තමන්ගේ දෛවය වරක් නොව දෙවරක්ම තමන් විසින්ම ලියූ නිළි පෞරුෂය කරන් ජීත් කෞර් නොහොත් සනී ලියෝන්.  2013 දී කැනේඩියානු – ඇමෙරිකානු නිල් චිත‍්‍රපටවලින් සමුගෙන බොලිවුඩයට පා තබන සනී Jism 2 සහ Raagini MMS 2 හරහා රසික සිත් ඇද බැ`ද තබා ගන්නවා.  මේ වන විට ඇගේ ජීවිත කතාව අළලා නිෂ්පාදිත Karan Jeeth Kaur – The Untold Story නම් වෙබ් කතා මාලාවේ පළමුවැන්න අති සාර්ථක ලෙස පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලබමින් ධාවනය වෙනවා.  දහසක් දුෂ්කරතා කම්කටොලූ මැද්දේ ජීවිතය ජයගත් සනී සහ ඇගේ සැමියා සමගින් දරු තිදෙනා මේ වන විට ගෙවන්නේ ජීවිතයේ රසවත්ම අවධියයි.

ඔබගේ වෙබ් කතා මාලාවේ දෙවැන්න ළඟදීම නිකුත් වීමට නියමිතයි.  මොක්ද හිතෙන්නේ?
ඇත්තටම හදවත කඩා වැටෙනවා.  මාත් මගේ සැමියාත් රාත‍්‍රී කෑමට එළියට යමින් සිටියේ.  නිෂ්පාදක කණ්ඩායම මගේ දුරකථනයට පූර්ව ප‍්‍රචාරක පටය එවද්දී.  ඒක බලලා මම ගොඩාක් ඇ`ඩුවා.  ඇත්තටම පේ‍්‍රක්ෂකයා ඒකට ගොඩක් ආදරේ කරයි.

ඔබේ අතීතය ගැන කතා කරන එක ඔබට අපහසුවක්ද?
කෙනෙක්ගේ අතීතය සුන්දර නම් ඒක ප‍්‍රශ්නයක් නැතිවෙයි.  ඒත් මගේ කතාව ඊට වෙනස්.  සමහර තුවාල සුව වුණාට පස්සේ ඒකේ වේදනාව මතක් කරන්න අපි කවුරුත් කැමති නැහැ.  මගේ ජීවිතේ සමහර තුවාල තවමත් සුව වෙලත් නෑ.  එහෙම තියෙද්දිත් ඒවා පාරන එක හරිම වේදනාකාරී හැ`ගීමක්.  ඒක එක්තරා විදිහක චිකිත්සාවක්.  අදටත් සමහර දේවල් ගැන මම දුක් වෙනවා.  මගේ දෙමාපියන් අදටත් මා ළඟ නෑ.

ඔබ මෙතෙක් කල් කළ චිත‍්‍රපට ගැන ඔබ සෑහීමට පත් වෙනවාද?
මම කතාව හො`ද නම් චිත‍්‍රපටය භාර ගන්නවා.  එක් වර්ගයක නිර්මාණවලට පමණක් හිර වෙන්න මම කැමති නෑ.  සමහර නිෂ්පාදකවරු ඉර හ`ද තරු දෙන්න කතා කරලා අසාර්ථක නිර්මාණ එළියට දාපු අවස්ථා එමටයි.  එවැනි මම ර`ගපෑ නිර්මාණ දකිද්දී ඇත්තටම මට ලැජ්ජයි.  මමත් ඒ අතින් මෝඩයි, නොපෙන්විය යුතු දේවල් කලින්ම පෙන්නලා.  දැන් නම් මම කාලය අරන් හො`දම ගැළපෙනම දේ පේ‍්‍රක්ෂකයාට දෙනවා.

සමහර විට මාධ්‍යයන් එක්ක පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දි ඔබ අපහසුතාවට පත් වෙනවා.  ඒ ගැන කිව්වොත්?
ඔව්. නූගත් පිරිස්වල සමහර හැසිරීම් මාව විමතියට පත් කරනවා.  මගේ ජීවිතේ ගැන නොදන්න පිරිස් මට චරිත සහතික දෙන්න හදනවා.  එක් වරක් මම බැංගලෝරයේ සංදර්ශනයකට සහභාගී වෙන්න ගිය අවස්ථාවක කණ්ඩායමක් සිය දිවි නසාගන්න උත්සාහ කළා.  මට ආපසු එන්න සිදුවුණා.  ඒත් එක් තරුණයෙක් පවසා තිබුණා මම සංදර්ශණයට සහභාගී වූවා නම් ඔවුන් මට රැුකවරණය ලබා දෙන බවට.  මොනවා වුණත් මේ සිදුවීම්වලින් මට යම් බලපෑමක් වෙන බව සත්‍යයක්.

