අපේ ඉස්කෝලෙ පිහිටුවා ඇති ඡුන්ද මධ්‍යස්ථානයේ පිරිමි පෝලිමට මුලින් ම ගියේ මා ය. ජනාධිපතිවරණයේ දී අපේ මධ්‍යස්ථානයේ දී මා ඡුන්ද පෙට්ටියට ඡුන්ද කෑල්ල කතිරෙ ගසා දමා එළියට එන විට  ඕන්න එකා දෙන්නා බැගින් ඡුන්ද පෝලිම වෙත ඇදී එනවා දකින්නට හැකි විය.

මා පිරිමි පෝලිමේ සිට ඇතුළට පිවිස මගේ අනන්‍යතාවය තහවුරු කරද්දී මට මබිරිඳ හා අන් කාන්තාවක් අතරේ කෙරෙන දෙබසක් මගේ දෙසවන්පත් කරා ගලා ආවේ ය.

‘‘දරුවො අනේ බං දුවේ උඹ පොඞ්ඩක් හිටපන්කො මට ඉස්ඉස්සෙල්ලා ඡුන්ද කෑල්ල දාන්න ඉඩදීලා….’’
‘‘නැන්දට පිස්සු ද…. මං මේ පාන්දරින් ම දුවල ආවෙ මේ ඡුන්ද පෙට්ටියෙ ඡුන්ද මැතිනිට වැඩියෙන් තියෙන්න  ඕනෑ කියා හිත හිතා…. නැන්ද දෙවැනියාට ඡුන්දෙ දාන්න’’

මබිරිය හා කතා කරන්නේ සරණ නැන්දා ය. උන්දැ අටුවම් බැහැපු යූඇන්පීකාරියකි. රුහුණු කලා හවුල ඇරඹී මෙහිලා පුරෝගාමී මෙහෙවරක යෙදුණු රජ්ගම ටී. ලියනගේ නම් ලංකාවේ සුපතළ කොළඹ යුගයේ කවියා ගේ බිරිඳ ය ඒ. ගමේ කවුරුත් උන්දැට සලකති.

‘‘කෙල්ලෙ මං නං වයසට ගිය ගෑනි. උඹ තාම පොඩි දරුවන් ඉන්න අම්ම කෙනෙක්. ඉතින් උඹ ඉස්සෙල්ලා ඡුන්දෙ දාලා අරුන් ගෙන් මැරුන් කන්නෙයි….  ඕන්න උඹ මෙහාට වෙයන් කෙල්ලෙ’’

‘‘නැන්දෙ හැමදාම ඉන්න අපි කවුරුවත් ඉපදිලා නෑ නෙවැ. මරපු දෙන්. ඒත් උන්ට අපේ තියෙන අයිතිය නැති කරන්න නං මං මැරුවත් බෑ කියන එකයි පෙන්නන්න  ඕනෑ, උන්ට බයේ ජීවත් වෙනව නං ඉතින් හැමදාමත් ඉන්න වෙන්නෙ උන් කියන දේට නැමීගෙන නෙවැ නැන්දෙ…. බලන්න අර පිරිමි පෝලිමෙන් මුලින් ම ඇවිත් ඡුන්ද කෑල්ල දාන්නෙ කවුදැ යි කියා…’’

ඒ වන විටත් ඡුන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන් ඔවුන් ගේ රාජකාරිය කරන්න සූදානම් වෙමින් සිටිය දී ය මබිරියත් සරණ නැන්දත් ගෑනු පෝලිමේ මුලින් ම ඡුන්ද කෑල්ල දාන්න පොරයකට වැටී සිටින්නෙ. සරණ නැන්දා මා දිහා බලා ‘‘ඒ ඉතින් උඹේ මිනිහා නෙවැ’’ යි කියා යළි කීවේ ‘‘ ඕන්න කෙල්ලෙ උඹ මං කියන දේ අහල එහාට වෙයන් කො….’’ කියා යි. ඒත් ඉතින් සරණ නැන්දා එහෙම කන්කෙඳිරි ගෑවත් අපේ උන්දැගෙන් නං උන්දැට ඉඩක් ලැබුණේ නැත.

