‘කටුපොල්’ ගස්වල ගෙඩි ඉදී, රතට රතේ පාට වැටෙන දවස්වලට ගමේ බල්ලන්ට නම් රජ ම`ගුල්ය. ඒ කාලයට උන් නිතර දෙවේලේ කටුපොල් හේන්වල ඇවිදින්නට යති. ඉදී ගස් යට වැටුණු කටුපොල් ගෙඩි උන්ට නම් රජ කෑමකි!
ලංකාවේ දී ‘කටුපොල්’ යයි කීවාට ඒවා ඉංගිරිසි බසින් හැදින්වෙන්නේ  Palm oilZ” zAfrican oil palm සහ  Macaw Fat යන නම්වලිනි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Elaeis guineensis ය. ඇංගෝලාවේ සිට ගැම්බියාව දක්වා පැතිර පවතින බටහිර හා නිරිතදිග අප‍්‍රිකානු රටවල්, කටුපොල් ශාකයේ නිජබිම් ලෙස සැලකෙයි.

කටුපොල්, අප නිතර දකින පොල් ගසක හැඩහුරුවට ටිකක් සමාන, සාමාන්‍යයෙන් මීටර් 10-12ක් පමණ උසකට වැවෙන ශාකයකි. පොල් අතුවලට සමාන කටුපොල් අතු, කටු සහිතය. කටුපොල් ගෙඩිය, පුවක් ගෙඩියක් තරම් කුඩා එකකි. ඒවා හැදෙන්නේ කටුපොල් ගසේ අතුපතර සහිත ඉහළ කොටසේය. එය හරියට පුවක් ගස්වල ‘පුවක් වලූ’ හැදෙන්නාක් මෙනි. එක් කටුපොල් වල්ලක ගෙඩි සිය ගණනක් තිබේ.

රතට රතේ ඉදුණු කටුපොල් ගෙඩිවල ලෙල්ල, අපට පුවක් ගෙඩියක ලෙල්ල සිහි ගන්වයි. එය එහැමපිටින් ම ‘තෙල්’ සහිතය. ගස් යට ඇවිද කටුපොල් ගෙඩි කන බල්ලන්, දවසක් දෙකක් යන විට ‘කොහ්-කොහ්’ හ`ඩින් කහින්නට පටන් ගනියි. ගමේ උදවිය එය හ`දුන්වන්නේ ‘බල්ලන්ගේ කටුපොල් කැස්ස’ යනුවෙනි. කටුපොල් ගෙඩියේ ඇති තෙල්, පදාස පිටින් උන්ගේ උගුරේ බැ`දීම නිසා කැස්ස හට ගන්නා බව ප‍්‍රකටය.

කොයි හැටි වෙතත්, කටුපොල් ගෙඩි කෑම සතුන්ට නම් මහත් අබග්ගයකි. කටුපොල් ගෙඩි ගිල දැමූ කපුටන්ගේ පිහාටු ක‍්‍රමයෙන් සුදු පැහැයට හැරෙයි. ඇතැම් විට පිහාටු හැලී යයි. මයිනන්ට සිදු වන්නේ ද ඒ ආනිසංසයමය. කටුපොල් කෑ කපුටන්, මයිනන් වැනි පක්ෂීන්, ටික දිනක් යන විට ‘ඊට්ස්මන් වර්ණ’ ගන්නා බැවින් පහසුවෙන් හ`දුනා ගැනීමට පුළුවන! ‘කොහ්-කොහ්’ හ`ඩින් කහිමින් සිටින බල්ලන්ගේ ද ලොම් හැලී යනු දක්නට ලැබෙයි!

‘කටුපොල්’ හෙවත් ‘පාම් ඔයිල්’ වගාව ගැන මේ සටහන ලියන්නේ, එක්තරා කාරණයක් නිමිතිකර ගෙනය. එනම්, මධ්‍යම පරිසර අධිකාරිය, ඉහළ පෙළේ විද්වත් කමිටුවක් මගින් සකස් කළ ‘කටුපොල් වගාවේ පාරිසරික හා සමාජමය බලපෑම් අධ්‍යයන වාර්තාව’ A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendations නිකුත් වීම නිමිතිකර ගෙනය. එය නිකුත් කෙරුණේ ඉකුත් මැයි මාසයේය. මින් ඉදිරියට, ශ‍්‍රී ලංකාවේ කටුපොල් වගාවන් අලූතින් ආරම්භ කිරීම, නැවත වගා කිරීම සහ දැනට පවතින වගාවන් තවදුරටත් පුළුල් කිරීම නො කළ යුතු යයි එම වාර්තාවෙන් නිර්දේශකර තිබේ.

