ශ‍්‍රී ලංකාවේ බෞද්ධ සංකේතයක් වන වටදාගෙවල් කිහිපයක් දකින්නට ලැබෙනවා. ඒවා, අනුරාධපුරයේ ථූපාරාමය, ලංකාරාමය, මිහින්තලේ අම්බස්ථලය, රාජාංගණේ හස්තිකුච්චි විහාරය, ත‍්‍රිකුණාමලයේ තිරියාය, ගම්පහ අත්තනගල්ල සහ පොළොන්නරුවේ වටදාගෙය සහ මැදිරිගිරියේ වටදාගේ. මේ සියලූම වටදාගේවල්වලින් මැදිරිගිරියේ වටදාගේ සුවිශේෂී ස්ථානයක් ලබා ගන්නා වටදාගෙයක්.

වටදාගෙයක් කියන්නේ කුඩා ස්ථූපයක් මැදිකොට නිර්මාණය කරලා තියෙන වෘත්තාකාර හැඩයක් ගන්නා වහලයක් සහිත ගොඩනැගිල්ලක්.

මැදිරිගිරිය වටදාගේ පිහිටලා තියෙන්නේ පොළොන්නරුව නගරයේ ඉ`දලා කිලෝමීටර් 40ක් විතර දුරින්. හබරණ-පොළොන්නරුව මාර්ගයේ, මැදිරිගිරිය හන්දියෙන් හැරිලා හි`ගුරක්ගොඩ නගරය හරහා අඹගස්වැව දෙසට යාමේදී මැදිරිගිරිය වටදාගේ ළ`ගට යන්න පුළුවන්. මැදිරිගිරිය නගරයේ ඉ`දලා කිලෝමීටර් 3ක විතර දුර තමයි තියෙන්නේ. පොළොනේනරුව නගරයේ ඉ`දලා බස් රථයකින් වුණත් මැදිරිගිරිය වටදාගේ බලන්න යන්න පුළුවන්.

මැදිරිගිරිය වටදාගේ නිර්මාණය කරලා තියෙන්නේ කුඩා පර්වතයක් මස්තකයේ, එහි වටා ගඩොල් සහ ගල් උපයෝගි කරලා බැම්මක් නිර්මාණය කර වෘත්තාකාර මළුවක් සකස් කරලා එහි තමයි වටදාගේ නිර්මාණය කරලා තියෙන්නේ.

එහි ගල් පඩි 27ක් තියෙනවා. පඩිපේළිය ආරම්භයේ සරල මුරගලක් තියෙනවා. ඒ සමගම විශාල ගල් උළුවස්සක් තියෙනවා. එය උස අඩි 9ක් සහ අ`ගල් 9ක් වෙනවා. පළල අඩි 4ක් සහ අ`ගල් 9ක් වෙනවා. පඩිපෙළ අවසානයේ වටදාගෙට ඉදිරියෙන් අඩි 25 පළල සහ අඩි 25 දිග ප‍්‍රමාණයේ තැනිතලා වේදිකාවක් තියෙනවා. එහි සිට වටදාගෙයට ඇතුළු වීමට තවත් ගල් පඩි 4ක් නගින්න  ඕනි. එම ගල් පඩි ආරම්භයේ ස`දකඩ පහනක් තියෙනවා. දෙපැත්තේ කොරවක් ගල් දෙකකි. හතරැුස් පීඨීකාවක් මත පුන්කලස් දෙකකි.

වටකුරු මළුව මැද කුඩා දාගැබකි. එහි විෂ්කම්භය අඩි 26කී. දාගැබේ උස අඩි 5ක් දැනට ඉතිරි වී තියෙනවා. ඉන් එහාට එය ශේෂ වී ගිහිල්ලා තියෙන්නේ. මැදිරිගිරියේ වටදාගේ ගල් කුලූනු වට තුනක් දක්නට ලැබෙනවා. 1 වන වටයේ ගල් කුලූනු දාගැබේ පාදයේ සිට අඩියයි අ`ගල් 9ක් දුරින් පිහිටලා තියෙන්නේ. එහි ගල් කණු 16 ක් තියෙනවා. එම ගල් කණුවක උස අඩි 17කි. 2 වන වටයේ ගල් කණු දාගැබේ පාදයේ සිට අඩි 6යි අ`ගල් 3ක් ඈතින් පිහිටලා තියෙන්නේ. එහි ගල් කණු 20 ක් තියෙනවා. එම ගල් කණුවක උස අඩි 16කි. අවසාන ගල් කණු වටය දාගැබේ පාදයේ සිට අඩි 14යි අගල් 9ක් ඈතින් පිහිටලා තියෙන්නේ. එහි ගල් කණු 32ක් තියෙනවා. එම ගල් කණුවක උස අඩි 9කි. සියලූම ගල් කණු අටපට්ටම් හැඩයෙන් කුලූනු හිසක් සහිතව කැටයමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මැදිරිගිරිය වටදාගේ පුරාණයේදී මණ්ඩලගිරිය එහෙමත් නැත්නම් මැඩිලිගිරිය කියන නම්වලින් හ`දුන්වලා තියෙනවා කියලා පැරණි පොත්පත්වල ස`දහන් වෙලා තියෙනවා. මැදිරිගිරිය වටදාගේ කුමන කාලයේ නිර්මාණය කරන ලද්දක් දැයි නිශ්චිතවම කියන්න අපහසුයි, එහෙත් පැරණි බ‍්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් කැට, ලංකා ඉතිහාසයේ මුල් අවධියේ ස`දකඩ පහන්, මුරගල්, කොරවක්ගල් සහ සිරිපා ලාංඡුන මැදිරිගිරිය වටදාගේ අවට දකින්නට පුළුවන්.

