ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප‍්‍රාකාරයද ඉදිකළ චීන ජාතිකයින් එවැනි  සුවිශාල මෙන්ම විශ්මයජනක ඉදිකිරීම් සඳහා කවදත් හපනුන්ය. අතීතයේ පමණක් නොව වර්තමානයේද චීනය, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය අතින් ලොව ඉදිරියෙන්ම සිටී. මිනිසා විසින් මිහිමත ගොඩ නංවනු ලැබූ තවත් පුදුම සහගත ඉදිකිරීමක් සනිටුහන් කරමින් චීනය පසුගියදා මුහුදු මතින් දිවෙන ලොව දිගම පාලම විවෘත කළේය.

චීනය, හොංකොං හා මකාවු ¥පත් යාකරමින් ඉදි කළ මේ පාලම නිකම්ම නිකම් පාලමක් නොව චීනය සිය කලාපයේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීමට දැමූ තවත් සුවිශේෂී අඩිතාලමක් ලෙස දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මෙම ඓතිහාසික පාලම තරණය කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදීන් කණ්ඩායමට ඇතුළත්වීමේ   සුවිශේෂී අවස්ථාව පසුගියදා  මා හට  උදාවිය. ඒ අනුව එම  පාලම තරණය කිරීමේදී මා ලද අත්දැකීම් හා ඒ පිළිබඳව දැනුවත් වූ කරුණු මෙම ලිපිය හරහා මම මෙසේ ඉදිරිපත් කරමි.

පාලම හරහා යන  අපගේ ගමන ආරම්භ වූයේ  චීනයේ ශුහායි සිටය. මෙම පාලම සැදීමට පෙර ශුහායි සිට හොංකොං දක්වා යාමට ගතවන කාලය පැය 4ක් වූ නමුත් පාලම නිසා එම කාලය පැය භාගයක් දක්වා අඩුවී ඇත.

මෙම පාලම හරහා පෞද්ගලික බස් රථ සේවාවක් ක‍්‍රියාත්මක වන අතර එම බස් රථවලට මෙන්ම පාලම හරහා ගමන් කරන සියලූම වාහනවලට  විශේෂිත බලපත‍්‍රයක් ලබාගත යුතුය.

චීනයේ සිට හොංකොං දක්වා යන මගීන්ටද ඒ සඳහා අවශ්‍ය බලපත‍්‍ර සියල්ල ලබාගත යුතුය. අපගේ ගමන යෙදුණු දිනද අති විශාල ජනකායක් මෙම පාලම මතින් යාමට බස් රථ අංගනය වෙත පැමිණ සිටියද කිසිදු කලබලයකින් තොරව ඔවුන් ඉතා සංයමයකින් යුතුව පෝලිම් ගැසී බස්රථවලට ගොඩවනු අයුරු ශ‍්‍රී ලංකාවේ අපට නම් අලූත් අත්දැකීමක් විය .

සිංහල තියා ඉංග‍්‍රීසි වචනයක්වත් නොදන්නා චීන නිලධාරීන්, නව ලෝකයේ ජාත්‍යන්තර භාෂාව වන ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින්, විවිධ ජාතීන්ට  අයත් මහා ජනකායක් කිසිදු ගැටලූවකින් තොරව මෙහෙයවන අයුරු දැකීමද අපට අපූරු අත්දැකීමක් විය.

චීනයේ හා හොංකොං රාජ්‍යයේ සංචාරයකින් පසු...
චීනයේ හා හොංකොං රාජ්‍යයේ සංචාරයකින් පසු…

මෙහි ගමන් කරන රියැදුරන් දැඩි විනයකින් යුතුව ගමන් කළ යුතු අතර, රියැදුරන් තුන්වරකට වඩා ඈනුම් හරී නම්  එය ද පාලමට සවිකර ඇති  අධි තාක්ෂණික කැමරා හා සංවේදනවලට හසුවන අතර එය අධීක්ෂකයන්ට සංඥ නිකුත් කරයිි. රුධිර පීඩනය මැනීම පවා මෙහිදී ස්වයංක‍්‍රීයව සිදුවන අතර අනතුරක් සිදුවීමට පෙර වහාම කි‍්‍රයාත්මක වීම වෙනුවෙන් මෙම නවීන තාක්ෂණික පද්ධති ස්ථාපනය කළ  බව පාලමේ ඉංජිනේරුවරුන් පවසා තිබේ.

මෙම පාලම තරණය කරන අතරතුර මගීන්ට ඡුායාරූප ගැනීම පවා තහනම් වන්නේ ඉන් නිකුත් වන ආලෝක  ධාරාවන් හේතුවෙනි. මගීන්ගේ ආරක්ෂාව ගැන එතරම්ම අවධානයක් යොමුකර ඇත.