RECOMMENDATIONS-1 Establishment of new plantations, expansion of existing plantations and re-plantation of oil palm should be discontinued in Sri Lanka.-Page-38 එය සුවිශේෂ කාරණයකි.

කටුපොල් වගාව සම්බන්ධයෙන් මෙබ`දු වාර්තාවක් සකස් කරන්නට මුල පිරුණේ 2017 මාර්තු මාසයේය. එයට හේතුව වූයේ, කටුපොල් වගාව සම්බන්ධයෙන් ගාල්ල, මාතර, කෑගල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කවල ‘දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු’ ඔස්සේ එල්ල වුණු විරෝධතාවන්ය. කටුපොල් වගාවන්ට එරෙහිව මතුවුණු මහජන විරෝධතා ද එයට බලපෑවේය. 2017 වර්ෂයේ මාර්තුවේ, කෑගල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද විරෝධතා පැන නැගිණි. එයින් පසුව එවකට වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කළ යෝජනාවක් පරිදි, කටුපොල් වගාවෙන් පාරිසරික හානි සිදු වේද? යන්න අරභයා විමර්ශනයක් කිරීමට තීන්දු කෙරිණි. එය පැවරුණේ මධ්‍යම පරිසර අධිකාරියටය. ඒ අනුව, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, රබර් පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය, මහවැලි සහ පරිසර අමාත්‍යාංශය සහ ජාතික වතු කළමනාකරණ ආයතනය යන ආයතනවල සහභාගිත්වයෙන් විමර්ශනයක් පැවැත්විණි. එය මෙහෙයවූයේ මධ්‍යම පරිසර අධිකාරියයි. ‘කටුපොල් වගාව තවදුරටත් එපා’ යයි නිර්දේශකර තිබෙන්නේ ඔවුන්ගේ වාර්තාවෙනි.

ලංකාවේ මෙතුවක් කල් කටුපොල් වගා කෙරුණේ, වැවිලි සමාගම්වල තනි මතයටය. එයට රාජ්‍ය අනුග‍්‍රහය ද ලැබිණි. එයින් වගාවන් ආශ‍්‍රිතව වෙසෙන මහජනයා විශාල පීඩාවක් වි`දිමින් උන්හ. කටුපොල් වගාව නිසා ජල උල්පත් සි`දී ගම්බිම් වියැළී යන බවත්, දරුණු ගණයේ පාරිසරික හානි සිදු වන බවත් පෙන්වා දුන්න ද, වැවිලි සමාගම්වල උදවිය ඒවා ගණනකට නො ගත්හ. ඔවුන් නිරන්තරයෙන් ම පැවසුවේ, කටුපොල් වගාවෙන් එවන් හානි කිසිවක් සිදු නොවන බවය. කිසිදු පර්යේෂණයකින් ජල උල්පත් සි`දීයාමක් ගැන හෙළිවී නැති බවය. දැන් මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව තුළින් A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendations කටුපොල්කාරක වැවිලි සමාගම්වලට හො`ද විද්‍යාත්මක අතුල් පහරක් ලැබී තිබේ!

