සිනමාව සහ දේශපාලනය කියන්නෙ සම්පූර්ණයෙන්ම එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ මාර්ග දෙකක්. නමුත් දෙකෙන්ම කරන්නෙ නම් මිනිස්සුන්ගෙ ඇස් රවට්ටන එක කිව්වොත් මා නිවැරදියි. සිනමා ඇස්බැන්දුම්වලින් පේ‍්‍රක්ෂකයාට හානියක් නොවුණත් දේශපාලන කරළියේ ඇස්බැන්දුම්වලින් නම් ජනතාවට වුණු හො`දක් අදටත් අපේ රටේ නම් දැක ගන්නට නෑ. මේ කථා කරන්නට යන්නේ දේශපාලනය ගැන නම් නෙමෙයි. දේශපාලනය සිනමාකරුවන්ගේ ඇසින් දුටු ආකාරය ගැන මෑත කාලීනව අපට හුරු සිනමා ධාරාවන්හි ඇස ගැටුණු සාර්ථක නිර්මාණ කිහිපයක්.

සුහද කොකා

ශ‍්‍රී ලාංකීය දේශපාලනය කථිකාවට බදුන් වෙනවා නම් ප‍්‍රහසනයක් තුළින් හැර ඊට වඩා සාර්ථක සිනමා ප‍්‍රවාහයක් තවත් නැති තරම්. කාලයක් පුරා ජාතික රූපවාහිනියේ විකාශනය වූ  ”එතුමා”  ටෙලි නාට්‍යයේ දිගුවක් ලෙසින් සිනමාවට නැගෙන සුහද කොකා අධ්‍යක්ෂණය කරන්නේ සුපිරි ප‍්‍රහසන අධ්‍යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය විසින්. අතිදක්ෂ රංගධරයකු වූ විජය නන්දසිරි සමගින් කුසුම් රේණු, රොඞ්නි වර්ණකුල, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි වැනි අතිදක්ෂ නළු නිළි පිරිසක් දායක වෙනවා.

නිදහසින් පසු ශ‍්‍රී ලාංකීය පක්ෂ දේශපාලනයේ නිරුවත ප‍්‍රහසනය තුළින් අපූරුවට සරදමට ලක් කරන්නට මෙන්ම ඒ හරහා හරවත් පණිවිඩයක් සමාජගත කරන්නට අධ්‍යක්ෂවරයා සාර්ථක උත්සාහයක් දරනවා. නිර්මාණයේ සිනමාත්මක ගුණය තරමක් පහළ මට්ටමක තිබුණත් ඒ හරහා සමාජ සම්මත දේශපාලන ව්‍යවහාරය අපූරුවට සමච්චලයට ලක්කරමින් නිර්මාණය වානිජමය අතින් සාර්ථක ගමනක් ගෙනයන්නට අධ්‍යක්ෂවරයා සමත් වී තිබෙනවා. දේශපාලන පසුබිමක් සහිතව නිර්මාණය වූ මගේ වම් අත, නිදහසේ පියා වැනි නිර්මාණ අබිබවා යන්නට මේ ප‍්‍රහසනය සමත් වූ බවයි මගේ හැ`ගීම.

Untitled-9 Untitled-10මුදලාවන් (1999)

ඔබට එක් දිනකට පළාතේ ප‍්‍රධාන අමාත්‍ය තනතුර ලැබුණොත්? තරමක් වික්ෂිප්ත වන ප‍්‍රශ්නයක්. ඔව් මාධ්‍යවේදියෙකුට එක්තරා අමාත්‍යවරයෙක් කරන එවන් අභියෝගයක් වටා ගෙතෙන මුදලාවන් අධ්‍යක්ෂණය කරන්නේ එස්. ශන්කර් විසින්. අර්ජුන් සර්ජා සමගින් මනීෂා කොයිරාල ප‍්‍රධාන චරිත නිරූපනණය කරන මෙම නිර්මාණය පසු කලෙක තෙලි`ගු සහ හින්දි භාෂාවලින්ද සිනමාවට නැගෙනවා. 1999 වසරේ තිරගතවූ සිනමාපට අතරින් අතිසාර්ථක නිර්මාණයක් ලෙස මෙය හැ`දින්විය හැකියි.

