බොහෝම කාලයක ඉ දලා මම ඉදල්ගස්හින්නේ දුංකන්ද මුදුනට යන්න හිතාගෙන ඉන්නේ. මගේ යාළුවෝ ගොඩක් අය ඉදල්ගස්හින්නේ තියෙන සුන්දරත්වය ගැන කියනකොට මට ඊර්ෂ්‍යයාත් හිතෙනවා. ඒ මදිවාට වීඩියෝ කරලා ඒවා උජාරුවෙන් පෙන්වනවා. ඒ නිසා මම කල්පනා කරගත්තා කොහොම හරි ඉක්මනටම ඉදල්ගස්හින්න යන්න  ඕනි කියලා. මම ඉදල්ගස්හින්න යන්න අදිමදි කරන්නේ එහේ නවතින්න තැනක් හරි කෑමබීම ගන්න තැනක් හරි නැති නිසා.

ඉදල්ගස්හින්න ප‍්‍රවාහන අපහසුකම් තියෙන තේ වගාවේ ව්‍යාප්තියත් සමග ස්ථාපනය වූ ග‍්‍රාමයක්. එය පිහිටලා තියෙන්නේ හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ඉදල්ගස්හින්නට යන්න තියෙන එකම ප‍්‍රවාහන මාධ්‍යය දුම්රියයි. උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර තමයි ඉදල්ගස්හින්න පිහිටලා තියෙන්නේ. ඉදල්ගස්හින්න කදිම නැරඹුම් ස්ථානයක් කියලා හ`දුන්වා දෙන්න පුළුවන්. ඒ ඉදල්ගස්හින්න විවිධ සේයාරු සහ සිත්තම් මවන ස්ථානයක් වීමයි.

මීදුම අතරින් ඉදල්ගස්හින්නේ දුංකන්දට යන ගමන අපි ආරම්භ කළේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ළ`ගින්. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය මුහුදු මට්ටමින් මීටර් 1615ක් ඒ කියන්නේ අඩි 5329ක් විතර උසකින් තමයි  පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ගමන ස`දහා හපුතලේ ශ‍්‍රී ලක් විව් හෝටලයේ රංජිත් මහතාත් විදේශිකයන් කිහිප දෙනෙකුත්  සංචාරක මග පෙන්වන්නෙකුත් මා සමග එකතු වුණා. අපි බදුල්ලේ ඉදලා කොළඹ බලා ධාවනය වෙන උඩරට මැණිකේ දුම්රියෙන් ඉ`දල්ගස්හින්නට එනකොට උදේ 8.05 විතර වෙලා තිබුණා. අපි කෝච්චියට නැග්ගේ හපුතලේ දුම්රිය ස්ථානයෙන්. ඉදල්ගස්හින්නේ දුංකන්දට යන්න තියෙන්නේ ඉදල්ගස්හින්න තේ වත්ත මැදින් එහෙම නැත්නම් තේ වත්ත සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාව අතර මායිම දිගේ උඩහට.

අපි ඉදල්ගස්හින්න උප තැපැල් කාර්යාලය ළ`ගින් එතැන තිබුණ පාරට ගොඩවෙලා වම් පැත්තට තියෙන තේ වතු පාර දිගේ ටිකක් දුරට ගියා. තේ වගාවට සේවන ලබා ගන්න හිටවලා තියෙන ගස්වලින් ඒ පාර අලංකාර වෙලයි තියෙන්නේ. ඒ පාරේ මීටර් 50 ක් 75 ක් ගියාම ඉතාම ලස්සනට ඉදල්ගස්හින්නට පහළින් තියෙන ප‍්‍රදේශය පෙනෙනවා. අපි ඒ පාර දිගේ මීටර් 700 ක්  විතර ගිහිල්ලා පාරේ උඩ පැත්තට තිබුණු අඩිපාරට ගොඩ වුණා. අපි තේ වත්තේ තියෙන අඩි පාර තියෙන විදියටම සෝට්කට් නැතිව ඒ පාර දිගේ ඉහළටම ගියා. එහෙම ගිහිල්ලා මම අර ඉස්සෙල්ලා කිව්ව වන සංරක්ෂණ මායිම අතරට ආවා. අපි නැවත ඒ මායිම දිගේ ඉහළට යන කොට තමයි දැක්කේ ගල් තලයක හිටවලා තිබුණ විශාල යකඩ කොක්කක්. මොකක්ද මේ කොක්ක?