ඡුන්දය දී එනතුරු රාජා අලහප්පෙරුම හුන්නේ මෝටර් රියේ රියැදුරු අසුනේ, අසුන් ගතව ය. මා කැමරා ආම්පන්න මල්ල ද ගෙන්වා ගෙන ගෙට ගොඩ නොවැදීම අනෙක් අසුනට බර දුන්නේ බෝ සතුට පුරෝගත්තු හිතිනි. රාජා පදිංචි ගාල්ලේ පෙට්ටිගලවත්ත (පරණ මාතර පාර* පාරේ නිවසක ය.

අපේ වාහනය පියමං කළේ යුද හමුදා ජීප් එකකි. ඊට පස්සෙ ඡුන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණයට යන කාර් එකක් අප පසු කළේ ය.

‘‘එහෙනං ඉන්නකො මාත් ඡුන්දෙ දාලා එනකං’’ කී අලහප්පෙරුම මා ඉදිරියේ බිහෙව් බ‍්‍රැන්ඩි භාගයක් තැබී ය. සිය ඡුන්දය ප‍්‍රකාශ කරන්නට ඔහු බිරිය යසෝමා සේරසිංහ ද කැටිව ගියේ ය.

ඊළඟට  කුඩා පුතුන් දෙන්නා ද බිරිය ද සමග ලාන්සර් රියට ගොවැදුණේ මට ද කතා කරමිනි.
මෝටර් රිය ධාවනය වුණේ උණවටුනේ දළවැල්ලේ පිහිටි සංචාරක හෝටලයක් කරා ය. බිරියත් දරුවන් දෙන්නත් එහි කැටිව ගිය අලහප්පෙරුමත් මමත් ගාල්ලට එන්න පිටත් වෙද්දී ගාල්ලේ බාටා සපත්තු සාප්පුවේ සේවය කරන හිතවතකු ද දළවැල්ල පාර අයිනේ සිටිය දී දැක කතා කොට රියට නංවා ගත්තේ ය.

‘‘කොහෙද රාජා මහත්තයෝ යන්නෙ?’’
‘‘යමු යමු… කො රවුමක්. ඡුන්දෙ කොහොමද කියා බලන්න…’’ ඒ හාදයා ද එක පයින් කැමැත් විය.
අපි ගාලූ නගරය පියමං කොට අපේ ගමට ළඟා වීමු.  ඕවකන්දේ පාර අයිනේ වූ කුඩා නිවසක් ඉදිරියේ නතර කළ මෝටර් රියෙහි තිබී තවත් බ‍්‍රැන්ඩි භාගයක් ගත්තු රාජා පොඩි ෂොට් එකක් ගත්තේ ය. හික්කඩුවේ පටුවත බී.එම්.එස්. පාසලේ ඇති ඡුන්ද මධ්‍යස්ථානය ඉදිරියේ වාහනය නතර කරවා ගත් මම ඡුන්දෙ දෙන්න පෝලිම්ගතව හුන් උදවියගේ පින්තූර කීපයක් කැමරාවට රිංගවා ගතිමි. දැන් අප ඉදිරිය බලන්නේ අම්බලන්ගොට දිහාවට ය.

මග තොටේ දිස්වන්නේ පාළු ස්වභාවයකි. මූසල ස්වභාවයකි. වාහන ගමනාගමනය බොහොමත් ම අඩු ය. ගාල්ල කොළඹ මහ පාර හරියට ඇඳිරිනීතිය පණවා ඇති දවසක් වගේ ය. අපට ඉස්සරහට මුලිච්චි වෙන්නේ පොලිස් වාහනයකි. නැත්තං හමුදා රථයකි. එක්කො ඡුන්ද රාජකාරි නිරීක්ෂණයේ යෙදෙන නිලධාරියකු ගේ වාහනයක් හමාරක් ය. ඡුන්ද මධ්‍යස්ථාන අසල තැනින් තැන පිරිස් රොක් වී කතා බහේ යෙදී සිටියත් පොලිස් වාහනයක් හරි හමුදා වාහනයක් හරි දැක්ක ගමන් ඔවුන් එහාට මෙහාට වන අයුරු ද අප නෙතට හසුවූ දසුනකි.

