බොලිවුඩයෙන් ගිනස් පොතට යන Pihu

සාමාන්‍යයෙන් බොලිවුඞ් චිත‍්‍රපටයක් ජනප‍්‍රිය වීමට සුපිරි තරු, දැවන්ත පසුතල සහ අලංකාර ගීතමය ජවනිකා ඇතුළත් විය යුතුමයි. නමුත් අපි මේ කථා කරන නිර්මාණය නම් ඊට හාත්පසින්ම වෙනස් චිත‍්‍රපටයක්.

ඒ විනෝද් කාප‍්‍රී අධ්‍යක්ෂණය කරන Pihu චිත‍්‍රපටය. 2014 වසරේ මුම්බායි මහල් නිවාස සංකීරණයක සිදුවූ සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙන නිර්මාණය වූ මෙම කථාංගයේ රංගනයෙන් දායක වන්නේ   myra wishmarakma නම් අවුරුදු දෙක හමාරක් වයසැති ළමා නිළියක්. සිය දෙමාපියන් ඝාතනය කර ඇති නිවසක දින කිහිපයක් තනිව දිවි ගෙවන කුඩා දැරියක් පිළිබ`දවයි මේ නිර්මාණයෙන් කියැවෙන්නේ. මේ ප‍්‍රධාන චරිතය හැරුණු කොට මේ චිත‍්‍රපටයේ ඇත්තේ තවත් එක් චරිතයක් පමණයි. ඉතා අඩු වියදමක් දරා නිපදවා ඇති pihu මේ වන විටත් ගීනස් වාර්තා පොතට ඇතුළත් වන්නේ වයසින් අඩුම නිළියක් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ලොව එකම සිනමාපටය ලෙසින්.

මේ වන විටත් අන්තර්ජාතික සිනමා උළෙල ගණනාවක සම්මානයට පාත‍්‍ර වී ඇති Pihu ලබන නොවැම්බර් 16 වැනිදා තිරගත වීමට නියමිතයි. මෙහි පූර්ව ප‍්‍රචාරකපටය නැරඹූ බොහෝ දෙනා නිර්මාණය පිළිබ`දව දක්වන්නේ අතිශය සංවේදී අදහසක්. ඒ තරමටම එය ඔබ කම්පනයට පත් කරන්නට සමත්. කෙසේ නමුත් සුපිරි තරු රිදී තිරය මත ගැටෙන දීපවාලි උත්සව සමයේ Pihu සාදරයෙන් පිළිගන්නට පේ‍්‍රක්ෂකයන් සූදානම්ද?

Untitled-1මධුරි නැවතත් කරළියට  

90 දශකය පුරා බොලිවුඩයේ රජ කළ නිළි රැුජින මධුරී ඩික්ෂිත් පසුගිය කාලය පුරා සිනමාවෙන් තරමක් ඈත් වී සිටියත් ඈ නැවතත් අපට ලබන වසරේදී දැක ගන්නට ලැබෙනවා. ඒ කරන් ජෝහාර්ගේ  Kalank චිත‍්‍රපටයෙන් හා ඉන්දර් කුමාර්ගේ Total Dhamal චිත‍්‍රපටයෙන්.

මේ ප‍්‍රවෘතිය ඈ රංගනයෙන් දායක වන චිත‍්‍රපටයක් පිළිබ`දව නම් නොවේ. මාධුරී මේ වන විට චිත‍්‍රපට නිෂ්පාදන කර්තව්‍යයටත් එක්ව තිබෙන බවයි දැන ගන්නට ලැබෙන්නේ. මේ වසරේ ඈ නිෂ්පාදනය කළ Bucket List චිත‍්‍රපටයේ box office සාර්ථකත්වයත් සමගම ඈ හොලිවුඩයේ NetFlix සමාගම හා එක්ව ඇගේ මීළ`ග මරාති නිෂ්පාදනය එළිදක්වන්නටයි සූදානම. ඒ ස`දහා ගිවිසුම් පසුගිය දා අත්සන් කෙරුණා. 15th Auguest නම් මෙම නිර්මාණයෙන් කියැවෙන්නේ සිනමාවට පිවිසීමට වෙර දරන මධ්‍යම පාන්තික තරුණියක් වටා ගෙතෙන අපූරු කථාවක්.

NetFlix හරහා ඉතාම නුදුරේදී පේ‍්‍රක්ෂක ඔබට මේ නිර්මාණය දැකගත හැකිවනු ඇති. නමුත් මේ නිර්මාණයට රංගනයෙන් නම් මධුරි දායක නොවන බවයි දැනගන්නට ලැබෙන්නේ.

Untitled-3 Untitled-2
සනී ඩියෝල්ගේ Mohanlaal Assi

2003 වසරේ තිරගතවූ සම්මාන පිට සම්මාන දිනූ Pinjar චිත‍්‍රපටය ඔබට මතක නම්  එහි අධ්‍යක්ෂ Chandraprakash Dwivedi  මේ දිනවල ඔහුගේ නවතම නිර්මාණය තිරගත කිරීමට සූදානමින් සිටින බවයි දැන ගන්නට ලැබෙන්නේ. Kaasi Ka Assi නම් මෙම නිර්මාණයේ ප‍්‍රධාන චරිත නිරූපණය කරන්නේ සනී ඩියෝල් සමගින් සාක්ෂි තන්වර්.

කාශි නාත් සිං විසින් රචිත Mohanlaal Assi නම් නවකථාව පාදක කරගෙන එහෙත් මූලික කථාවෙන් තරමක් වෙනස් මගකට ගෙනයන නිර්මාණයක් බවයි නිෂ්පාදක කණ්ඩායම පවසන්නේ. සංස්කෘත ගුරුවරයකුගේ ජීවිත කථාවක් වටා ගෙතෙන මෙම කථාව සනී ඩොයෝල්ගේ රංගන ජීවිතයේ හැරුම් ලක්ෂ්‍යයක් වනු ඇති බව තමයි විචාරක මතය.

2015 සිට මේ දක්වා වසර තුනක කාලයක් පුරා දිගු නීතිමය ක‍්‍රියාවලියකින් අනතුරුව මේ මස තිරගත වීමට සූදානම් මෙම නිර්මාණය කෙරෙහි සනී ඩියෝල් රසිකයින් මෙන්ම බොහෝ පේ‍්‍රක්ෂකයන්ද සිටින්නේ ඇස් දල්වාගෙනයි.

චරිත් මොරගොඩ

Untitled-4