නැගෙනහිර ඉන්දියාවේ, ජර්හාන්ද් ප්‍රාන්තයේ, ජම්සෙට්පූර් නගරයේදී ඉකුත් 15 වැනිදා මෙරටටද විශේෂිත සමුළුවක් ආරම්භ විය. එය විස වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂිත සමුළුවකි. රටවල් පනහකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන එම සමුළුව නියෝජනය කිරීම සඳහා මුල් වරට ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ද ඉකුත් 14 දා ඉන්දියාව බලා පිටත්ව ගියේය. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකි. සර්වාංග රෝග, කැඩුම් බිඳුම් වෙදකම සහ සර්ප විෂ වෙදකම සම්බන්ධව ඔහු ප්‍රවීණයෙකි. මෙම සමුළුවේදී විෂ වෙදකම සම්බන්ධව විශේෂිත දේශනයක්ද ආදිවාසී නායකයා විසින් පැවැත් වූවේය. මෙරටදී කෙරෙන විෂ වෙදකම සම්බන්ධව ප්‍රදර්ශනයක්ද පැවැත්වීය.

මෙම සමුළුව ටාටා ස්ටීල් සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මෙම සමුළුව සඳහා ලෝකයේ විවිධ භාෂා කතා කරන ජන කණ්ඩායම් නියෝජනය කරමින් එම කණ්ඩායම්වල නායකයින් සහභාගි වූහ. ඕස්ට්‍රේලියාව, කැනඩාව, කෙන්යාව ආදී රටවල් පනහක පමණ විවිධ ජන කණ්ඩායම් නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි විය. ඉකුත් 15 දා ආරම්භ වූ මෙම සමුළුව 19 වැනිදා අවසන් විය.

මෙම සමුළුවට ආදිවාසී නායකයා සමඟ අශෝක කරුණාරත්න නමැති වෙද මහතා සහ තවත් වෙද මහතෙකුද සහභාගි විය. මෙම සමුළුව පිළිබඳව ආදිවාසී නායකයා අප සමඟ මෙලෙස කීවේය.

මේ ඇත්තෝ සර්වාංග වෙදකමත් මන්දො කරනවා. සර්ප විෂ වෙදකමත් මන්දො කරනවා. කැඩුම් බිඳුම් වෙදකමත් මන්දො කරනවා. මේ ඇත්තන්ට තිබෙන්නේ විෂ වෛද්‍ය දේශනයක්. දැන් මේ ඇත්තන්ට තිබෙනවා එතැන ප්‍රදර්ශනයකුත් තිබෙනවා. මේ ඇත්තෝ එක එක අවස්ථාවලදී විෂ මැරුම් ‍පොජ්ජ මන්දො කරන විට, විෂ ඇදුම් ‍පොජ්ජ මන්දො කරන විට, වමනය මන්දො කරන, නස්නය මන්දො කරන ඒ බෙහෙත් තැනවල් ඇන්න මංගච්චනවා ප්‍රදර්ශනයට. යැයි කීවේය.

සර්පයෙකු දෂ්ට කළ අයෙකුට නිසි වෙලාවට ප්‍රතිකාර නොකළහොත් මරණය පවා අත්වියහැකි බව ආදිවාසී නායකයා කියන්නේය.

ඇත්තතැනින්ම සර්ප විෂ වෙදකමයි අමිමිලා ඇත්තෝ කැකුළෙක් මන්ද වෙන එකමයි දෙකකමම එකවගේ බරපතළ තැනේ එකමයි. සර්ප විෂ කියන එකම ඒ වෙලා ‍පොජ්ජේ හනි හනික වෙදකම් ‍පොජ්ජ කරන්න කොදෝ වුණොත් මිනිස් ගජ්ජොන්ගේ මාමා කැච්චක් පෙණහලුවලට, හෘද වස්තුවට, හන්දිවලට, ‍ලේවලට, මොළේට, අක්මාවට, පිත්තාශයට, වකුගඩුවලට මේ විස මංගච්චනවා. එතැන හිත්ලාගෙනම විෂ ඇඟ ‍පොජ්ජ මංගච්චන්න ඉස්සර විස අඩු තැන මන්දෝ කරගන්න ඕනේ. ඒ විස මංගච්චන එකම නතර ‍පොජ්ජ මන්දො කරගන්න ඕනේ. ඇත්තතැනින්ම විෂ වෙදකම මාම කැච්චක්.

