සිද්ධාර්ත්ට මංගල යෝජනාවක්

ආලියා භාට් ගේ හුටපටයෙන් අනතුරුව සිද්ධාර්ත් මල්හෝත්රා තවත් ආදර සම්බන්ධයක පැටලී ඇති බව තමයි අපට ආරංචි වෙන්නේ. කවදත් ඔහුගේ ළ`ගම මිතුරා වන කරන් ජොහාර් විසින් මේ අලූත් මංගල යෝජනාව ඉදිරිපත් කර ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ.

කරන්ගේ මිතුරියක්ද වන නවක බොලිවුඞ් නිළි කියාරා අද්වානිව තමයි ඔහු විසින් සිද්ධාර්ත්ට යෝජනා කර තිබෙන්නේ. යෝජනාවෙන් අනතුරුව කියාරා සහ සිද්ධාර්ත් නිතරම එක්ව ගැවසෙනු මාධ්‍ය ඇස ගැටී තිබුණා. නමුත් මේ වනතුරුත් ඔවුන්ගේ සම්බන්ධය පිළිබ`දව විවෘත අදහසක් දෙදෙනාගෙන් කිසිවකුත් මාධ්‍ය වෙත නම් යොමුකර තිබුණේ නෑ. සිද්ධාර්ත් මේ දිනවල විවාහය ගැන හිතනවාට වඩා ඔහුගේ මීළ`ග චිත‍්‍රපටයේ රූගතකිරීම් සමග කාර්යබහුල බවයි වාර්තා වන්නේ. ඔහුගේ මීළ`ග චිත‍්‍රපටය Jabriya Jhodi හි ආදරවන්තිය නම් පරිනතී චෝප‍්‍රා බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.

sidhdharth
රන්වීර්ගේ අලූත්ම සිනමා නිර්මාණය

රන්වීර් සිං මේ දවස්වල තරමක් අවිවේකී තරුවක් ඒ ඔවුන්ගේ විවාහය නිසා. පසුගිය නොවැම්බර් 14 වැනිදා ඔහු දීපිකා පදුකෝන් සමග විවාහ දිවියට පිවිසුණේ ඉතාලියේ ලේක් කෝමෝහිදී. දෙසැම්බර් පළමුවැනිදා ඔවුන්ගේ විවාහය වෙනුවෙන් මුම්බායිහිදී සුපිරි ගණයේ ප‍්‍රිය සම්භාෂණයක් සූදානම් කර තිබෙන බවයි ආරංචිය.

මේ කියන්න යන පුවත නම් ඒ ගැන නෙමෙයි. ඒ ගැන පුවත් මේ වෙනකොටත් රසිකයන්ට එපා වෙන තරමටම ඇහෙන නිසා අපි මේ කියන්න යන්නේ රන්වීර්ගේ අලූත්ම සිනමා නිර්මාණය ගැන.

Simba චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රෝහිත් ශෙට්ටි. බොලිවුඩයේ අතිශය ජනප‍්‍රිය වූ Chennai Express, Golmaal, Dilwale, Singham වැනි දැවැන්ත වාණිජ නිර්මාණ බිහිකළ රෝහිත් ගේ මේ චිත‍්‍රපටයට පාදක වන්නේ 2015 වසරේ තිරගත වූ Temper නම් තෙලි`ගු නිර්මාණය.

රන්වීර් සිං ට අමතරව සායිෆ් ගේ දියණිය සාරා අලී ඛාන්, සොනු සූද් සමගින් අසුතෝශ් රානා ප‍්‍රධාන චරිත නිරූපණය කරනවා. මීට අමතරව අජේ දේව්ගන්, අර්ශද් වර්සි ආරාධිත රංගනයෙන් දායක වන බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙය කරන් ජෝහර් ගේ නිෂ්පාදනයක් ලෙසින් ලබන දෙසැම්බරයේ තිරගත වීමට සූදානම්.

Untitled-9
සල්මාන් ඛාන්ට අනතුරක්

සල්මාන්ට අනතුරක් සිදුවී ඇති බව තමයි දැනගන්නට ලැබෙන්නේ. සිදුවීමෙන් අනතුරුව සල්මාන් වහාම පන්ජාබයේ රෝහලකට ඇතුළත් කළත් ඉන් සෑහීමකට පත් නොවූ නිෂ්පාදක කණ්ඩායම වහාම ඔහුව මුම්බායි වෙත ගුවන් මගින් එවා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ නමුත් අනතුර එතරම් දරුණු නොවන බවත් සල්මාන්ට ඉතා සුළු ආබාධයක් පමණක් සිදුවී ඇති බව තමයි මාධ්‍යවේදීන් නම් ප‍්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් සිදුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින භාරත් චිත‍්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මෙන්ම නළු නිළි කැල මේ වනවිටත් රූගත කිරීම් නවතා දමා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. සල්මාන් ඛාන්, දිශා පඨානි, තාබු සමගින් කැත‍්‍රිනා කයිෆ් රංගනයෙන් දායක වන භාරත් චිත‍්‍රපටය ලබන වසරේ ජුනි මාසයේ තිරගත වීමට නියමිතයි.

චරිත් මොරගොඩ

salmankhan