රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය නැති කිරීමේ හොඳම විකල්පය වශයෙන් වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමි බලතල ප්‍රකාරව 2019 ජනවාරි 09 වැනිදායින් පසු ඕනෑම දිනයකදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකි බැවින් එක්සත් ජාතික පක්ෂ පෙරමුණේ නායකයන් අදාළ ඉල්ලීම කර තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂ විසිනි. ලබන වසරේදී මහ මැතිවරණයක් පැවැත්වුවද එයින්ද බලයට පත්වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ බහුතරයක් සහිත කණ්ඩායමක් වන බැවින් වත්මන් දේශපාලන අර්බුදයට හොඳම විසඳුම ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා වෙත සිය ලිඛිත ඉල්ලීම මගින් දන්වා තිබේ.

ඉෂාර රත්නකාර