තම පක්ෂයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් ප‍්‍රතිවාදීන් විසින් සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කරමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එවැනි සාවද්‍ය ප‍්‍රචාර මගින් ජනතාව නොමග යැවීම වහාම නතර කරන ලෙස අදාළ පාර්ශවයන් වෙත එම පක්ෂය අවධාරණය කර සිටියි.

මහසෝන් බලකාය නැමැති සංවිධානයක අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකු වෙත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මහ මැතිවරණය ස`දහා නාමයෝජනා ලබාදෙන බවට වන ප‍්‍රකාශය සාවද්‍ය බව පොදුජන පෙරමුණ පැවැසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එවැනි පුද්ගලයෙකු සම`ග මේ මොහොතේ හෝ මින් පෙර අවස්ථාවකදී හෝ කිසිදු සම්බන්ධතාවක් පවත්වා නොමැති බව ද එම පක්ෂය අවධාරණය කරයි.

එමෙන්ම නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවකට එම පක්ෂය මෙතෙක් එළැඹ නොමැති බව ද පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.

පොදුජන පෙරමුණේ නාමයෝජනා වැඩපිළිවෙල වගකිව යුතු සියලූ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සිදු වන ඉතා විනිවිදභාවයකින් යුතු කි‍්‍රයාවලියක් බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනෙයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප‍්‍රමුඛ පුද්ගලයින් වත්මන් භාරකාර රජයේ විවිධ තනතුරු ලබා ගැනීමට උත්සහ දරණ බවට වන ප‍්‍රකාශය ද ඔවුන් ප‍්‍රතික්ෂේප කර සිටියි.