සාමාන්‍ය සාම්ප‍්‍රදායික කොලිවුඞ් චිත‍්‍රපටයකට හිමි ත‍්‍රාසය, කුතුහලය, සටන් ජවනිකා මෙන්ම ඒ.ආර්. රහුමාන්ගේ සුමියුරු සංගීතයෙන් ද යුත් මෙම නිර්මාණය දේශපාලනයේ තිත්ත යථාර්ථය තරමක් අතිශයෝක්තියකින් වුවත් සිත් ඇදගන්නාසුලූ අයුරින් ඉදිරිපත් කරන්නට නිර්මාණකරුවන් සමත් වී තිබෙනවා. යථාර්ථවාදී නොවන කථාවක් හරහා දේශපාලනයේ කටුක යථාර්ථය වාණිජමය මුහුණුවරකින් පේ‍්‍රක්ෂකයා ඇද බැ`ද තබාගන්නා ලෙස ඉදිරිපත් කළ මෙම නිර්මාණය කොලිවුඩයේ බිහිවූ සාර්ථකම දේශපාලනික පසුබිමක් සහිත නිර්මාණයක් ලෙස ඉදිරියෙන් ම තිබෙන බව කිව යුතුමයි.

Untitled-11ලින්කන් (2012)

දේශපාලන පෙරළියකට එහා ගිය චරිථාපදානයක් ලෙසින් තමයි 2012 වසරේ තිරගතවූ හොලිවුඩයේ මහා සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ Daniel Lews ප‍්‍රධාන චරිත නිරූපණය කළ ලින්කන් චිත‍්‍රපටය සැලකෙන්නේ.
හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්ගේ චරිතයේ රසමුසු තැන් සහ ඔහුගේ ජීවිත කාලය තුළ  ඇමෙරිකානු දේශපාලන කරළියේ සිදුවූ පෙරැුළි මෙන්ම හැලහැප්පිම් ද ඉතා අපූරුවට මේ නිර්මාණයේ සනිටුහන් වෙනවා.
ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන උළෙලවල් රාශියක හො`දම සිනමා නිර්මාණය ලෙසින් නිර්දේශ වන ලින්කන් සිනමා කෘතිය මෑත හොලිවුඞ් ඉතිහාසයේ වාණිජමය අතින් අතිශයින්ම සාර්ථක වූ දේශපාලනික කථාවක් රැුගත් සිනමා කෘතිය ලෙස ඉතිහාසගත වී අවසන්.

එසේම ස්පිල්බර්ග්ගේ සිනමා ඉතිහාසය තුළ වැඩිම විවේචන සහ හැලහැප්පීම් වලට ලක්වූ නිර්මාණය ලෙසත් මෙය හැදින්විය හැකියි.

Untitled-12රාජ් නීති (2010)

Raajneethi බොලිවුඩයේ එදා මෙදා තුර තිරගතවූ දේශපාලනය ගැන සාකච්ඡුා කළ නිර්මාණ අතරින් ඉහළම ආදායම් වාර්තා තැබූ සිනමා කෘතිය ලෙස මේ වන විටත් ඉතිහාස ගත වී අවසන්. Prakash jha අධ්‍යක්ෂණය කරන මෙම නිර්මාණයෙහි කත‍්‍රිනා කයිෆ්, නානා පටේකාර්, රන්භීර් සිං, අජේ දේව්ගන්, මනෝජ් බාජ්පායි, අර්ජුන් රාම්පාල් සමගින් නසාරුදීන් ශාහ් රංගනයෙන් දායක වනවා.

භාරතීය දේශපාලන කරළියේ ප‍්‍රසිද්ධ චරිතයක් වන සෝනියා ගාන්ධී චරිතාපදානය ඇසුරු කරගෙන නිර්මාණය වුවත් මෙහි කථාව සත්‍ය සිද්ධීන්ගෙන් තරමක් වර්තනය වූ බවක් පෙන්වනවා. කෙසේ නමුත් අග්නිදිග ආසියාවට පොදු වූ පාරම්පරික පක්ෂ දේශපාලනයේ තිත්ත ඇත්ත ජනතාව අතරට ගෙනයන්නට අධ්‍යක්ෂවරයා දැවැන්ත උත්සාහයක් දරා තිබෙනවා.

කරළියේ පෙරළි, වචනයට සීමාවූ දකුණු ආසියාතික වාමාංශික රැුල්ල මෙන්ම ආසියාතික දේශපාලනයේ කාන්තාව පිළිබ`දවත් අපූරු විද්වත් විවරණයක් මේ නිර්මාණය තුළින් එළිදැක්වෙනවා. ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ වර්තමාන අර්බුදය හා සමාන කථාවක් ඔබට මේ හරහා දැකගත හැකි වනු ඇති.

 චරිත් මොරගොඩ

Untitled-13