බි‍්‍රතාන්‍ය යුගයේ සුද්දා ආරම්භ කරපු තේ වගාව විශාල තේ යායවල් විදිහට ව්‍යාප්ත වුණා. එහෙම ව්‍යාප්ත වුණාම ඒ තේ වගාවල් ක`දු හෙල්, පල්ලම් ආදියෙන් තේ වගාවට වැසී ගියා. ඒ කාලයේ ප‍්‍රවාහන පහසුකම් අද වාගේ තිබුණේ නැති නිසා සුද්දා මොකද දන්නවාද කළේ? තේ කර්මාන්තශාලාව දක්වා තේ දලූ ප‍්‍රවාහනය ස`දහා කේබල් ඇදලා ඒ කේබල් මාර්ගයෙන් තේ බෑග් ප‍්‍රවාහන කටයුතු සිදු කළා. මේ කොක්කත් මීටර් 300 ක් 700 ක් විතර පහළින් තියෙන තේ කර්මාන්තශාලාවට තේ දලූ ප‍්‍රවාහණය කිරිම ස`දහා උපයෝගී කරගත් ඒ කේබල් සවි කරලා තිබුණ කොක්කක් වෙන්න පුළුවන් හෝ ඒ ආසන්නයේ දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ තියෙන ඉදල්ගස්හින්න තේ කර්මාන්තශාලාවට තේ දලූ රැුගෙන ගිය කේබල් පද්ධතිය සවි කරලා තිබුණ කොක්කක් වෙන්නත් පුළුවන්.

ඉතින් අපි එතනින් ඉවත් වෙලා, පයිනස් වගාවට සේන්දු වුණා. පයිනස් වගාවෙන් බොහෝම අමාරුවෙන් නැගගෙන මීටර් 100 විතර ගියාම ඉදල්ගස්හින්න දුංකන්ද මුදුනට එන්න පුළුවන් වුණා. ඇයි මේ කන්දට දුං කන්ද කියන්නේ? මේ කන්ද වර්ෂයේ වැඩිම දවස් ගණනක් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. ඒ වාගේම දවසේ වැඩි කාලයක් විටින් විට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. අන්න ඒ හින්දා තමයි මේ කන්දට දුං කන්ද කියන්නේ.

ඔබ දන්නවාද ? ලංකාවේ ගොඩක් ක`දු තිබුණාට දුංකන්ද මුදුනට විතරයි, ලංකාවේ තියෙන උසම දියඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල හො`දින් පෙනෙන්නේ.  ඒ වාගේම හොර්ටන්තැන්න රක්ෂිතයේ කොටස් මෙතැනට ඉතා හො`දින් පේනවා. දෙතනගල ක`දු, කූරගල කන්ද, රක්වාන බුලූතොට කදු පන්තිය, ඒ වාගේම සමනල වැව මෙතනට ඉතාම හො`දින් පේනවා. හො`ද පැහැදිලි අහසක් තියෙන දවසක දෙවුන්දර ප‍්‍රදීපාගාරයත් මේතැනට හො`දින් පේනවා කියලා මට දුම්රිය ස්ථානයේදී හමුවුණ අයෙක් පැවසුවා. ඒ වාගේම හල්දුම්මුල්ල නගරය, බෙලිහුල්ඔය , බෙරගල කන්ද, බත්ගොඩ ආදී ස්ථාන ඉතාම හො`දින් පේනවා. ඊට ටිකක් එහාට ගියාම නමුනුකුල ක`දුවැටිය, නායබැද්ද ක`දුවැටිය, හපුතලේ ක`දුවැටිය, බෙරගල කන්ද විතරක් නෙවෙයි වැලිමඩ සානුව දිහාවටම ඉතාම හො`දින් පෙනෙනවා.