කටුපොල් ලෝකයට ජනප‍්‍රියව ඇත්තේ එයින් නිස්සාරණයකර ගන්නා තෙල් (පාම් ඔයිල්*, ඉවුම් පිහුම් ස`දහා ද, ආහාර නිෂ්පාදනය ස`දහා ද භාවිත කරන නිසාය. ඒ ස`දහා ‘පාම් ඔයිල්’ සැපයෙන්නේ, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල ඇති මහා පරිමාණ කටුපොල් වතුවලිනි. ආහාර පිසීමේ දී ලංකාවේ ද ‘පාම් ඔයිල්’ බහුලව භාවිත කෙරේ. ඒ, පොල් තෙල්වලට ආදේශකයක් වශයෙනි. ලංකාවේ පොල් නිෂ්පාදනය පහත වැටෙන වකවානුවල, සාමාන්‍යයෙන් වසරකට ‘පාම් තෙල්’ මෙටි‍්‍රක් ටොන් 1,25,000ක් පමණ ආනයනය කරන්නට සිදු වේ. පාරිසරික හානි කොයි හැටි වෙතත්, වැවිලිකරුවන් අතර නම් කටුපොල් වගාව සැලකෙන්නේ ආර්ථික වශයෙන් අතිශයින්ම ලාභදායී වතු වගාවක් හැටියටය.

කටුපොල්, ලංකාවට පැමිණියේ වර්ෂ 1968 දීය. එයට පුරෝගාමී වූයේ Jerry Wales නම් යුරෝපීයයෙකි. ඔහු මුලින් ම කටුපොල් වගා කළේ, ගාල්ලේ උඩුගමට නුදුරු නාකියාදෙණිය වතු යායේය. පසුව කටුපොල් තෙල් නිස්සාරණය කරන කම්හලක් ද නාකියාදෙණියේ ඉදි කෙරිණි. ඉක්බිති කටුපොල් වගාව ගාල්ල, කළුතර, රත්නපුර ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ව්‍යාප්ත විය. මේ වන විට ලංකාව පුරා හෙක්ටයාර් 20,000ක පමණ කටුපොල් වගාකර තිබේ. තෙල් නිස්සාරණ කම්හල් කිහිපයක් ද ආරම්භකර තිබේ. ලංකාවේ රබර් වගාව ක‍්‍රමයෙන් පාඩු ලැබීමත් සමග, රබර් වගා ඉඩම්වල ද බහුල වශයෙන් කටුපොල් වගා කිරීමේ ප‍්‍රවණතාවයක් පසුගිය කාලයේ දක්නට ලැබිණි.

ලියුම්කරු ද කටුපොල් වගාවකට මීටර් 300ක් පමණ දුරින් පදිංචිව සිටින්නෙකි. එය අයත් වන්නේ, ගාල්ල, බද්දේගම සිට්ට‍්‍රස් වතු යායටය. ක`දු බෑවුමක පිහිටි ‘කීඹිය හේන’ නමැති මෙම කටුපොල් වගාව, දළ වශයෙන් හෙක්ටයාර් 150ක පමණ වැවිල්ලකි. වගාව ආරම්භවී ඇත්තේ 1980 දශකය මුල් භාගයේය. ගම්වාසීන් පවසන අන්දමට, එහි මුල් ම වගාව, රබර්ය. ඉන් පසුව තේ වගා කෙරිණි. සිට්ට‍්‍රස් වතු යායේ පාලකයන් එය කටුපොල් වැවිල්ලක් බවට පත්කර ඇත්තේ තේ වගාව ඉවත්කර දමමිනි.

‘ඔය ඉඩම්වල රබර් තියෙන කාලේ හො`දට වතුර උල්පත් තිබුණා. තේ වගාව කාලේත් එහෙම තිබුණා. ඒ කාලේ කිරි කපන්න, තේ දළු කඩන්න යන අය හදා ගත්තු චූටි චූටි ළිං තිබුණා. මී හරක් ලගින මඩ වලවල් තිබුණා. පුංචි පුංචි දොළපාරවල් තිබුණා. හැබැයි කටුපොල් දැම්මාට පස්සේ ඒ දිය සාවරේ නැතිව ගියා. දැන් දොළ පාරක් හරි දකින්නේ වැහි දවස්වලට විතරයි’, කටුපොල් වගාව නිසා හටගත් නස්පැත්තිය ගැන ගම්වාසීන් පවසන්නේ එලෙසිනි. ලියුම්කරු ජීවත් වන ඉඩම් සාවියේ ජල උල්පත් හි`ගය. වතුර උල්පතක් දකින්නට නම් මීටර් හතක් අටක් පොළොව කැනිය යුතුය!

පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන අන්දමට, ඉන්දුනීසියාව ඇතුළු ගිනිකොණ දිග ආසියාවේ රටවල් කිහිපයක් ම මහා පරිමාණ කටුපොල් වගාවන් නිසා පාරිසරික වශයෙන් මහත් ව්‍යසනයකට ඇද වැටී තිබේ. එය කොතෙක් ප‍්‍රබල කාරණයක් ද යත්, ‘ජාත්‍යන්තර ග‍්‍රීන්පීස් සංවිධානය’ Green Peace International ඒවා හ`දුන්වන්නේ වැසි වනාන්තර පද්ධති සහ ජල උල්පත් විනාශයකරා ගෙන යන වැවිල්ලක් වශයෙනි.

මුල් කාලයේ ඇතැමෙක්, රාත‍්‍රී කාලයට ඉදුණු කටුපොල් ගෙඩි ‘පන්දමක්’ වශයෙන් භාවිත කළහ. ළ`ග පාත රාත‍්‍රී ගමන්වල දී, පොල් කට්ටක් තුළ තැබූ කටුපොල් ගෙඩියකට ගිනි දල්වා ගෙන ගමනේ යෙදීම, ඒ ක‍්‍රමයයි. එක් කටුපොල් ගෙඩියක් දල්වා ගෙන කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ හැකිය!

එහෙත් කටුපොල් එතරම් අහිංසක ශාකයක් නම් නොවේ. මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ, A Study to Identify Environmental and Social Issues of Oil Palm Cultivation in Sri Lanka-Observations and Recommendations වාර්තාවේ ස`දහන් වන අන්දමට, වැඩුණු කටුපොල් ශාකයක් දිනකට ජලය ලීටර් 500-600ක් පමණ උරා ගෙන, වාෂ්පීකරණය (උත්ස්වේදන ක‍්‍රියාවලිය* කරයි. පොළොවෙහි ජල වහනය අඩු නියං කාලවලට ද දිනකට ජලය ලීටර් 400ක් පමණ වාෂ්පීකරණයට ලක් කරයි. මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව මේ කාරණය සදහන් කරන්නේ ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පවා ගෙනහැර දක්වමිනි.

කටුපොල් යනු අධික ලෙස ජලය පරිභෝජනය කරන ශාකයක් බවත්, එයින් භූගත ජල ස්තරවලට විශාල බලපෑමක් ඇති කරන බවත් එයින් පැහැදිලි වේ. කටුපොල් වගා ඉඩම්වල පොළොවෙහි වෙනත් යටි වගාවන් දක්නට නැත. එයින් වර්ෂා කාලයට සොදා පාළුව ද හට ගනියි. එවිට වැසි ජලය පොළොවට කි`දා බැසීම අඩුවී, භූගත ජලධර සුපෝෂණයට බාධා ඇති කරයි. කටුපොල් වගා ආශ‍්‍රිතව ජල උල්පත් සි`දී යන බවට ගම්මුන් නගන චෝදනාව නිවැරදි බව ද එයින් පැහැදිලි වේ!

මධ්‍යම පරිසර අධිකාරිය මෙවන් වාර්තාවක් සකස් කළේ රටේ වාසනාවටය. නැතිනම් කටුපොල්කාර වැවිලි සමාගම් එකතුවී, ලංකාවේ තෙත් කලාපය වියළි භූමියක් බවට පත් කරන්නට ද ඉඩ තිබිණි! රටේ ජල උල්පත් සංචිතය සදහට ම වනසා දමන්නට ද ඉඩ තිබිණි!

පසු සටහන

මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තාව නිකුත් වීමෙන් පසුව, ‘අමුතු අමුතු මාධ්‍ය මෙහෙයුම්’ ද ක‍්‍රියාත්මක වන බව සැලයි! ඒවායෙහි පෙනී සිටින කටුපොල් වතු ආශ‍්‍රිත මහජනයා නම් පවසන්නේ කටුපොල්වලින් ඔය කියන තරම් ප‍්‍රශ්නයක් නැති බවයි. ‘අමුතු අමුතු මාධ්‍ය මෙහෙයුම්’ පිටුපස, හෙළිදරව් නො කෙරෙන ‘අත්වාසි’ තියෙනවා වන්නට ද පුළුවන!

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

Untitled-10 katupol