‘වස විස නැති ගොවිතැන් රැුල්ල’ ඔස්සේ ගොඩ නැගුණු වස නො මුසු ආහාර බුදීමේ ප‍්‍රවණතාවය, දැන් මහත් විපරීත ගමනක ඇදී යනු පෙනෙයි. වස විස නැති ආහාර භෝග නිපදවීමේ ක‍්‍රියාවලිය ‘සල්ලි උල්පතක්’ බවට හරවා ගත් යම් යම් පිරිස් විසින්,  එය ‘කූට ජාවාරමක්’ බවට පත්කර ගෙන තිබීම, ඊට හේතුවයි!

ඔවුන් ගෙන් ඇතැමෙක් ‘ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොර’ නිපදවා අලෙවි කරති. ගෙවතු වවන අය ඒවා මිලට ගෙන ‘වස විස නැති ආහාර භෝග’ නිපදවති. තවත් පිරිසක්, හොර රහසේ රසායනික පොහොර සහ වල් නාශක ආදිය දමා නිපදවන දේශීය පාරම්පරික සහල්, ‘කාබනික නිෂ්පාදන’ යන ලේබලයෙන් අලෙවි කරති! කරුමය වී තිබෙන්නේ, මේවා ගැන සොයන්නට බලන්නට කෙනෙක් හෝ නිසි ක‍්‍රමවේදයක් නැතිකම ය!

ඔහු, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම සම්බන්ධයෙන් නම් දැරූ ගොවි මහතෙකි. ඒ පළාතේ ආණ්ඩුවේ ආයතනවල පවා වැඩිපුර ම විකිණෙන්නේ ඔහු නිපදවන සහල් ය. ඒ, ‘කාබනික සහල්’ යන ලේබලයෙනි. එහෙත් ඇත්ත කතාව ‘කාබනික ම’ නොවේ!

‘මේ කුඹුරුවල ඉතින් වතුර බැ`දලා වල් මර්දනේ කරන්න බෑ. නිතරම වතුර ගලනවා. අනෙක, මේවා මඩ කුඹුරු. වීඩර් ගහන්නත් අමාරුයි. මම ඉතින් වපුරලා විසි එක දවසෙන් ‘වල් නාශකයක්’ නම් ගහනවා. එහෙම නො කර මේ වගේ විශාල වගාවක් නඩත්තු කරන්න අමාරුයි’, ඔහු පවසන්නේ බොහොම සැහැල්ලූවෙනි.

ඒ අතරතුර, ඔහු අක්කර දහයක පමණ තම ‘කාබනික වී වගාවන්’ ස`දහා කොම්පෝස්ට් හෝ වෙන යම් කාබනික පොහොරක් සපයා ගන්නා ආකාරය හෙළි නො කිරීමට ද  පරිස්සම් වෙයි!
‘මං වපුරන්නෙ නම් හරක් කටු පෝර දාලයි’, හෙතෙම පොහොර ගැන කීවේ එපමණකි.

සුව`දැල්, මඩතවාලූ, කළු හී නැටි ආදී දේශීය පාරම්පරික වී වර්ග මහා පරිමාණයෙන් වගා කරන මේ ගොවි මහතා, ලියුම්කරුට මුණ ගැසුණේ දකුණු පළාතේ ගංගාශ‍්‍රිත ගම්මානයක දී ය. හොර රහසේ ‘යූරියා’ ටිකක් දැමීමත්, වල් මර්දනය ස`දහා  රසායනික වල් නාශකයක් දැමීමත් ‘වස විස නැති කාබනික ගොවිතැනක්’ නොවේ! එහෙත් ඔහු කල්පනා කරන්නේ ‘එය එතරම් ගැටලූවක් නො වේය’ යනුවෙනි.

පසුගිය කාලයේ රජයේ දායකත්වයෙන් ද නිර්මාණය කෙරුණු ‘වස විස නැති ගොවිතැන් රැුල්ල’, ජන මනසට කි`දා බැස්සේ බොහොම වේගයෙනි. එයින් වස විස නුමුසු  ආහාර නිපදවීම මෙන්ම, වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල්, එළවළු සහ පලතුරු ආදී ආහාර වර්ග පාරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ද විශාල උනන්දුවක් ඇති විය. වස විස යොදා නිපදවන ආහාර ඔස්සේ දියවැඩියාව, පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග ආදී වශයෙන් බෝ නො වන රෝග කන්දරාවක්  වැළෙ`දන බව හෙළිදරව් වීම ද, ඊට හේතුවක් වූයේ ය. එයින් වස විස නැති ආහාර සදහා වෙළෙ`දපොළෙහි විශාල ඉල්ලූමක් ද නිර්මාණය විය. එය සපුරාලීම පිණිස, ‘වස විස යොදා නැත’ යන ලේබලයෙන් විවිධ ආහාර නිෂ්පාදන වෙළෙ`දපොළට පැමිණුනි. විවිධ කාබනික පොහොර වර්ග ද වෙළෙ`දපොළට ආවේ ය.ඒවාට ලොකු අලෙවියක් ද ලැබිණි. කෙසේ වෙතත්, ඉන් බොහොමයක් නිසි ප‍්‍රමිතියකට නැති බව දැන් මහජනයාට වැටහී යමින් තිබේ!

