත්තුවක් මෝදු කරනවා.
දවසේ නියමිත රාජකාරීන් හමාර කරලා රෝහිණිය සමීපයට එන්න මම හරිම ආසයි. ඒ රාස්සිගේ අව් රැුලි වැටී දිදුලන ඇගේ වත කමල දකිනු රිසියෙන්. තනිකඩ සිතකට පෙම් සිතුවිලි වුවද ජනිත කරවීමට සමත් මේ දිය කොමලිය ඒ භාග්‍යය ලබා ඇත්තේ ඇගේ බිමේදී සනිටුහන් වුණු පේ‍්‍රම වෘත්තාන්තය නිසා විය යුතුයි. වැව් තෙර තනි වූ මත් ගෝනෙක් ටං ගාන්නේ දැන් ටික වේලාවක සිටයි. ඒ ඔහුගේ ආරාධනයට පිළිවදන් මේ දැන් මේ දැන් වනපෙතේ අහුමුළුවලින් නැගෙතැයි බලාපොරොත්තුවෙන් විය යුතුයි. මා සිතුවා හරියටම හරි. යළිත් වැව් පිටියෙන් නැගී ආ උස් ටං හ`ඩට පිළිතුරු හීන් ස්වරයේ ටං ගෑම නගන්නේ ගෝන දෙනක්. ඒ කියන්නේ තවත් ටික වේලාවකින් මේ නොදුටු දෙදෙනා රෝහිණිය නමැති ම`ගුල් මණ්ඩප්පය අභිමුව පෙම්වත්ව ර`ගනු නියතයි. ඒ දෙනොගේ පෙම් හබයේ සාක්ෂිකරු වනුයේ නිහ`ඩ වනපෙත පමණි. මේ නිහඩතාව තුළ කොතෙකුත් නම් දෑ සිදු වන්නේද? එකී රහස් විවිර කර ගැනීමට නම් අවැසි වන්නේ හික්මීම සහ කාලයයි.

සේයා රූ : රංග විජේරත්න
සඳමල් රශ්මි ශ‍්‍රී බුද්ධික

d f sd