මේෂ ලග්නය

මිශ්‍රඵල සහිත වේ. කටයුතුවල ශූරවේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. පිනට දහමට සිත්වේ. ධනය ආරක්ෂා කරයි. වෛද්‍ය වෘත්තිකයින්ට යහපත් වේ.  නීති ගරුක නොවන දේට සහභාගි වීමට සිත්වේ. සතුරන් සමග එක්වී දුක් විඳීමට ඇති කාලයකි. සහෝදරයින්ට උපකාර කරයි. ගුණවතුන් වැඩිහිටියන් නොසලකා හරී. උදරාබාධයකින් පෙළිය හැකිය. ලය පීනස වැනි සෙම් රෝගයන්ට හේතුවේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. සතුරන් මැඩපැවැත්වීමට හැකිවේ. එඩිතර ගති ඇතිවේ. පුරුෂ වීර්යය ඇතිවේ. අනුන්ට සංග්‍රහ කිරීමට ධනය වියදම් කරයි. තේජවන්ත වේ. කරන කියන කටයුතුවලින් ජය ලැබේ. රැකියාවේ ගරුත්වය රැකගනී. ඇවිදිලි බහුලවේ. ගරු සරු ලැබේ. ආගමික භක්තිය හීනවේ. සමේ වියළි ආසාදනවලට හේතුවේ. සෙම් බහුල රෝගවලට හේතුවේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය
මිශ්‍රඵල සහිතවේ. නුවණ ඇති සැප සම්පත් හිමිවේ. සතුරන් මර්දනය වේ. ස්වකීය පවු‍ලේ දියුණුවට කටයුතු කරයි.  සහෝදර සහෝදරියන් සමග ආරවුල් ඇති කරගනී. කේන්තිය පාලනය කරගත නොහැකිවේ. කඩිසර ගති ඇතිවේ. සුළු සුළු වෙළඳාම් කටයුතු කරයි. ධෛර්යය හීනකර රෝගී වේ.  ව්‍යා හෝ කුෂ්ඨ රෝග සාදයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. සිතේ චංචල ගති ඇතිවේ. සෞම්‍ය ගුණ වර්ධනය වේ. අනුන්ගේ  කටයුතුවලට උදව් උපකාර කරයි. කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. සතුරන් අඩුවේ. ධනයෙන්  මධ්‍යස්ථ වේ. අලස නොවේ. චිත්ත පීඩා ඇතිවේ. ගුප්ත රෝග සඳහා හේතුවේ. උදරයේ වේදනා සහිත රෝග සෑදීමට පුළුවන.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. ඉඩකඩම් මිලදී ගැනීමට ශුභ කාලයකි.  දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට උදව් උපකාර කරයි.  රැකියාවේ උසස්වීම්වලට හේතුයි. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ කාලයකි. තරග විභාග තුළින් අපේක්ෂිත ජය ලැබේ.  ගෘහ ජීවිතය යහපත් වේ. මුත්‍රා ආශ්‍රිත රෝග සඳහා හේතුවේ.  ඇතැම් විට රුධිර වහනය විය හැකිය.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. එඩිතර ගති ඇතිවේ. සතුරන් මැඩපැවැත්වේ. සම්මුඛ පරීක්ෂණ තුළින් සිතූ තරම් ප්‍රතිඵල  ලබාගත හැකිය. ස්වකීය ගෞරවය ආරක්ෂා කරයි. සහෝදර සහෝදරියන් සමග ආරවුල් ඇති කරගනී. වැඩිහිටියන්ට ගරු නොකරයි. ඥාතීන්ට සැලකීම ප්‍රතික්ෂේප කරයි. ස්ව උත්සාහයෙන් ධනය රැස්කරයි. ඥානය  වර්ධනය වේ. සෙම් රෝග සඳහා හේතුයි. ලය පීනය, උණ රෝගවලට හේතුවේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය
මිශ්‍ර ඵල සහිතවේ. සිතේ චංචල ගති ඇතිවේ. අන් අයගේ උපකාර ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය ගුණ ඇතිවේ. පුරුෂ වීර්ය අධික වේ. සැප අඩුවේ. උදාර ගුණයෙන් යුක්ත වේ. තද ලෝභියකු වේ. පව් නොකරයි. නිතර සතුටු සිත් අතිවේ. ශරීරයේ අභ්‍යන්තරයේ පිරිහීම් ඇතිවේ. පණ්ඩිත ගති ඇතිවේ. ආහාර අජීර්ණය උදරාබාධ වැනි රෝගයන්ට හේතුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. ආදායම් වර්ධනය වේ. රැකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත. මුදල් පරිස්සමින් වියදම් කරයි. සහෝදර සහෝදරියන්ට උදව් උපකාර කරයි. විභාගවලින්  ජය ලැබේ. අධ්‍යාපනය ලබන්නන්ට ශුභ ඵල සහිතයි. සිරුරේ අභ්‍යන්තර රෝගවලට හේතුවේ. සත් පුරුෂ ගති අඩුවේ. දද කුෂ්ඨ රෝගවලට හේතුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. නපුරු සිත් ඇතිවේ. දූ කෙළියෙහි ප්‍රියවේ. අනුන්ගේ කටයුතුවලට  උදව් කරයි. අධ්‍යාපනය ලබන්නන්ට යහපත් වේ. ස්වකීය ධෛර්යයෙන් කටයුතු කරයි. මහජන සේවයට මුල් තැන ලබාදේ.  සැප අඩුවේ. උපන් බිමින් පිටත වාසයට යයි. ධනයෙන් කීර්තියෙන් යුක්තවේ. අනුන් තලා පෙලා මුදල් උපයයි.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. පවට සිත් ඇතිවේ. මානය ඇති කෙනෙකි.  ධන රහිත වේ.  ඉගෙනීමට යහපත් වේ. පිට දේශයන්හි ඇවිදීමට අවස්ථාව  ලැබේ. තමා ජීවත් වීමට අන් අයට කරදර නොකරයි. කරන කටයුතු තුළින් සඵල  භාවයට  නොපැමිණේ. ධෛර්යය හීන කරයි. අභ්‍යන්තරයේ  රෝග සාදයි. සිහි නුවණින් යුතුව කටයුතු කරයි. සෙම් රෝග කුෂ්ඨ රෝගයන්ට හේතු වේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. නිශ්චල දේපළ මිලදී ගැනීමට සුදුසු කාලයකි. පවු‍ලේ අයට හිතවත්වේ. රැකියාවේ සුළු හෝ වෙනසක් ඇති කරයි.  ස්වකීය ශක්තියෙන් දියුණු වේ. මහජන සේවයට සිත්වේ.  තරග විභාග තුළින් ජය අත්වේ. විවාහාපේක්ෂකයින්ට එය සඵල වේ. අඹු දරුවන්ට  යහපත්වේ. ආගමික කටයුතු සඳහා  සහභාගි වේ. හිසෙහි කිසියම් වේදනාගත රෝගයකට හේතුයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,
සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය
මිශ්‍ර ඵල සහිත වේ. පිනට කැමැති වේ. ජනයා අතර ප්‍රධානියා වේ. ධනයට වඩා ගුණයට ප්‍රසිද්ධ වේ. මානය වර්ධනය වේ. උසස් අධ්‍යාපනයට හේතු වේ. රැකියාවේ සුළු හෝ වෙනසක් ඇතිවේ.  අනුන් වෙනුවෙන් ධනය වියදම් කිරීමට සිදුවේ.  මවට සලකයි. ඉගෙනීමට යහපති. හෘදයාබාධ වැනි රෝගයකට හේතු වේ.  සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ayiranganee