අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි දිවුරුම් ප‍්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක මහතා අත්සන් නොකළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

දිවුරුම් ප‍්‍රකාශයේ අත්සන් නාම ලේඛනයක් බව හැඟවෙන පිටපතක කොටසක් සිය නිල ට්විටර් ගිණුමට මුදාහරිමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

වසන්ත සේනානායක මහතාට වත්මන් ආණ්ඩුවේ ඇමති ධුරයක් හිමිවූ අතර ඉන්පසුව ද යළිත් එක්සත් ජාතික පක්ෂයට ගොස් තිබුණි.

එහෙත් ඔහු ඊයේ පැවැති කැබිනට් රැස්වීමට පැමිණි බව අමාත්‍යවරුන් කිහිපදෙනකු ප‍්‍රකාශ කර තිබුණි.

යළි එක්සත් ජාතික පක්ෂය වෙත නොඓන ලෙස ද හර්ෂ ද සිල්වා මහතා වසන්ත සේනානායක මහතාට දැනුම් දී සිටියි.

harsha