ඒ වගේ අවස්ථාවල කොහොමද ඔබ මේවාට මුහුණ දෙන්නේ?
ඇත්තටම ගොඩක් වෙලාවට මම ගොසිප් කියවන්නෙ නෑ.  අන්තර්ජාලයේ වේවා පුවත්පත් ස`ගරා හෝ වේවා මම ඒවා මගහරිනවා. සමහර වෙලවට මගෙ මිතුරෙක් හෝ පවුලේ කෙනෙක් ඒ දේවල් මට කිව්වොත් නම් මට මගහරින්න බෑ.  කොහොම මග හැරියත් සමහර අවස්ථා වල මට පෞද්ගලිකව තර්ජනය කළ අවස්ථා පවා තියෙනවා. ඒත් ඒවා පුහු වාචික තර්ජන විතරයි.

ඔබ තමන්ගේම දරුවන් ලැබීමට පෙර දරුවෙක් අරන් හදාගත්තා?
ඩැනියෙල් සහ මම නිතරම සෙන්ට් කැතරීන් අනාථ නිවාසයට ආධාර ලබා දෙනවා. ඒ අතරතුර තමයි මට කුඩා නිශා මුණගැහෙන්නේ.  මට ඉස්සර ඉදන්ම ආශාවක් තිබුණා දරුවෙක් අරන් හදාගන්න. දරුවා අරන් හදාගන්න නීතිමය කටයුතු කරද්දි පොඩි ප‍්‍රශ්නයක් වුණා.  මගේ අතීතයම නිසා.

කොහොමද එහෙනම් ඒක සිද්ධ වුණේ?
ඒක හරිම වාසනාවන්ත සිදුවීමක්. ගිය වසරේ ජුනි 21 වැනිදා.  නිශා අපි අරගත්ත දවසෙම තමයි අපට දැනගන්න ලැබුණෙ මට තවත් දරුවන් දෙන්නෙක් ලැබෙන්න ඉන්න බව.  නිශාගෙ ලිපි ලේඛන සහ නිවුන් දරුවන් පිළිබද වෛද්‍ය වාර්තාව ලැබුණෙ එකම දවසෙ.

කොහොමද දරුවන් තිදෙනාගේ බැදීම?
ලොකු බැ`දීමක් තියෙනවා.  ඊයෙ රාත‍්‍රියෙ නිශා පොඩි දරුවන්ට කතාන්දර කියා දුන්නා. අද උදෙ තුන්දෙනාම ඇ`ද උඩට වෙලා සෙල්ලම් කරනවා.  බලන් ඉන්න හරිම හුරතල්.

මව් පදවිය ඔබේ ජීවිතයට එක් කළේ මොනවාද?
පුංචි කාලෙ ඉ`දන්ම මම දරුවන්ට ආසයි.  පොඩි දරුවො හුරතල් කරන්න ආසයි.  දැන් මට මගේම කියල දරුවන් තුන් දෙනෙක්ම ඉන්නවා.  ඊටත් වඩා මොනවද? මම දැන් සම්පූර්ණ වෙලා.  මම වැඩ කරන කාන්තාවක්.  හො`ද සැමියෙක් ඉන්නවා.  දරුවන් ඉන්නවා.  සර්ව සම්පූර්ණ කෙනෙක්.

ඒක ඔබ සහ ඩැනියෙල් අතර සම්බන්ධතාව තහවුරු කළාද?
තහවුරු කළා නෙමෙයි ශක්තිමත් කළා කියමු.  මට කනගාටුයි ඇත්තටම අපි දෙන්නට ගොඩක් කල් විවාහයට පෙර ආදරෙ කරන්න බැරි වුණා. ඒ නිසාම වෙන්න අති දරුවන් ලැබීමෙන් පස්සෙ අපේ ආදරේ ශක්තිමත් වුණා වගේ දැනෙන්නෙත්.

ඔබ නිවසේ ඉන්න දවසට කොහොමද එදිනෙදා වැඩ කටයුතු කරන්නේ?
සාමාන්‍ය මවක් වගේම තමයි.  දරුවන්ගේ ඩයිපර්ස් මාරුකරන්න, කෑම කවන්න, නළවන්න, නිදි කරවන්න.  මම සතුටුයි. මම වගේම ඩැනියෙලූත් හරි හරියට මේවට සම්බන්ධ වෙනවා.  දරුවනුත් මගෙ අතට වගේම ඩැනියෙල්ගෙ අතටත් හුරු වෙලා.

අනාගතේ ගැන අදහසක් කිව්වොත්?
එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. මම නිර්මාණවලට දායක වුණා.  ලොකු ලොකු නමගිය තරු ඉන්න මෙගා නිෂ්පාදන නොවුණත් ජනප‍්‍රිය මට්ටමේ නිර්මාණ මම කළා.  ඒ නිසා සිනමාව පැත්තෙන් තවත් ලොකු බලාපොරොත්තු නෑ. ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න තිබුණොත් ඒ ඇති.

Filmfare අසුරෙන්