ක‍්‍රිව 167-186 කාලයේ ලංකාවේ රජකම් කළ කණිට්ඨතිස්ස නම් රජුට පෙර සිට මැදිරිගිරිය තියෙන්නට ඇති බව පෙනෙනවා. එහෙම කියන්නේ මැදිරිගිරිය වටදාගේ බෞද්ධ විහාරස්ථානයක්  වශයෙන් සාක්ෂි සොයාගෙන යාමේදී ප‍්‍රථමයෙන්ම හමුවන්නේ මේ කණ්ට්ඨතිස්ස රජ්‍ය සමයේදී වීමයි.  මේ රජතුමා විසින් එහි භික්ෂු උපෝසථාගාරයක් ඉදිකරලා තියෙනවා. හතරවන අග්ගබෝධි රජතුමා (ක‍්‍රි ව 667-683* ගේ පාලන සමයේ මලයා රාජා නම් ප‍්‍රදේශිය පාලකයකු විසින් මැදිරිගිරියේ දාගේයක් නිර්මාණය කළ බව ඉතිහාසයේ ස`දහන් වෙනවා. එම දාගෙය වර්තමාන වටදාගේ වන්නට පුළුවන්.

පසු කාලයකදී ශීඝ‍්‍ර සංවර්ධනයකට සහ ශීඝ‍්‍ර බෞද්ධ පුනර්ජීවයකට පත්වූ මැදිරිගිරියේ සංඝාරාම, පොහොය ගෙවල් සහ අරෝග්‍යාශාලාවක්ද එකතු වුණා. ඒ වුණාට සොලී ආක‍්‍රමණ නිසා මැදිරිගිරියේ තිබුණ බොහෝ විහාරස්ථාන සමගම මැදිරිගිරියේ වටදාගේ ආශ‍්‍රිත බෞද්ධ විහාරාරාම සියල්ලම පාහේ සොලී ආක‍්‍රමණවලට හසුවුණා. සොලි ආක‍්‍රමණවලින් පසු මහා විජයබාහු රජතුමා, මහා පරාක‍්‍රමබාහු රජතුමා, දෙවන ගරබාහු රජු ආදී රජවරු නැවත ප‍්‍රතිසංස්කරණය කළා, අලූත්වැඩියා කර නැවත බෞද්ධ පුනර්ජීවයක් ඇති කළා.
1897 වර්ෂයේදී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරු එච්.සී.පී. බෙල් විසින් මැදිරිගිරිය වටදාගේ සොයාගන්නා විටත් ඝන වනාන්තරයෙන් වට වී හ`දුනාගත නොහැකි ආකාරයට තමයි තිබිලා තියෙන්නේ. එච්.සී.පී. බෙල් විසින් මුලින්ම මැදිරිගිරිය වටදාගේ සංරක්ෂණ කටයුතු ස`දහා ශ‍්‍රමිකයන් පිරිසක් යොදවලා තියෙනවා. 1934 වර්ෂයේදී මැදිරිගිරිය වටදාගේ ආශ‍්‍රිත ප‍්‍රදේශය පුරාවිද්‍යා භූමියක් ලෙසට ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා. 1939 දී පමණ පුරාවිද්‍යා වැඩබිමක් වශයෙන් මෙහි සංරක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ආවා. 1942-1945 කාලය තුළදී සෙනරත් පරණවිතාන මහතා විසින් මෙහි සංරක්ෂණ කටයුතු සිදු කරලා තියෙනවා. සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නටබුන්වෙලා පස්වලින් වැහිලා තිබුණ වටදාගේ පාදා ගැනීමට හැකිවෙලා තියෙනවා. ඉන් පසු කාලයේ සිදු කරන ලද කැණීම් හා සංරක්ෂණ කටයුතු නිසා අද අපි දැක බලා සිත පහදවා ගන්නා මැදිරිගිරිය වටදාගේ මේ ආකාරයට සංරක්ෂණය කරලා වත්මන් පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා තියෙනවා.

සෙනරත් පරණවිතාන මහතා විසින් කරන ලද කැණීම් කටයුතුවලදී දැනට තියෙන වටදාගෙයට යට සතරැුස් මළුවක් මත ගඩොලින් නිර්මාණය කරලා තියෙන කුඩා ස්ථූපයක් හමුවෙලා තියෙනවා. එම ස්ථූපය අද වුණත් දැක බලා ගැනීමට හැකි ආකාරයට සංරක්ෂණය කරලා තියෙන්නේ. එම කුඩා ස්ථූපය ආරක්ෂා කිරීමට මෙම වටදාගේ පසු කාලයේදී නිර්මාණය කරන්නට ඇති බව සිතාගන්න පුළුවන්. එම කුඩා ස්ථූපය වර්ෂ 700 හෝ 800 හෝ පැරණි වෙතැයි ගණන් බලා තිබේ.

ඉන්දක කරුණාදාස

Untitled-5 Untitled-4 Untitled-3 Untitled-2