තැන් තැන් හි ගහ කොළ කපා බිම හෙළා තිබේ. විදුලි රැුහැන් කණු දුරකථන රැුහැන් කණු ද බිමට පතිත කර ඇති අයුරු දැකිය හැකි විය.

අපි අම්බලන්ගොඩට ඇවිත් ටවුම මැද්දේ ඇති සමන් හෝටලය අසල ටිකකට නතර වීමු.  සමන් හෝටලයේ හිමිකරු වූ අපේ මිත‍්‍ර සමන් සෝමසිරි සගයා ගැන විපරම් කළෙමු. ඔහු හෝටලයේ නො සිටියේ ය. කොහොමටවත් ඔහුට එහි රැුඳී ඉන්නට වරම් නැත්තේ ය. ඒ ජනාධිපතිවරණය නිසා එහි මහ ලොකු බරක් පැටවී තියෙන්නේ ඔහු ගේ හිස මත හෙයිනි.

ඡුන්දෙට හරියට ම දවස් දහයකට කලින් දවසෙ, ? ජාමෙ ඔහුගේ නිවස ගිනි තබා විනාශ කරන්නට දේශපේ‍්‍රමීන් ගත්තේ බොහොම බාල, හීන. දීන නින්දිත උත්සාහයකි. උහු එහෙම පාහර වැඩක් කරන්නට හපනුන් ය. සමන් ගෙ නිවහනට කඩා වැදුණු පාපතරයෝ ගිනි බට අතැතිව ගේ අස්සක් මුල්ලක් නෑර සෙව්වේ සමන් ය. හැබැයි සමන් ඒ රැුයේ ගෙදර හුන්නේ නැත. ඔහු ගේ බිරිය සුමිතලතාත්, පුතුන් දෙන්නකුත්, දියණියත් පමණි නිවසේ රැුඳී හුන්නේ.

සමන් සෝමසිරිත්, අනුර ප‍්‍රදීප් නම් ලොකු පුතාත් ගෙදර හිටියේ නැත. අවිගත් එවුන් සුමිතලතා ගෙන් තර්ජනය කරමින් ඇහුවේ සමන් කෝ කියා යි. අනුර කෝ කියා යි. ඒ වන විට අනුර ප‍්‍රදීප් විසි දෙහැවිරිදි තරුණයෙකි. හේ හුන්නේ කොළඹ ය.

අවි ගත්තු නොහඳුනන කොල්ලන් සමන් සොයා ඔහු ගේ නිවහනට කඩා පැන්නේ ඔහු උන් ගේ නියෝගය නොතකා ජනාධිපතිවරණයට තරග කරන සිරිමාවෝ මැතිනිය ගේ ජයග‍්‍රහණය උදෙසා දැවැන්ත කැපවීමක් කරමින් හුන් හෙයිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ජනාධිපතිවරණ කටයුතු කිරීම උදෙසා සමන්ට වාහනයක් ලබා දී තිබුණි. ඒ වහනයේ මැතිනියගේ දැවැන්ත ඡුායාරූපයක් සහිත පෝස්ටර් අසූ දාහක් තිබුණේ ගාල්ල දිස්ත‍්‍රික්කය පුරා බෙදා හැරීමට ය. පෙර දින ඒ පෝස්ටර් රැුගෙනැවිත් තිබුණේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වූ අ. ම. කරුණාරත්න විසිනි. ඒ වාහනයත් සමන්ගේ මෝටර් රියත් දේශපේ‍්‍රමීන් ගේ සන්නද්ධ අංශයේ අවිගත්තු කල්ලියක් කඩා වැදී ගිනි තබා නිවසට ද ගිනි තැබුවේ ගෙයක දොරක වටිනාකම නොදත් අන්ත තුච්ඡු පාපතරයන් රොත්තක් බව පෙන්වමිනි.

