අනාගතය වෙනුවෙන් ලෝකය වෙනස් කරන තරුණ විද්‍යාඥයන් අතරට ලංකාවේ තරුණියක් ලැයිස්තුගත වූ බව ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සඟරාව පසුගියදා නිවේදනය කළේය. වසර ගණනාවක සිට මෙම ලැයිස්තුවට ඇතුළත් කරනුයේ විවිධ අංශවල විශේෂඥයන් වූ වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් 30 දෙනෙකි. වාර්ෂිකව සිදුකෙරෙන මෙම ලැයිස්තුගත කිරීම එ් එ් විෂයයෙන් ,30 ඹබාැර 30, ලෙස හඳුන්වනු ලබයි. ශ‍්‍රී ලංකාවේ තරුණියක වන ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා හා ජෛව ඉංජිනේරු අංශයේ පර්යේෂිකා, ආචාර්ය හසිනි ජයතිලක මෙවර ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීමට එක්වී ඇත්තේ 2019 වසර සඳහා විද්‍යා අංශයෙනි. ලොව පුරා සිටින තරුණ විශේෂඥයන් අතරින් හොඳම 30 දෙනා තෝරාපත්කර ගන්නා මෙම ලැයිස්තුවට හසිනි තෝරාගෙන ඇත්තේ පිළිකා රෝගියකුගේ සිරුර තුළ පිළිකා රෝගය පැතිරීම, එය පාලනය කිරීම පිළිබඳ සොයාගැනීම ඇගයීමටය. මේ වන විට ඇය ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක ලෙස කටයුතු කරන්නීය.

ඉංජිනේරුවරයකු වූ සරත් ජයතිලක මහතා සහ නීතිඥවරියක වූ ශිරන්ති ජයතිලක දෙපළට දාව උපන් හසිනි ජයතිලක උපත ලැබුවේ  ඕස්ටේ‍්‍රලියාවේ දීය. එහෙත් ඇය සිය ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ ශ‍්‍රී ලංකාවේදීය. කොළඹ ශාන්ත බි‍්‍රජෙට් කන්‍යාරාමයෙන් ද පසුව කොළඹ ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලෙන් ද ඇය මූලික අධ්‍යාපනය ලැබීය. එහිදී ලන්ඩන් සාමාන්‍ය පෙළ හා ලන්ඩන් උසස් පෙළ හදාරා ඇය උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඇමෙරිකාවට ගියාය. 2009 දී ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී හසිනි අණුක ජීව විද්‍යාව පිළිබඳ හැදෑරීමට පටන් ගත්තාය.

”මම මේ පර්යේෂණ ආරම්භ කළේ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේදී. මගේ පර්යේෂණ කටයුතු ප‍්‍රකාශයට පත්කිරීමට වසර 7ක් ගතවුණා. 2013 දී මා එම උපාධි කටයුත්ත අවසන් කළා. ඉන්පසුවත් මෙම පර්යේෂණය පවත්වාගෙන ගියේ මගේ පශ්චාත් උපාධි පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන්. මගේ පශ්චාත් උපාධිය අවසන් කළේ පසුගිය වසරේදීයි. පර්යේෂණය සඳහා මට කණ්ඩායමකගේ සහය ලැබුණා. ජෝන් හොප්කින්ස් සරසවියේ අණුක ජීව විද්‍යා මහාචාර්යවරයකු වන ඩෙනි වර්ට්ස්, ආචාර්ය ජෙරී ලී, ආචාර්ය රොන්සෑන් සහ ඔහුගේ කණ්ඩායම මට සහාය වුණා.” යැයි හසිනි පවසන්නීය.