නයා, ‍පොළඟා, කරවලා තමා විෂ වැඩි තිබෙන්නේ. ඒ උග්‍ර විෂ තිබෙන එකම. නයි පිහිටන ඇත්තෝ එකමක් අඟහරුවදා සවස් ‍පොජ්ජෙට, පසළොස්වක ‍පොහොය දවස් ‍පොජ්ජෙට, හතරමං හන්දියකදී කැවිල්ලෑවොත් ඒ ඇත්තන්ට කතා දමන්නවත් කොදෝ වෙනවා. කැවිල්ලානකොටම සිහි ‍පොජ්ජ කොදෝ වෙනවා. දියඹර දමනවා.

මාමකැච්චක් දරුණු තැනයි. ඒ ඒ දින ‍පොජ්ජවල් තිබෙනවා. ඒ දින ‍පොජ්ජවල්වලට ඒ ඇත්තන්ගේ දළ ‍පොජ්ජ බැදුම් ‍පොජ්ජ මන්දො වන ගණන් ‍පොජ්ජ තිබෙනවා. දළ ‍පොජ්ජ දෙකම වැදුම් ‍පොජ්ජ මන්දො වෙනවා. හතරම වැදුම් ‍පොජ්ජ මන්දො වෙනවා. දළ ‍පොජ්ජ තුනමක්. එකමයි බාගේ තැනක්, දළ එකක් එහෙම වැදුම් ‍පොජ්ජ මන්දො වෙනවා එක එක දින ‍පොජ්ජවල්වලට. එතකොට ඒ ඇත්තන්ගේ එක එක අංශ තිබෙනවා. වම දකුණ දෙකම අංශ තිබෙනවා. ඒ ඒ දින ‍පොජ්ජට ඒ ඇත්තන්ට හුරු අංශම කැවිල්ලෑවොත් විෂ ‍පොජ්ජ වැඩි තැන. ඉතින් ඒ දින ‍පොජ්ජේ හැකුමට රුකුලට මන්දො කරන්න ඕන බෙහෙත් තැනයි මන්ත්‍ර ‍පොජ්ජයි දෙකමම තිබෙන්න ඕනේ. සමහර දවස් තිබෙනවා බෙහෙත්වලින්ම ගුණ ‍පොජ්ජ මන්දො කරන්න හිත්ලානවා. සමහර දවස් තිබෙනවා මන්තරයි බෙහෙතුයි දෙකමම මංගච්චන්න ඕනේ. ඒ වගේම මන්තර ‍පොජ්ජවලින්ම ගුණ ‍පොජ්ජ මන්දො කරන්න හිත්ලාන වෙලා ‍පොජ්ජවල් තිබෙනවා. ඉතිං අර විස ඉරුම් ‍පොජ්ජ මන්දො කරන බෙහෙත් තැනවල් තමයි වැඩි තැනක්ම මේවා කරන්නේ. අර බඩ ‍පොජ්ජට ‍ලේ ‍පොජ්ජ වාගේ මංගච්චලා තිබෙනවා නම් එතැන වමනය ‍පොජ්ජ මන්දො කරනවා. එතකොට විරේක ‍පොජ්ජ මන්දො කරනවා. නස්න තිබෙනවා. ඒ එහෙම තමයි සර්ප වෙදකමේ තිබෙන්නේ. යැයි ආදිවාසී නායකයා පවසන්නේය.

සර්ප වෙදකමේදී මන්ත්‍ර සාස්ත්‍රය භාවිත කළද රෝගියාගේ ශරීරගතව තිබෙන විෂ ඇදීමද සිදුවේ.
වුවමනා ‍පොජ්ජ මන්දො වෙනවා. මන්තරවලින් තමයි විස බාන්නේ. විස බානවා කියලා තමයි මේ ඇත්තෝ කතා දමන්නේ. ඒ මන්තර ‍පොජ්ජවලින් විස බැස්සුම් ‍පොජ්ජ මන්දො කරලා එතකොට බෙහෙත් තැන තබන්න ඕනේ විස ඉරුම් ‍පොජ්ජ මන්දො වෙන්න. විස උරන්න. ඒ තැනවල්වලට බෙහෙත් ගල් තිබෙනවා. ආයේ බෙහෙත් කොළ ‍පොතු තිබෙනවා. ඒ තැනවල් ඇඹරුම් ‍පොජ්ජ මන්දො කරලා තිබ්බාම විස ‍පොජ්ජ අඩු තැන මන්දො වෙනවා. යැයිද හෙතෙම පවසන්නේය.