මැතිනියගේ ඡුන්ද ව්‍යාපාරය වෙත ජනතාව නැඹුරු කිරීම උදෙසා ඔවුන් දැනුවත් කරන්නට පෝස්ටර් අලවද්දී පාපැදියකින් ඔහු හා පිරිස කරා ජවිපෙ තරුණන් දෙන්නකු ඇවිත් කළ තර්ජනය හේ මැනවින් වටහා ගත්තේ ය. එනිසා අටවැනිදා හවහ ඔහුගේ අතිජාත මිත‍්‍රයා වූ රාජා අලහප්පෙරුමට දුරකථනයෙන් තමාට ඇති විය හැකි අනතුර ගැන කීවේ ය. රාජා ඒ දුරකථන පණිවිඩය ලද වහා අම්බලන්ගොඩ ඇවිත් තරමක් ? වූ පසු සමන් කැටිව ගාලූ ගොස් බෝ සුරක්ෂිත තැනක මිතුරා නතර කළේ ය.

නිවසට කඩා පිනූ දේශපේ‍්‍රමීන් මැතිනියගේ මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් අසූ දාහක් තුබූ වාහනයට ගිනි තැබුවේ සමන් ගේ බිරිය ත් දරු තිදෙනාත් ගෙට දමා දොරවල් වහ ගන්නට තර්ජනය කරලා ය. මෝටර් රිය දෙකට තැබූ ගින්න නිවසේ කොටසකට පැතිර ගිය ද සුමිතලතා ගේ දරුවන් තුන් දෙනාගේත් ජීවිත ගැලවුණේ අම්බලන්ගොඩ පිහිටුවා තිබූ යුද හමුදා කඳවුරේ සොල්දාදුවන් ඒ ගින්න වහා ක‍්‍රියාත්මක වී නිවා දමන්නට තත්පර වූ හෙයිනි.

පසුවදා නැතහොත් දෙසැම්බර් නම වැනිදා සමන් ගාල්ලේ හිට අම්බලන්ගොඩට එන තුරු ජෙප්පන් සිය නිවහනට ගිනි තබා ඇති වගක් නො දත්තේ ය. නගරයේ ඇති තෙල් පිරවුම්හල ද සමන් ගේ ය. නිවසට පෙර දින රාත‍්‍රියේ ඊනියා දේශපේ‍්‍රමීන් ගිනි තබා ඇති කතාව ඔහුට අහන්න ලැබුණේ එතැන දී ය. ජවිපෙ ගිනි තැබුවේ මැතිනිය ගෙ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියක් අම්බලන්ගොඩ නගරයේ පැවැත්වන දවසේ පාන්දර යාමේ ය.

අම්බලන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරය මැතිනිය විසින් සමන්ට පිරි නැමුවේ ඔහු ආසනයේ බොහේ දෙනා අතර හොඳ පිළිගැනීමක් තුබූ කෙළින් වැඩ කරන කාට කාටත් උදව් උපකාර කරන හිත හොඳ මිනිහෙක් බව දත් හෙයිනි.

අම්බල්ගොඩ පරණ පාරේ පිහිටි සමන් ගේ නිවස ඉදිරියේ වාහනය නතර කළ ද කිසිවකු පේන්නට නො සිටියේ ය. ඉදිරිපස නිවසක හුන් කෙනකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ ගෙදර කට්ටිය නිවසේ සිටින වගයි.

අපි ඇය මුණ ගැසුණෙමු. සැමියා ඡුන්ද පොළවල් කරා ගිය බව කී නිසා තවත් ටික වෙලාවක් අම්බලන්ගොඩ ටවුමේ කැරකි කැරකී සිට රාජා ගේ යෝජනාවකට අනුව ඊළඟට අපි පොල්වත්ත දිහාවට වාහනය ධාවනය කළෙමු. ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම ලේකම්වරයා වූ අ.ම. කරුණාරත්න සහෝදරයා ගේ වන්හුන් හා ඡුන්ද තොරතුරු  හොයා බලන්නට ය.

අම්බලන්ගොඩ පොල්වත්ත පාරේ වාහනය පැදවිය හැකිවූයේ මීටර් දෙසියයක විතර දුරකි. ඉන් එහාට වාහනයකට තබා පාපැදියකින්වත් ගමන් කළ නො හැකි බවයි. ගස් කොළන් කපා ලයිට් කණු කඩා  බිඳ දමා ඇති හෙයින් ආපහු හැරෙන්නට අපට සිදු විය.

ලබන සතියට…
සුගතපාල මැන්දිස්