බිම්මල් යනු ඔබ අප කවුරුත් දන්නා ඉතා රසවත් ආහාරයකි. මෙය අයත්වන්නේ දිලීර නමැති ශාක රාජධානියටයි. මෙහි විශේෂත්වය වනුයේ දිලීර විශාල ප්‍රමාණයක් අපට පියවි ඇසට නොපෙනුනද, බිම්මල අපට පියවි ඇසින් දැකිය හැකි වීමයි. මෙම බිම්මලෙහි ප්‍රධාන කාර්යය වනුයේ බිජානු නිපදවා තම වර්ගයා ඉදිරියට ගෙන යාමයි.

වර්ධනය වූ බිම්මලක් ප්‍රධාන කොටස් 5කින් යුක්තවේ.

1. වට රැල්ල
2. හතු දණ්ඩ
3. වලය
4. ජත්‍රය
5. නැලි

බිම්මල්වල ඇති ‍පෝෂණ

ගුණය සහ ලෙඩ් සුවකිරීමේ හැකියාව නිසා චීනය, ජපානය කොරියාව වැනි රටවල්වල මෙය ඉතා විශාල වශයෙන් භාවිතා කරයි. ශ්‍රී ලංකාවේද ඉතා ඈත අතීතයේ සිටම ස්වාභාවික බිම්මල් මිනිසාගේ ආහාරයක් ලෙස යොදාගෙන ඇත. නමුත්, වාණිජමය වශයෙන් බිම්මල් වගාකිරීම ලංකාවේ ආරම්භ කර ඇත්තේ 1985 වර්ෂයේදීය. වර්තමානයේදී බිම්මල් සඳහා දේශීය සහ අන්තර් ජාතික වෙළෙඳ‍පොළ් අධික ඉල්ලුමක් පවතී.

බිම්මල්වල ‍පෝෂණ සංයුතිය

වර්ධනය වූ බිම්මලක, ශරීරයට අත්‍යවශ්‍ය ‍පෝෂණ සංඝටක රාශියක් අඩංගු වේ.
බිම්මල් ග්‍රෑම් 100ක ග්‍රෑම් 89.18ක්ම ඇත්තේ ජලයයි. එහි ශක්තිය කිලෝකැලරි 33ක් පමණක් ඇත.  එමනිසා මෙය ශක්තිය අඩු ආහාරයක් නිසා  බර වැඩි සහ ස්ථුල පුද්ගලයන් සඳහා ඉතා යෝග්‍ය වේ.

සංඝටකයප්‍රමාණය (ග්‍රෑම් 100)
කාබොහයිඩේ්‍රට්6.09
තන්තු2.3
සීනි1.11
‍ප්‍රෝටීන්3.31
මේදය0.41

මෙහි ඇති මේද ප්‍රමාණය සඳහා ශක්තිය ඉතා අඩු නිසා සහ තන්තු ප්‍රමාණය වැඩි නිසා බරවැඩි පුද්ගලයන්ගේ ආහාර වට්ටෝරු සඳහා    ඉතා යෝග්‍ය වේ. තවද බිම්මල් යනු අඩු ග්ලයිසිමිත් දර්ශකයක් ඇති ආහාරයක් වන අතර දියවැඩියාව ඇති පුද්ගලයන් සඳහා ද මෙය ඉතා සුදුසු ආහාරයකි.

තවද මෙහි ඛනිජ  වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර අඩු සෝඩියම් ප්‍රමාණයක්  නිසා අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා ද ඉතා සුදුසුය.

ඛනිජ වර්ගයප්‍රමාණය (ග්‍රෑම් 100)
කැල්සියම්3 මි.ග්‍රෑ.
මැග්නීසියම්18 මි.ග්‍රෑ.
ෆොස්පරස්120 මි.ග්‍රෑ.
‍පොටෑසියම්420 මි.ග්‍රෑ.
සෝඩියම්18 මි.ග්‍රෑ.
සින්ක්0.77 මි.ග්‍රෑ.

බිම්මල්වල  ‍පෝෂණීය වශයෙන් වැදගත්වන විටමින් වන  විටමින් ඕ1, ඕ2, ඛි සහ  මේදවල දියවන විටමින් වන ඒ, ච්, ජ් යන විටමින් වර්ගද අඩංගුය. තවද විටමින්  අඩංගුවන ශාකමය ප්‍රභවයක් සහිත ආහාරය ද මෙයයි.

විටමින් වර්ගය  ප්‍රමාණය(ග්‍රෑම් 100)
තයමීන්0.125 මි.ග්‍රෑ.
තයසීන්4.956 මි.ග්‍රෑ.
විටමින් ඒ48 අන්තර්ජාතික ඒකක
විටමින් ච්29 අන්තර්ජාතික ඒකක
බිම්මල්වල ඇති ඖෂධීය වටිනාකම

බිම්මල්වල  ඇති ඖෂධීය වටිනාකම ගැන ලෝකයේ විවිධ රටවල්වල සමීක්ෂණ සිදුකර ඇති අතර වර්තමානයේදී ද කෙරෙමින් පවතී.

එහිදී  ප්‍රධාන වශයෙන්ම බිම්මල්වල  ඇති පිළිකා අවදානම අඩුකිරීමේ හැකියාව (ප්‍රධාන වශයෙන්ම පියයුරු පිළිකා), පිළිබඳව සමීක්ෂණවලින් තහවුරු කර ඇත.