සාමාන්‍යයෙන් පිළිකා ෙසෙල හඳුන්වනුයේ ශරීරයේ සාමාන්‍ය ෙසෙලවල කාර්ය අවහිර කරවන අසාමාන්‍ය ෙසෙල වර්ධනයකටයි. මෙම පර්යේෂණ වාර්තාව පළමුවරට ප‍්‍රසිද්ධ මාධ්‍ය තුළ මුදාහැරුණේ ‘නේචර් කමියුනිකේෂන්’ විද්‍යා සඟරාවේයි. මෙම වාර්තාව මුදාහැරීමත් සමග එම සඟරාවේ එතෙක් වැඩිම වාරයක් කියවූ වාර්තාවක් බවට එය පත්වී ඇතැයි ද එම සඟරාව පවසා තිබුණි. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ මේ පිළිබඳ උනන්දු වූ අතර ජාත්‍යන්තරය තුළ මේ පර්යේෂණය වෙත ලැබී ඇත්තේ පෙර නොසිතූ තරමේ අවධානයක් මෙන්ම ප‍්‍රසිද්ධියකි.

තම පර්යේෂණය පිළිබඳ හසිනි කියන්නේ මෙවැන්නකි. ”මෙම පර්යේෂණයෙන් ලෝකයේ ප‍්‍රථම වතාවට පිළිකා රෝගයක පැතිරීමට හේතු සහ එය අඩු කිරීමට හේතු සොයාගත්තා. පිළිකා රෝගීන්ගෙන් 90%ක්ම හේතුවන්නේ මෙම පිළිකා ෙසෙල මුල් ස්ථානයෙන් වෙන්වී වෙනත් ස්ථානයකට වේගයෙන් ගමන් කර පැතිරීම නිසයි. මෙම පැතිරීම හඳුන්වන්නේ ඵැඒිඒිසි ලෙසයි. මේ පර්යේෂණයේ අරමුණ වුයේත් මෙම පිළිකා ෙසෙල පැතිරෙන ආකාරය හා පැතිරීම වැළැක්වීම මගින් පිළිකා රෝගය මිනිස් සිරුර තුළ පැතිරෙන වේගය අඩු කිරීමයි.

මෙම පර්යේෂණයේදී අපි සොයාගත්තා පිළිකා ෙසෙල ඉතා තදින් කිට්ටු වී ඇහිරී ඇති විට එ්වායෙන් ප්‍රෝටීන දෙකක් පිටකරන බව. එ් කියන්නේ පිළිකා ෙසෙල එක් තැනක වැඩෙද්දී ෙසෙල ප‍්‍රමාණය වර්ධනය වීමට හටගන්නා තෙරපුම තුළ එකිනෙක අතර යම් පණිවුඩ හුවමාරු ක‍්‍රමයක් ගොඩනඟා ගන්නවා. ඒ සඳහා උපයෝගී කර ගන්නේ ඉන්ටලියුකින් 6 සහ ඉන්ටලියුකින් 8 කියන ප්‍රෝටීන වර්ග දෙක. මෙම ප්‍රෝටීන දෙක අනෙකුත් ෙසෙලවලට පණිවුඩයක් දෙනවා එතැනින් ඉවත් වන ලෙස. මෙයින් ලැබෙන පණිවුඩය අනුව පිළිකා ෙසෙල එතැනින් කැඞී ගොස් රුධිරයට හෝ වසා පද්ධතිවලට එකතු වී රුධිරය සමග සිරුරේ වෙනත් වැදගත් ස්ථානවලට ගොස් තැන්පත් වෙනවා. එ් කියන්නේ අක්මාව, වකුගඩු හෝ පෙණහලූවලට ගමන් කරනවා. එම ස්ථානවලදී යළිත් පිළිකා ෙසෙල අලූතින් වැඩෙන්නට පටන් ගන්නවා.

මේ පර්යේෂණයේදී තවත් දෙයක් සොයාගන්නට පුළුවන් වුණා. එ් තමයි මෙලෙස ප‍්‍රාථමිකව හැදෙන ෙසෙල සමූහය, පිළිකාවේ විශාලත්වය පිළිකාවේ පැතිරීමට බලපෑමක් නොකරන බව. අපට මුලින් කී පිළිකා ෙසෙල අතර පණිවුඩ යවන අණු වර්ගය පාලනය කරන්න පුළුවන් නම් එයින් පිළිකා පැතිරීමේ වේගය විශාල ලෙස අඩුකරගන්න පුළුවන්.