පුද්ගලයෙකු සර්පයෙකු දෂ්ට කළ පසු එම පණිවුඩය රැගෙන එන පුද්ගලයාගේ හැසිරීමද නිරීක්ෂණයට ලක්කෙරේ.
ඒ තැනත් මන්දො කරනවා. දූත ලක්ෂණ කියලා තමයි එතැනට කතා දමන්නේ. ඒ ඇත්තෝ මංගච්චලා කතා දමන හැටිම, ඒ ඇත්තො රදන දිසාව, ඒ ඇත්තන්ගේ අංග චලන ඒ හැම එකෙන්ම කතා දමන්න හිත්ලානවා මොන එකාද කැවිල්ලෑවේ, කොයි වාගේද විස, අද දවස් ‍පොජ්ජේ කොයි තැනක් කාල ගජ්ජ තිබෙනවාද ඒ වාගේ හිත්ලාගන්න තිබෙනවා. යැයි වන්නිලා ඇත්තන් කීවේය.

බෙහෙත් කරද්දී රාහු කාලය බලනවාද යන්න පිළිබඳව අප ආදිවාසී නායකයාගෙන් විමසුවෙමු.
මෙහෙම එකමක් තිබෙනවා. ඇත්තතැනින්ම සර්පයෙක් දෂ්ට තැන මන්දො කරන්නේ රාහු කාලය එකෙන්ම ‍නෙවෙයිනේ. ඒ අවස්ථාවේ හැටිමට රාහු කාලය කොහොමද කියන එකම ඉරුගලට මන්දො කරන්න අමාරු තැනයි.

රාහු කාලය කියන එක හැටිමට තියෙනවානේ. රෑ මැජ්ජ, දවල් මැජ්ජ, උදේ කා‍ලේ මැජ්ජ රාහු කාලය තිබෙන දින ‍පොජ්ජවල් තිබෙනවා. එතකොට ඒ වෙලා ‍පොජ්ජ රුකුලට මන්දො කරන්න මංගැච්චුවොත් ලෙඩා මියබට දමනවා. ඉතින් ඉක්මන් තැනින් ඒ වැඩ ‍පොජ්ජ මන්දො කරන්න ඕනේ.  යැයි ආදිවාසී නායකයා පැවසුවේය.

වන්නියලා ඇත්තන් ප්‍රතිකාර කිරීමේදී සිය පරම්පරාවෙන් උරුම වූ රහස් බෙහෙත් වට්ටෝරු භාවිත කරනු ලබයි.
ඇත්ත තැනින්ම මේ සර්ප වෙදකම කියන එකම රහස් තැන එකම තමයි තිබෙන්නේ. සර්ප වෙදකමේදී හැම එකකටම මේ අහවල් එකම, මේ අහවල් එකම කියලා කතා දමන්න කොදුයි. මේ ඇත්තන්ගේ හැටිමට. රහස් තැනේ හැටිමට තමයි බෙහෙත් තැනවල් තිබන්නේ. ඉස්සර කා‍ලේ මැජ්ජෙත් රහස් බෙහෙත් තිබෙනවා. යැයි හෙතෙම පවසන්නේය.
සර්ප දෂ්ටනය කළ පසු බොහෝ දෙනෙකු රෝගියාව රෝහලට රැගෙන යාමට කටයුතු කරති. මේ පිළිබඳවද අප ආදිවාසී නායකයාගෙන් විමසුවෙමු.

ඇත්තතැනින්ම මේ ඇත්තන්ගේ වෙදකම් ‍පොජ්ජට කැවිල්ලෑවේ මොන එකාද කියන එකම ඒ ඇත්තන් ඇන්න මංගච්චන්න ඕන කියන එක උවමනා ‍පොජ්ජ කොදුයි.  හැබැයි දොස්තර හූරලාට ‍පොලගෙක් කැවිල්ලෑවා නම් ‍පොලඟා ඇන්න මංගච්චන්න ඕනේ. එතකොට තමයි ඒ ඇත්තෝ ‍පොලොං විසට බෙහෙත් තැන ඇනෝ කරන්නේ.