තවද, බිම්මල්වල ප්‍රතිඔක්සිකාරක ගුණයද, ප්‍රතිප්‍රදාහක  ගුණයද ඇත. ඒවා මගින් විවිධ රෝගයන් සුවකිරීමේ හැකියාව පවතී. අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම සඳහා ද, තරබාරුකම, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග සදහා ඇති අවදානම අඩුකිරීමේ හැකියාව ද බිම්මල් සතුව ඇත.

අප ආහාරයට ගන්නා ස්වාභාවික දේශීය බිම්මල් වර්ග

පිදුරු හතු
ඌරු පහ හතු (ලෙන්ටිනස් ගයිගැන්ටියස්)
‍ලේන හතු
ඉඳලෝලු හතු
හීන්වැලි හතු
මාවැලි හතු
කුකුල් බඩවැල් හතු
බොලිටස් හතු
අතුරුහතු
වගාකරන බිම්මල් වර්ග
බොත්තම් බිම්මල්
ඇමෙරිකන් ඩයිස්ටර්
ඇබලෝනි
කින් ඩයිස්ටර්
මිටාකේ බිම්මල්
සූකිරි බිම්මල්

ආහාරයට ගැනීමට නුසුදුසු/විෂ බිම්මල් හඳුනාගන්නේ කෙසේද?
1. සැක සහිත බිම්මල් ආහාරයට නොගන්න.
2. කෘමි සතුන් ආකර්ශනය නොවන බිම්මල්
3. තද වර්ණයක් (තද රතු) හෝ සුවඳක් ඇති
4. වලය සහ වටරැල්ල යන කොටස් දෙකම ඇති

5. ලොකු ලූණු සමග බිම්මල් තැම්බූ විට එම ලූනු පෙති දම්පාට වීම හෝ බිම්මල් කැබලි රිදී හැන්දක් සමග ස්පර්ශවීමට තැබූ විට එම හැන්ද කළු පැහැවීම යනු විෂ සහිත බව තහවුරුවූ ලක්ෂණ 2කි.

6. කුඩයක හැඩය ඇති ජත්‍රය හෝ ජත්‍රයේ තැනින් තැන ගැට සහ කොරල සහිත වීම.

බිම්මල් අගය එකතු කළ නිෂ්පාදන
බිම්මල් වගාව සහ බිම්මල් අගය එකතු කළ නිෂ්පාදන ආදායමක් ලබාගත හැකි මඟක් ලෙස වර්තමානයේ  ප්‍රචලිතවී ඇත.

අමු බිම්මල් සහ වියළි බිම්මල් තුළින් අගය එකතුකළ නිෂ්පාදන සාදාගත හැකිය. මෙම නිෂ්පාදන නිවසේදී ඉතා පහසුවෙන් සාදාගත හැකිය.

වියළි බිම්මල්වලින්
සීනි සම්බෝලය
බිම්මල් මෝජු
බැදගත් බිම්මල් සම්බෝලය
බිම්මල් කටගැස්ම
අමු බිම්මල්වලින්
බිම්මල් පෙති බැදුම
බිම්මල් සුප්

බිම්මල් වගාව සහ බිම්මල් ආහාරයක් ලෙස ප්‍රචලිත කළ යුත්තේ ඇයි?

බිම්මල් වගා ක්‍රමය ඉතා සරලවූ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබාගත හැකි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නොමි‍ලේ උපදෙස් ලබාදෙන, අධික වෙළෙඳ‍පොළ ඉල්ලුමක් ඇති, අතුරු නිෂ්පාදන පිළියෙල කිරීමේ හැකියාව ඇති, ස්වයං රැකියාවක් ලෙස ගොවිමහතුන් අතර ජනප්‍රිය කළ හැකි ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවිය හැකි වගාවකි.
තවමත් අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාභාවික දේශීය බිම්මල් වර්ග ආහාරයට ගනී. බිම්මල් සම්බන්ධයෙන් මිනිසුන් අතර විවිධ මිත්‍යා මත ඇත. නමුත් බිම්මල් යනු ‍පෝෂණීය වටිනාකමින් යුතු ලෙඩ සුව කිරීමේ හැකියාවක් ඇති ස්වාභාවික දේශීය ආහාරයකි.asdf

මෙහිදී විෂ සහිත බිම්මල් වර්ග ආහාරයට ගතහැකි බිම්මල් වර්ගවලින් වෙන්කර හඳුනාගැනීම ඉතා වැදගත්ය. බොහෝ දෙනා දැන් නැඹුරුවී සිටින්නේ වගාකළ බිම්මල් ආහාරයට ගැනීමයි.  කෙසේ නමුත් මෑත කාලයේ සියලු දෙනාගේම අවධානය යොමුවී ඇත්තේ ශරීරයේ බර අඩුකර ගැනීමට සහ දියවැඩියාව, හෘදයාබාධ අධික රුධිර පීඩනය වැනි රෝගවලින් වැළකී සිටීමටයි.  එමනිසා බිම්මල් යනු ඉතා අඩු කැලරි ප්‍රමාණයක් සහිත නමුත් ‍පෝෂකවලින් සපිරි ඉතා අඩු මිලකට ලබාගත හැකි ආහාරයක් නිසා එය ප්‍රචලිත කිරීමට උත්සාහ  කිරීම ඉතා වැදගත්ය.

ශි‍්‍රයානි විජේසිංහ