ඉදල්ගස්හින්න දුංකන්ද මුදුනේ අවට සිරිය නරඹන කොට ඉතාම ප‍්‍රවේශම් වෙන්න  ඕනි. ඒ මොකද දන්නවාද? එතැන එක එල්ලේම කෙලින් තියෙන ප‍්‍රපාතයක් තමයි තියෙන්නේ. ඔබ දන්නවාද ඉදල්ගස්හින්න දුංකන්ද මුදුන කූඩාරමක් එහෙමත් නැත්නම් රාත‍්‍රියට ගිනි මැලයක් එහෙම ගහගෙන ඉන්න පුළුවන් හො`ද තැනක්. මෙතැන විතරක් නෙවෙයි මීට පහළ තැන් කිහිපයක්ම තියෙනවා එහෙම කූඩාරමක් එහෙම ගහගෙන ඉන්න පුළුවන් තැන්. නිස්කලංකව ඉන්න පුළුවන්. කූඩාරමක් එහෙම ගහගෙන ඉන්නවා නම් මෙතැන ජල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ජල ප‍්‍රශ්නය ම`දකින් හරි අවම කරගන්න තියෙන හොද විස`දුමක් තමයි ඉදල්ගස්හින්නේ තියෙන නිවසකින් කෑම ටිකක් පොඩි මිලකට හදා ගන්න පුළුවන් වුණොත් හරි.

ඊට කලින් මෙතන ගිනිමැලයක් එහෙමත් නැත්නම් කූඩාරමක් එහෙම ගහගෙන රාත‍්‍රිය කවුරුන් හරි ඉ`දලා තියෙනවා. ඉතිරි කරලා ගිය භූමිතෙල් ටිකක්, ගස්වල බැ`දලා තිබුණ පොලීතින් සහ ලණු ආදියත් තිබුණා. මෙහෙම කරලා යන්න එපා. ඒවා ආපහු රැුගෙන යන්න එහෙම නැත්නම් ළ`ගපාත නිවසකට ඒවා දීලා යන්නත් පුළුවන්. පරිසරය අපවිත‍්‍ර කරන්න එපා.

ඉදල්ගස්හින්න දුංකන්ද මුදුනේ මහාරත් මල් එහෙමත් නැත්නම් අශෝක මල් ප`දුරු එහෙමත් තියෙනවා. තෘණ විශේෂ හැරෙන්නට වෙනත් පැළෑටි වර්ග මෙහි දකින්නට ලැබෙන්නේ නෑ, දැඩි මීදුමත් දැඩි සුළ`ගත් නිසා වෙන්නත් පුළුවන්. කන්දේ අනෙක් පැත්තේ තියෙන්නේ පයිනස් වගාවක්.  ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්.

අපි රැුඳී සිටි කාලය අතරතුරම අපට පත්‍යක්ෂ වුණු දෙයක් තමයි මෙතනට දුං කන්ද කියලා කියන්නේ ඇයි දැයි හැඟී ගියා. නිමේෂයකින් මුළු ප‍්‍රදේශයම වසාගෙන මීදුම පතිත වීමත් සමගම දැඩි සුළ`ගකුත් හමාගෙන ආවා.  අපි එහි බොහෝ වේලාවක් විවේක සුවයෙන් ගත කරලා නැවත ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය ළ`ගට එන්න පටන් ගත්තා. ඒ එන අතරමගදී තමයි අපට බදුල්ල දෙසින් කොළඹ බලා යන කෝච්චියක් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට එනවාත් දැක ගන්න පුළුවන් වුණේ.

ඔයාලා ඉදල්ගස්හින්න දුංකන්දට නගින්න ඉස්සෙල්ලා මතක තියාගෙන කරන්න  ඕනි දෙයක් තියෙනවා. මොකක්ද  කියලා දන්නවාද? නෑ නේද? ඒ තමයි දුම්රිය ස්ථානයට ගිහිල්ලා බදුල්ල දිසාවටයි කොළඹ දිසාවටයි කෝච්චි යන වේලාව අහගන්න එක. මොකද දන්නවාද? අපි ඉදල්ගස්හින්න දුංකන්ද බැස්සාම අපිට ඉදල්ගස්හින්නේ නවතින්න තැනක් නැති නිසා අපි ආපහු ආපු දිහාවටම යන්න  ඕනි නේ.

ඒ වාගේම ගමන් බිමන් අපි ඔයාලාට කියන්නේ ඉදල්ගස්හින්න දුං කන්ද තවම ප‍්‍රසිද්ධ නැති තැනක් ඒ නිසා එහේ ගිහිල්ලා පරිසරය විනාශ කරලා එන්න එපා. ගමන් බිමන් අපි ඔයාලාට කියන්නේ එක දවසක් හරි මෙහේ ඇවිල්ලා යන්න අමතක කරන්නත් එපා.

ඉන්දක කරුණාදාස

Untitled-12 Untitled-11 Untitled-10 Untitled-9 Untitled-8 Untitled-7