හැම විසකටම බෙහෙත් තැන මන්දො කරලා, මන්දො කරලා දැන් ඒ විස ‍පොජ්ජට වැඩි තැනින් විස ‍පොජ්ජ තමයි ඇග ‍පොජ්ජට ඇතුල් තැන මන්දො කරන්නේ. එතකොට ඒ ඇත්තෝ රුකුලට මන්දෝ කරන්න කොදෝ වෙලා බෙහෙත් තැන මන්දො කරන්න අමාරු තැන. ඒ ඇත්තන්ට හරි තැනින්ම, විශ්වාස තැන මන්දො කරන්න නම් කැවිල්ලෑවේ මොන එකාද කියන එක ඇන්න මංගච්චන්න ඕනේ. මේ ඇත්තන්ට ඒ වාගේ උවමනා ‍පොජ්ජ කොදුයි. ඒ දින ‍පොජ්ජ මේ ඇත්තෝ හිත්ලානවා. දැන් අඟහරුවාදා දවස් ‍පොජ්ජෙක නම් මේ ඇත්තෝ හිත්ලානවා කැවිල්ලෑවේ මොන එකාද කියන එක. බදාදාටත් එහෙම. බ්‍රහස්පතින්දාටත් එහෙම. සිකුරාදාටත් එහෙම, සෙනසුරාදා එහෙම හැබැයි එදා දවස් ‍පොජ්ජට නයෙක් කැවිල්ලෑවොත් එදා දින ‍පොජ්ජට විස ‍පොජ්ජ තියන එක මත තමයි විස ‍පොජ්ජ තිබෙන්නේ. යැයි හෙතෙම පැවසීය.

වර්තමානයේදී සිංහල බෙහෙත් වට්ටෝරුවලට බටහිර ඔෞෂධ වර්ග යොදා බෙහෙත් සකසන අවස්ථාවන්ද තිබේ.
මේ ඇත්තෝ නම් ඒවාගේ මන්දො කරන්න කොදුයි. ආයුර්වේදයේ ඉන්න වෙද හූරලා, දොස්තර හූරලා ඒ වගේ මන්දො කරනවාද, මේ ඇත්තෝ හිත්ලානවා කොදුයි. යැයි ආදිවාසී නායකයා පැවසීය.

පාරම්පරික සර්ප වෙදකමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල උගන්වන වෙදකමයි අතර වෙනසක් තිබේද යන්න පිළිබඳව අප ආදිවාසී නායකයාගෙන් විමසීමු.

ලොකු පෙනේ වෙනසක් කොදුයි. හැබැයි වෙනස්කම් තිබෙනවා. මාම කැච්චක් ලොකුතැනේ වෙනස්කම් ‍පොජ්ජවල් කොදුයි. මේ ඇත්තෝ මන්දො කරගන්න බෙහෙත් ඒ ඇත්තොත් මන්දො කරගන්න අවස්ථා තිබෙනවා. තෙල් ‍පොජ්ජවලුත් මේ ඇත්තො මන්දො කරගන්න තෙල් ‍පොජ්ජවලුත් ඒ ඇත්තොත් මන්දො කරගන්න තිබෙනවා. මේ ඇත්තො ළඟ තිබෙනවා විෂ හරණ තෛලය, විෂ නීල තෛලය එහෙම එක එක වර්ග තිබෙනවා. හැබැයි ආයුර්වේදයේ ඉගෙනුම් ‍පොජ්ජ මන්දො කරගන්න කට්ටි ‍පොජ්ජත් දැන් ඒ බෙහෙත් තෙල්මයි මන්දො කරගන්නේ. යැයි හෙතෙම පැවසීය.

කැලෑ එළි පෙහෙලි කිරීමත් සමඟ දේශීය ඔෞෂධ වර්ග සොයා ගැනීමද අද ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණපාන ගැටලුවකි.  එමෙන්ම පාරම්පරික ආයුර්වේදය ඉගෙන ගැනීමට උත්සාහ කරන පිරිසද අඩු බව ආදිවාසී නායකයා පවසන්නේය.

දැන් ඇත්තතැනින්ම එතැන ලොකුතැනේ ගැටලුවක් තිබෙනවා. වුවමනා තැන මන්දො වෙන බෙහෙත් තැනවල් මාමකැච්චන්ම අඩු තැනයි. දැන් කැලෑ ‍පොජ්ජ කොදුයි. කැලෑ ‍පොජ්ජ විනාශ තැන මන්දො වෙලා. කැලෑ ‍පොජ්ජ විනාශ වෙන තැන මන්දො වෙන්න මන්දො වෙන්න බෙහෙත් තැනවලුත් විනාශ තැන මන්දො වෙනවා. යැයි ආදිවාසී නායකයා පැවසුවේය. බෙහෙත් තැනවල් ඉගෙනුම් තැනවල් මන්දො කරගන්න එකමෙක් අඩුතැනක් තිබෙනවා. යැයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලා ඇත්තන් කීවේය.

සාලිය කුමාර ගුණසේකර
ksaliya@gmail. com