අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු හාල්මැස්සන්
ග්‍රෑම් 200 යි
කහ, ලුණු, ගම්මිරිස් සෑහෙන පමණ
විනාකිරි
දෙහි ඇඹුල් ස්වල්පයක්
දියලුණු, බැදීමට තෙල්
තක්කාලි ගෙඩියක් අවශ්‍ය නම්
අමු මිරිස් කරල් කීපයක්
රම්පේ, කරපිංචා

සාදන ක්‍රමය
හාල්මැස්සන් ඔළු කඩා ශුද්ධ කර භාජනයකට දමන්න. කහ, ලුණු, දෙහි ඇඹුල් හෝ විනාකිරි දමා හොඳින් මිශ්‍ර කර පසෙක තබන්න. ලුණු, අමු මිරිස් හොඳින් ලියාගන්න. තෙල් තාච්චිය ළිප තබා රත්වූ පසු හාල්මැස්සන් මිශ්‍රණය එයට දමන්න. තරමක් බැදුණු පසු රම්පේ, කරපිංචා, ලුණු, මිරිස් එයට දමන්න.

දැන් මෙය බැදුණු පසු තෙල් බේරීමට තබන්න. දැන් එය තක්කාලි පෙති අසුරාගත් දීසියකට දමන්න. දීසිය වටේට සලාද කොළ අසුරා මේසයට යවන්න.