තාක්ෂණයේ ඉහළම ඥානය භාවිත කරමින් වසර 9ක් තිස්සේ මුහුද හරහා ගොඩනැගී මුහුද දෙසට යා හැකි පරිදි නිර්මාණය කරන ලද  මෙම පාලමේ දිග කිලෝමීටර් 55කි. කෘත‍්‍රිමව සැකසූ ¥පත් දෙකක් යා කරමින් මුහුද මැදට වන්නට කෘත‍්‍රිමව ඉදිකළ ¥පතක් වෙත යා හැකි පරිදි සකස් කළ මෙම පාලම වෙනුවෙන් වැයවූ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 6.92ක් වනවිට එය යාකිරීම සඳහා තැනූ කෘත‍්‍රිම පාලම සහ උමං මාර්ගය සඳහා ඩොලර් බිලියන 20ක් වැයවී ඇත.

මෙම දැවැන්ත මුහුදු පාලම මුහුදට වන්නට සැකසීම නිසා නිරන්තරයෙන් එල්ල විය හැකි භූ කම්පන, සුළි කුණාටු ආදියට මනා ලෙස ඔරොත්තු දෙන පරිදි පාලම සකස් කොට ඇත. ඒ නිසාම පාලමට ටොන් ලක්ෂ 4ක වානේ, ලෝහ සහ අයිෆල් වැනි කුළුණු 60ක් මතින් මෙය ඉදිකර තිබේ. පර්ල් ගංගාව මුහුදට ගලා බසිනා ඩෙල්ටාවේ මෙම පාලම ඉදිකර ඇති අතර ඒ ආශ‍්‍රිත වෙරළ ප‍්‍රදේශය ලොව වඩාත් කාර්යබහුල වේගයෙන් නාගරීකරණය වූ ප‍්‍රදේශය ලෙසට ද හඳුනාගෙන ඇත.

මෙම පාලමේ තාක්ෂණ ඥානය අතින් වඩාත් විශේෂිත වී ඇත්තේ එහි වර්ග අඩි මිලියනයක ප‍්‍රදේශයක් ආවරණය කරමින් මුහුද යට පිහිටි කෘත‍්‍රිම ¥පත් දෙක යා කරමින් තැනූ උමං මාර්ගයයි. මීටර් 40ක් ගැඹුරු එම උමං මාර්ගය කිලෝමීටර් 6.75ක දිගකින් යුක්තය. මිලියන 68ක ජනතාවක් පදිංචිව සිටින මෙම ප‍්‍රදේශයේ ඉතා කාර්යබහුල ඩෙල්ටාවක් වන මෙහි නිතර භාණ්ඩ ප‍්‍රවාහන නෞකා ගමන් කරන බැවින් පාලම හා මුහුද යට පිහිටි උමග අතර පරතරය එම සියලූම විශාල නෞකාවලට පවා ගමන් කළ හැකි පරිදි සකස් කර ඇත.

මෙම උමග හරහා ගමන් කිරීමම  සුවිශේෂී අත්දැකීමකි. ඒ හරහා යනවිට ඇතිවන්නේ විශාල සබ්මැරීනයක ගමන් කරන්නාක් මෙන් වූ අත්දැකීමකි. අපට ඉහළින් විශාල නෞකා පවා ගමන් ගන්නා බව සිතන විට සුළු චකිතයක්ද සිතේ ඇති නොවෙනවා නොවේ.

මෙය එක්තරා ආකාරයකින් මුහුදේ නිර්මාණය කළ කෘත‍්‍රිම වරායක් වෙත ගමන් කිරීමට සැකසූ පාලමක් වැනිය.
නව  පාලම මතින් දිනකට වාහන 9200ක් පමණ ගමන් කරනු ඇති බවට ගණන් බලා ඇත. විශේෂයෙන්ම ත‍්‍රස්ත ප‍්‍රහාරවලට පෙර හඳුනාගැනීම් වැළැක්වීම් වෙනුවෙන් වෙනම විශේෂිත ආරක්ෂක පද්ධති ස්ථාපනය කර ඇත.

චීනයේ සිට හොංකොං දක්වා පාලම මතින් අප කළ සුවිශේෂී ගමනේ නිමාව ළඟා වනවිට හොංකොං අගනුවරට රාත‍්‍රිය උදාවී තිබිණ. ලෝකයේ දිගම මුහුදු පාලම හරහා ගමන් ගත්තද කිසිදු ගමන් වෙහෙසක් නම් අපට නොදැනිණ.  බස් රථයේ සිටි චීන ජාතිකයින් මෙන්ම හොංකොං ජාතිකයින්ද ශ‍්‍රී ලංකාව ගැන හොඳින් අසා තිබීම ගැන අපට ඇතිවූයේ ආඩම්බරයකි. මේ නිසාම අප බස් රථයේ සිටි කිහිපදෙනකු සමග කතාබහකට එක්විය.

ඇත්තටම මෙවනි සුවිශාල හා සුවිශේෂී පාලමක් සැදීමට චීනය කටයුතු කළේ කුමන හේතුවක් නිසාද? ලෝකයේ දිගම, මුහුදු පාලම හැදීමේ ගෞරවය ලබාගැනීමේ අරමුණින්ද? නැතිනම් වෙනත් අරමුණක් ඇතිවද? අපි මේ ගැන පාලමේ මෙහෙයුම් කටයුතු භාර චීන නිලධාරියකුගෙන් විමසීමු.

මෙම පාලම ඉදිකිරීම හරහා චීනය හා හොංකොං අතර ගමනාගමනය වේගවත් වනවා. ඒ හරහා ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම වෙනවා. එයින් චීනයට මෙන්ම හොංකොං රාජ්‍යයටද  ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභයන් සුවිශාලයි.

මෙම පාලම හරහා එකිනෙකට වෙනස් හා ශක්තිමත් ආර්ථික ව්‍යුහයන්, සමාජ ව්‍යුහයන් තුනක් එකට යා කෙරෙනවා. හොංකො රාජ්‍යයේ වාණිජ සේවා, චීනයේ නිෂ්පාදනයන් හා මැකාවෝ හි සංචාරක හා විනෝදාත්මක ව්‍යාපාර ක්ෂේත‍්‍රය එක්වෙනවා. එමගින් එම සෑම ක්ෂේත‍්‍රයකටම අනන්‍ය ලෙස වර්ධනය වීමට අවස්ථාව ලැබෙනවා යැයි චීන නිලධාරිවරයා අප වෙත පැවසීය.

අපි මෙම පාලම ගැන බස් රථයේ අප සමග ගමන් ගත් හොංකොංහි ව්‍යපාරිකයකු වූ ෂෙන්ග් වූ මහතාගෙන්ද අදහස් විමසීමු.

මෙම පාලම හරහා අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයටද විශාල පිටිවහලක් ලැබෙනවා. අපේ රටේ බලධාරීන් මෙම පාලම සෑදිය යුතු බවට වන යෝජනාවක් මීට වසර ගණනාවකට පෙර, එවකට අපේ රට පාලනය කළ බි‍්‍රතාන්‍ය බලධාරීන්ට ඉදිරිපත් කළා. ඔවුන් එය ක‍්‍රියාත්මක කළේ නැහැ.

නමුත් දැන් අපේ රට යළිත් අපගේ මව්බිම වන චීනයට අයත්වෙලා. චීන රජය මෙම පාලම හදන්න ගත්ත පියවර රටට අපිට විශාල සේවයක්යයි ඔහු පැවසීය. හොංකොං කියන්නේ ලෝකයට වඩාත් විවෘත වූ රටක්. එහි ආර්ථික රටාව වෙනස්, චීනයේ ආර්ථික රටාව හා හොංකොං ආර්ථික රටාවන් පවා මෙම පාලම හරහා මිශ‍්‍ර වනවා. ඒ හරහා දෙරටේම ආර්ථිකය වර්ධනය වනවා යයි ද ඒ මහතා අප වෙත වැඩිදුරටත් පැවසීය.

ආරම්භයේදී මේ පාලම ‘සුදු අලියකු’ ලෙස බටහිර මාධ්‍ය පවා  විවේචන එල්ල කළේය. නමුත් විවෘත කර මාස කිහිපයක් ගතවීමටත් පෙර බටහිර රටවල සංචාරකයෝ පවා පාලම හරහා ගමනට පොරකමින් සිටිති. ඒ අනුව පාලම තරණය කිරීමට නිකුත් කරන බලපත් හරහා ලොවට පමණක් වසරකට ඩොලර් මිලියන 86ක ආදායමක් ලබාගැනීමට චීන රජය අපේක්ෂා කරයි.

‘එක රටක්, ක‍්‍රම දෙකක්’ යන චීනයේ ප‍්‍රධාන ආර්ථික ක‍්‍රමෝපායක්  යටතේ මෙම පාලම ඉදිව ඇත,  පාලමක් වැනි ඉදිකිරීමක් තුළින්  රටක ආර්ථික වර්ධනයට, අභිවෘද්ධියට කෙතරම් විශාල දායකත්වයක් ලබාදිය  හැකිද යන්නද චීනය මෙම සුවිශේෂී නිර්මාණය හරහා ඔප්පු කර පෙන්වාදී ඇත. එසේම නිශ්චිත අරමුණක් හා සැලැස්මක් සහිතව  ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීම හරහා රටකට ලබාගත හැකි ප‍්‍රතිලාභ පිළිබඳවද චීනයෙ මෙම සුවිශේෂී පාලම හරහා  අපට ආදර්ශයන් ලබාගත හැකිය.

Untitled-20 Untitled-21 Untitled-22
28d2df6d1dac405c89995b7fb6bd97a2 c7tLG3YubbY8TZA7Z8V7GFSLsTKpHJrOPK7vNDyu7zQ GettyImages_1057838710 hongkongbridge1 macau_hongkong_bridge001