මේ පර්යේෂණයේදී පිළිකා ෙසෙල අණු මගින් පණිවුඩ යවන ආකාරය වගේම එය නවත්වන ආකාරයත් සොයාගත්තා. මෙය වෛද්‍ය විද්‍යාවට අලූත්ම සොයාගැනීමක්. එය ඊට වඩා වැදගත් වන්නේ දැනට ලෝකයේ මේ වගේ පිළිකා පැතිරීම නිශ්චිතවම වළක්වන කිසිදු ඖෂධයක් නොමැති වීම. ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක් නිපදවීම සඳහා මෙමගින් මගපෙන්වීමක් කළ හැකි වුණා.” සිය පර්යේෂණ ප‍්‍රතිඵල පිළිබඳ ආචාර්ය හසිනි ජයතිලක එලෙස පවසන්නීය.

”මේ පිළිබඳ අප පර්යේෂණාගාර මට්ටමින් අත්හදා බැලීම් සාර්ථකව සිදු කර තිබෙනවා. එහිදී භාවිතා වන්නේ එක ඖෂධයක් නොව, ඖෂධ වර්ග දෙකක්. එයින් මෙම පිළිකා ෙසෙල බෙදී වෙන්වී පැතිරීමට බලපාන පණිවුඩ හුමවාරුව අඩපණ කරන්න පුළුවන්. ඖෂධ සමාගම් හිතන්නේ පිළිකා ෙසෙල ඇතිවන ප‍්‍රාථමික ටියුමර් විනාශ කිරීම පිළිබඳයි. ෙසෙල පැතිරීම නවත්වා පිළිකා ෙසෙල වර්ධනය වැළැක්වීමට මෙම පර්යේෂණයෙන් උදව් වෙනවා. ඖෂධ දෙකක් මගින් එය කළ හැකියි.

යම් පුද්ගලයෙකුට පිළිකාවක් ඇති බවට හඳුනාගත් වහාම මෙම ඖෂධ සංයෝගය ලබා දුන්නොත් පිළිකා ෙසෙල පැතිරීම වළක්වා ගන්න පුළුවන්. මේ පැතිරීම පාලනය කළත් සමහර විට පිළිකා ෙසෙල සහිත ටියුමර් එකක් හෝ පිළිකාවක් හටගැනීම දැනට පාලනය කළ නොහැකියි. අපේ ඊළඟ උත්සාහය මෙවැනි පිළිකා ෙසෙල වර්ධනය වූ තැනම ඒවා විනාශ කළ හැකි ඖෂධයක් මෙම ඖෂධ හා සංයෝජනය කිරීමටයි.” යැයි ද ආචාර්ය හසිනි ජයතිලක පවසන්නීය.

”මෙම පර්යේෂණ ප‍්‍රතිඵල සඳහා ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ බව ඇත්ත. නමුත් මගේ පර්යේෂණ එතැනින් නවතින්නේ් නැහැ. ලෝකයේ පැතිර පවතින භයානක රෝගවලට ඖෂධ සොයාගැනීමේ ප‍්‍රයත්නයේ මා දිගටම නිරත වෙනවා. මොන හේතුවක් නිසාවත් මගේ අරමුණ වෙනස් කරන්නේ නෑ.” ආචාර්ය හසිනි ජයතිලක අවධාරණයෙන් කියන්නීය.

විද්‍යාවෙන් ලෝකය වෙනස් කරන අවුරුදු 30ට අඩු විද්‍යාඥයන් 30 දෙනා අතරට ගිය ආචාර්ය හසිනි ජයතිලකට ලොව පුරා දුක්වි`දින පිළිකා රෝගීන්ගේ වේදනාව දුරලීම උදෙසා කරන අතිමහත් මෙහෙවර හා කැපවීම පිළිබඳ හෘදයාංගම ස්තූතිය මෙන්ම ඇයගේ පර්යේෂණ වෙනුවෙන් අපගේ සුබපැතුම් පුද කරමු.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

Untitled-8