පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද පෙරවරුවේ මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදී මියගිය බවට සැකකෙරෙන මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බව පැවසේ.

ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත‍්‍රී රාජකාරි සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ තිබේ.

අද පෙරවරු 6.00 ට මොවුන්ගේ රාජකාරිය නිමවීමට නියමිතව තිබී ඇති බව සදහන්ය.

රාජකාරි භාරගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු එහි තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත.