ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් මැතිසබයට සහභාගි වී නැතත් විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහභාගි වී සිය අදහස් දැක්වීම ද අද සිදුකළේ ය.

අධිකරණයට සිය තීන්දුව ගැනීමට ඉඩහැර පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පාර්ශ්වයට ආණ්ඩුව පිහිටුවීමට ඉඩදී මේ අර්බුදය දින දෙකකින් පමණ අවසන් කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන්ම ඒ සදහා ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරන ලෙස ද හෙතෙම එහිදී පැවැසීය.