නවසීලන්තයේ චැතම් දුපතට මියගිය තල්මසුන් 51ක් යළි ගොඩගසා තිබේ.

එ් අනුව මේ සතිය තුළ එලෙස ගොඩගැසූ මියගිය තල්මසුන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

තල්මසුන්ගේ සිරුරු නවසීලන්තයට දුරින් පිිහිටි දුපතක වළදැමීමට කටයුතු කර තිබේ.

මෙලෙස තල්මසුන් මියයාම සම්බන්ධයෙන් ඵලදායී පියවරක් ගැනීමට බලධාරීන්ට නොහැකිවීම නිසා සීඝ‍්‍රයෙන් තල්මසුන්ගේ වඳවීමට බලපා ඇති බව ද පරිසරවේදීහු චෝදනා කරති.

මිනිස් ක‍්‍රියාකාරකම් මෙන්ම, ජලතරණ ගැටලූ, ජීවිත බියෙන් පලායාම්, අයහපත් කාලගුණික බලපෑම් නිසා යායුතු පෙදෙස වැරදීම ආදී කරුණු ද තල්මසුන්ට බලපෑමෙන් මෙවැනි මියයාම් සිදුවන බව සඳහන් ය.

_104551057_mediaitem104551056 copy copy