පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනපති තීරණය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් විභාගය සඳහා සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් පත්කළ මෙම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ද අගවිනිසුරු නලින් පෙරේරා මහතායි.

විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එම මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වශයෙන් කටයුතු කරයි.

පාර්ලිමේන්තුව විසුරවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබුණි.