මට ඔහු හමුවුණේ යකඩ නගරය හරහා මිනිසුන් සොයා ගිය උදයකය. යකඩ නගරය යැයි කීවේ පංචිකාවත්තටය. නගරය මැදින් වැටී ඇති ඇළ මාර්ගයක් අයිනේ ඇති පටු මාර්ගයක මා ඇවිද ගියේ මාලිගාවත්ත දෙසටය.

නොදැනුවත්වම මා ගමන් කර තිබුණේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසලටය. මේ මිනිසා මට හමුවන්නේ එහිදීය. මට හමුවූ මේ මිනිසාගේ මිත්‍රයා සැබෑම යකඩ මිනිසෙකි. හේ ජැමෙයිකානු ගායක බොබ් මා‍ලේ අදහන්නෙකි.

මගේ නම සුරංග ජනකාන්ත. මගේ උපන් ගම ග්‍රෑන්ඩ්පාස්මයි. වයස දැන් නම් 42යි. ඉගෙන ගත්තේ දෙමටගොඩ සෙන්ට් මැතිව් එකෙන්. ඉගෙනීම  නම් එච්චර නෑ. මං 1996 සිංගප්පූරුවේ ගියා. එහෙදි තමා මුලින්ම මම බොබ් මාර්‍ලේගේ සිංදු අහන්න පටන් ගත්තේ. මම පස්සේ බොබ් මාර්‍ලේගේ සිංදුවලට ආදරය කරන්න පටන් ගත්තා. ආයේ මං ලංකාවට 1998 ආවා. අපේ තාත්තාට තිබ්බා කඩයක්. මං ආවාම පස්සේ බොබ් මාර්‍ලේගේ පින්තූර, ‍පෝස්ටර් කඩේ තැනින් තැන ගැහුවා. ආයෙ 99 සිංගප්පූරු ගිහිල්ලා 2000 ආයේ ආවා. පස්සේ කඩේ වැඩ ටික මං භාර ගත්තා.

පස්සෙ මේ කඩේම මං මාර්‍ලේගේ ‍පෝස්ටර්, බැනර් ගහලා හැදුවා. පස්සේ මං 2002 Shesto DJ අහන්න පටන් ගත්තා. මාර්‍ලේගේ සිංදුත් එක්ක. කඩේ වැඩ කරන ගමන් Music වලට ආස නිසා  DJ ඉගෙනගන්නත් මං පෙලඹුණා. මම පස්සේ කඩේට නමක් දාන්න ඕන වුණේ ඛෙත්තාරාමේ ගාවම හන්දිය වගේ නිසා City කියලා ගත්තා. බොබ් මාර්‍ලේගේ රට Jameica වත් ගත්තා. පස්සේ  Jameica City කියලා දැම්මා. මීට අවුරුදු 6කට කලින්  බ්චථඥඪජච ඛිඪබර ඛිධතධථඡධ කියලා නම වෙනස් කළා.

මේ වෙද්දී අප දෙන්නා සිටින්නේ ජමෙයිකා සිටිහි තුන්වන මහ‍ලේය. මෙතැනට ‍පොඩි ‍පොඩි ගෙවල් එකතුවී සෑදුණු කඩි ගුළක් සේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයම දිස්වේ.  බොබ් මාර්‍ලේගේ රාමු කළ පින්තූර  විශාල වීදුරුවකින් රාමු කෙරූ දේශීය සහ විදේශීය නෝට්ටු, බොබ් මර්‍ලේගේ සමරු ඵලක තේ කඩයේ තැනින් තැන තිබෙනු මම දුටුවෙමි
බොබ්ගේ සිංදු ප්‍රියමනාපයි. රෙගේ ස්ටයිල් එකේ සිංදු අහන්න පුළුවන්. බොබ් මා‍ලේගේ හැමදේම මට හම්බවෙනවා.

එයාගේ ගැන ලියවුණ සඟරා මට හම්බවෙනවා. එයාගේ ගැන ලියැවුණු සඟරා ‍පොත්, චිත්‍ර ‍පෝස්ටර්, සමරු ඵලක මගේ පිටරට යාළුවෝ ගෙනත් දෙනවා. මං කරන්නේ හැමෝටම පේන්න මගේ කඩේ ඒ දේවල් ප්‍රදර්ශනය කරන එක ගිය සතියේ මගේ යාළුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා එව්වා මාර්‍ලේගේ  මැගසින් එකක්. කඩේ ගැන මිනිස්සුන්ට ලොකු ආදරයක් තියෙන්නේ.  අනිත් කඩවලට වඩා මෙතැන වෙනස්නේ. හැමෝම කියන්නේ බොබ් මර්‍ලේගේ කඩේ කියලා.

අපේ නම් ගම්වත් කියන්නේ නෑ. කෝල් කරලා කවුරු හරි කියන්නේ බොබ් මාර්‍ලේගේ කඩේ ඉන්නේ වරෙන් කියලා. ඛෙත්තාරාමේ ළඟ හින්දා සමහරක් ක්‍රීඩකයෝ ප්‍රැක්ටිස් දවස්වලටයි, මැච් දවස්වලටයි නිතරම කඩේට එනවා යනවා.  පිටරට ක්‍රීඩකයොත් ඉඳහිට එනවා නම් වශයෙන් නම් මතක නෑ. මැච් දවස්වලට  වෙනම ච්බ් ඉඥබභන  එකක් දාලා ‍පොඩි ටභද එකක් දෙනවා.

මාර්‍ලේගේ සිංදුවෙන් සිංදුවට එකටම ආවේණික සුවිශේෂී බවක් තියෙනවා. මාර්‍ලේට කොච්චර ආදරය කළත් මට මාර්‍ලේ වගේ වෙන්න බැහැ.  බොබ් මාර්‍ලේ මස් නොකෑවාට මට මස් නොකා ඉන්න බෑනේ.  නමුත් මගේ ජීවිතේම ගැළපෙන විදිහට මං එයාගේ දේවල් ගළපගෙන ඉන්නේ.  කොයිවෙලාවෙත්  සතුටින් ඉන්නේ මං. දුකක් කියන දෙයක් ගාවගන්නෙවත් නෑ. ගෙදර කට්ටියගේ සහයෝගය හින්දා තමා කඩේ දියුණු කරගෙන යන්නේ.

මේ කඩයට  ගොඩවුණහොත් සුරංග ඔබට රසවිඳින්න දෙන්නේ බොබ් මාර්‍ලේගේ එන්රික්ගේ ගීතයය. සුරංගගේ වෘත්තිය මිත්‍රයා රුවන්ය. ඔහුත් සුරංගටම කැපෙන සුහදශීලී පුද්ගලයෙකි. නිරතුරුවම රුවන් කාර්යබහුලය. මන්ද ග්‍රෑන්ඩ්පාස්හි ලොකු කුඩා සියලු දෙනා බොබ්මා‍ලේගේ කඩේට එන බැවිනි.  කඩේට එන හැම කෙනෙක්ම බලන්න වටින දෙයක් ඉතිරි කරලා තියෙනවා. සිංදු අහන එක වගේම කාසි, නෝට්ටු එකතු කරන එකත් මගේ විනෝදාංශයක්.  මං මේ හැමදේම ගෙදර තියාගෙන බල බල හිටියොත් ඒ දේ මට විතරයි. ඒ නිසා ලංකාවේ පිටවුණ හැම කාසියක්ම, නෝට්ටුවක්ම මංම හදපු කැබිනට් එකක දාලා කඩේ හයිකළා.

බොබ් මාර්‍ලේ යනු හුදෙක් ගායකයෙක් පමණක් නොව පීඩිතයා වෙනුවෙන් තම හඬ අවදි කළ තම දේශය වෙනුවෙන් පෙනී සිටි සැබෑ විප්ලවවාදියෙකි. එහෙව් මිනිසෙකුගේ කලා භාවිතයට පෙම් බඳින අපේ දුටු නුදුටු මිනිසා සමග අංශක කිහිපයකින් දේශපාලනයේ දිශානතියට මම හැරුණෙමි. අ‍පෝ දේශපාලනය අන්තිමයි. සිස්ටම් එකක් නැති නිසා ඔක්කොම බොබ්ගේ දේශපාලනය අපේ දේශපාලනය එක්ක බැලුවාම හාත්පසින්ම වෙනස්. එයා හැමෝටම සලකපු කෙනෙක්.  මට තියෙන ලොකුම හීනයක් තමා කවදාහරි ජැමෙයිකාවට යන එක. ගිහින් මට  ඒ පරිසරය අත්විඳින්න ඕනෙ. බොබ්මා‍ලේ ජීවත්වුණ තැන්වල ඇවිදලා ඒ තැන් බලාගත්තා නම් මට හොඳටම ඇති. හැබැයි මං බොබ් මාර්‍ලේට ආදරය කළාට තවත් කට්ටියකට බොබ් මාර්‍ලේ ගැන තියෙන්නේ වැරදි පින්තූරයක්. ඒ මිනිස්සුන්ට බොබ් මාර්‍ලේගේ වටිනාකම ගැන අදහසක් නැහැ. ලංකාව බොබ් මාර්‍ලේට අල්ල ගත්තේ වැරදි තැනින්.මං බුද්ධාගමේ. හැබැයි ඔක්කොම ආගම්වලට මං ආදරෙයි. හැම ආගමකම යාළුවෝ එක්ක  සතුටින් ඉන්න කෙනෙක්. මේනු එක දවල්ට  උදේට ඉඳිආප්ප, පිට්ටු, බත්, නූඩ්ල්ස්, කිරිබත්, මඤ්ඤාෙක්කා, කඩල, දේශීය ආහාරවලට තමා අපි මූලිකත්වේ දෙන්නේ.

කෑම ගෙදරදීමයි හදන්නේ.  සිංගප්පූරුවේ මං යද්දි අවුරුදු 16යි. මං එහේ රෙස්ටුරන්ට් එකක වැඩ කළා.
Jameica City පිහිටා ඇත්තේ මුඩුක්කු නිවාසවලින් වටවූ භූමියකය. එහි මධ්‍යම පාන්තික මෙන්ම අන්ත දුගී ජනතාව ද හුස්ම ගනී. එසේම මේ ප්‍රදේශවල මිනිසුන්ට හා Jameica City සාමාන්‍ය අවන්හලක එහා ගිය ගනුදෙනුවක්ය.

මගේ කඩේ හැම දෙයක්ම එළියේ තියෙන්නේ. මගේ ගෙදර ජනේල නෑ. මගේ යාළුවන්ට කියලා තියෙන්නේ මගේ ඕන දෙයක් අරන් පලයන් මාව තියලා පලයන් කියලා.  කවුරුත් මොනවාහරි තියලා ගියොත් මිසක් කඩෙන් දෙයක් අරන් යන්නේ  නෑ.

මගේ කඩේ ඉඩ නෑ දන් බොබ් මාර්‍ලේගේ පින්තූර එල්ලන්න. ඒ හින්දා ගොඩක් ඒවා ගෙදර අරන් තියලා තියෙන්නේ. යාළු මිත්‍රයන්ටත් දෙනවා.

මං දැනට ආසම ගායකයා අමරසිරි පීරිස්. ඒ වගේම දේශපාලනය අංශයෙන් පුටින්ට ආසයි. රටකට ගැළපෙන මිනිස්සු. රටේ මිනිස්සුන්ට කිසි වරදක් වෙලා නෑ. හරි දක්ෂයි. හරි බුද්ධිමත්. වැඩ නම් වැඩ. මේ දවස්වල මං facebook එකේ පුටින්ගේ දේවල් තමා share කරන්නේ. ඔබාමාටත් යම්කිසි ආසාවකුත් තියෙනවා. මට එයා මිනිස්සු ආලය කරන විදිහට කැමැති සමහරක් තැන්වල එයා දොර ඇරලා දොර අරින්න ඉන්න කෙනාට අතට අත දීලා යනවා. අපේ දේශපාලකයෝ එහෙමද?

පැයක පමණ කතාබහෙන් පසු සුරංගගෙන් මා වෙන්වූයේ බොබ් මාර්‍ලේ අලුතින්ම කියවිය යුතුය යන දැඩි අදිටනෙනි. මා Jameica city යේ පංචිකාවත්තට පියනැගුවේ “No woman no cry” ගීතය ශ්‍රවණය කරමිනි.

අයන්ත යුනේෂ් ප්‍රනාන්දු