ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 36ක් පමණ මිලැති අයිස් නමැති විෂ මත්ද‍්‍රව්‍ය ග‍්‍රෑම් 300ක් හමුවීමත් සමගයි.

සැකකරු 52 හැවිරිදි වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩි හාරිෂ් නමැත්තෙකි.

ඔහු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර දින 7ක රැු`දවුම් නියෝග ලබා වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද‍්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.