ඕස්ටේ‍්‍රලියානු නාවික හමුදදාවේ හිටපු සෙබළකු ලෙස කටයුතු කළ කිමිදුම්කරුවකු තස්මේනියාවේ ලවුඩර්ඬේල් වෙරළට නුදුරු මුහුදේ දී මඩු මාළුවාගේ වලිග පහරකින් මියගොස් තිබේ.

එම වෙරළට ආසන්න මුහුදු ප‍්‍රදේශය මඩු මත්ස්‍යයින් බහුල ප‍්‍රදේශයක් බවට ප‍්‍රකට ය.

42 හැවිරිදි මෙම කිමිදුම්කරුගේ යටි බඩට මඩු වලිගයේ පහර කෑමෙන් පසු වහා හදිසි ප‍්‍රතිකාර සඳහා වෙරළට ගෙන ප‍්‍රතිකාර කළ ද මියගොස් ඇත.

මියගිය පුද්ගලයා ඕස්ටේ‍්‍රලියානු එ්බීසී මාධ්‍ය ජාලයේ සේ්වය කළ නිවේදකයකුු බව ද හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් සාගර ජෛව විද්‍යාඥ පීටර ලාස්ට් පවසා ඇත්තේ මඩු මත්ස්‍යයා මිනිසාට පහර දීමේ අවස්ථාව ඉතා දුර්ලභ බවය.

මඩු මත්ස්‍යයාගෙග් වලිගයෙහි අග පිහිටා ඇත්තේ දැති සහිත ඝනැති කූරක් මෙනි.

GettyImages-1235399542-592cf7455f9b5859500a86e3 copy copy

himantura-_chaophraya_192 copy copy 9de5698dbd6f77870b0710f3afd3085d copy copy

maxresdefault (2) copy copy madu