මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් උද්ඝෝෂණයක් සිදුකර පොලිස් ආඥ පනත සහ මංමාවත් පනත උල්ලංගනය කරන ලදැයි චෝදනා කරමින් ඇමති විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනකු කුරුඳුවත්ත පොලීසිිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරන ලදී.

එක්සත් ජාතීන්්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක් සිදුකර මහජන පීඩාවක් ඇතිකිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව පොලීසිය නඩු පවරා තිබේ.

මෙලෙස නඩු පවරා ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක, මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසකට ය.

මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 2019 පෙබරවාරි 11 වැනිදින කැදවන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

ඉෂාර රත්නකාර