පාර්ලිමේන්තුව තුළ දී අද පස්වරුෙවේ කි‍්‍රයා කළ ආකාරය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය පළකර තිබේ.

”අද පස්වරුවේ පාර්ලිමේන්තුව තුළ සිදුවූයේ කඩාකප්පල්කාරී වගේම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශකිරීමක්. ස්තූතියි, කථානායකතුමනි. එ් වගේම බුද්ධිමත් පොලිස් නිලධාරීන් සහ තර්ජනයට එරෙහිවූ මන්ත‍්‍රීවරුන් බියගැන්වීම් හා මැරවරකම්වලට එරෙහිව කටයුතු කළා.” යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිය නිල සමාජ ජාල ඔස්සේ නිවේදනයක් කරමින් හෙතෙම මේ බව පවසා තිබේ.