වස විස නැති ආහාර පාරිභෝජනය කරන්නට කැමති අය අතර, වර්තමානයේ බොහෙවින්  ජනප‍්‍රියව ඇත්තේ දේශීය පාරම්පරික සහල් වර්ග සහ එළවළු, කොළ පලා ආදියයි. ඒවා යහමින්  වගා කිරීමේ දී හොර රහසේ රසායනික පොහොර (විශේෂයෙන් යූරියා* සහ කෘෂි රසායන යෙදීම දැන් වසංගතයක් බවට පත්වී තිබේ. එසේම, ගෙවතු ආහාර භෝග සහ ගෘහස්ථ වගා කටයුතු වෙනුවෙන් වෙළෙ`දපොළේ විකිණෙන ‘කාබනික පොහොර’ වර්ග බොහොමයක් ද නිසි ප‍්‍රමිතියට නැති බව දැන් දැන් හෙළි වෙමින් යයි. අවසානයේ සිදු වන්නේ මේවාට රැුවටෙන මහජනතාවට අවාසනාවන්ත ලෙස ලෙඩ දුක් වැළ`ද ගන්නට සිදු වීමයි!

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයෙන් ලැබෙන තොරතුරු අනුව, ලංකාවේ ‘කාබනික ආහාර’ ස`දහා ‘එස්. එල්. එස්. 1324’ නම් ප‍්‍රමිතියක් හ`දුන්වා දී තිබේ. එය හ`දුන්වා දී ඇත්තේ ‘කාබනික’ යයි ලේබල් කෙරෙන ආහාරවල කාබනිකභාවය සහතික කිරීම පිණිස ය. මෙය වැඩිපුර ම ක‍්‍රියාත්මක වන්නේ ‘කාබනිකව නිපදවූ’ ආහාර වර්ග අපනයනය කිරීමේ දී ය. එහි දී ඒවා ‘කාබනික නිෂ්පාදන’ බවට පිළිගත් ආයතනයකින් සහතික කරවා ගත යුතු වේ.

මෙයට අමතරව, කාබනිකව නිපදවූ ආහාර භෝග සම්බන්ධයෙන් ‘ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය’ ද, ‘ලංකා කාබනික සහතිකකරණ සේවාව (ශ‍්‍රීසර්ට්*’ යන රාජ්‍ය නො වන සංවිධාන ද කටයුතු කරයි. ඔවුන් කරන්නේ ප‍්‍රමිතිගත නිෂ්පාදන ස`දහා දිරි ගන්වා, එයට මග පෙන්වීම ය. එසේම, නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් පරිදි ඔවුන්ගේ භාණ්ඩවල කාබනික භාවය පරීක්ෂා කර සහතික කිරීම ය. එය මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවකි.

එහෙත් ‘කාබනික පොහොර’ සම්බන්ධයෙන් යම් ප‍්‍රමිතියක් හ`දුන්වා දී ඇති බවක් දැන ගන්නට නැත. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ලියුම්කරු හා ප‍්‍රකාශ කළ අන්දමට, රසායනික පොහොර ආනයනය කිරීමේ දී නම් දැඩි ප‍්‍රමිතිකරණ වැඩපිළිවෙළක් (පිරිවිතර* ක‍්‍රියාත්මක වේ. එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් තවම එවන් ප‍්‍රමිතියක් සකසා නැත!

වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් වර්ග, එළවළු, පලතුරු ඇතුළු ආහාරවල ප‍්‍රමිති  සම්බන්ධයෙන් රට ඇතුළේ ඇත්තේ අතිශයින් ම නො පැහැදිලි, ව්‍යාකූල  තත්ත්වයකි. කාබනික ආහාර ස`දහා ප‍්‍රමිති කාර්යාංශයේ ‘එස්. එල්. එස්. 1324’ නම් ප‍්‍රමිතියක් ඇතත්, එය දේශීය වෙළෙ`දපොළ ස`දහා බල පවත්වන බවක් දැක ගන්නට නැත. විවෘත වෙළෙ`දපොළේ විකිණෙන ‘කාබනික’ හෝ ‘වස විසෙන් තොර’ යයි ලේබල් කෙරුණු ආහාර ද්‍රව්‍ය බොහොමයක, ඒවා ‘කාබනික හෝ වස විසෙන් තොර’ යයි කියැවෙන පිළිගත් සහතික කිරීමක් ද දක්නට නැත. ඒවායෙහි ඇත්තේ නිෂ්පාදකයා කරන යම් ස`දහනක් පමණි. එසේම, විවෘත වෙළෙ`දපොළෙහි  ‘කාබනික හෝ වස විසෙන් තොර’ යයි විකිණෙන ආහාර, ඇත්තට ම වස විසෙන් තොර දැයි අහඹු ලෙස හෝ පරීක්ෂා කිරීමේ රාජ්‍ය ක‍්‍රියාවලියක් ද නැත.

වස විසෙන් තොර ආහාර වගා කරන ගොවීන්ගේ පැත්තෙන් බලන කල, ඔවුන්ගේ නිෂ්පාදනවල කාබනිකභාවය සහතිකකර ගැනීමට ඇති ක‍්‍රමවේදය ද අතිශයින් ම දුරස්ථ ය. එසේම එය, අධික මුදලක් ද වැයවෙන කටයුත්තකි.‘ලංකා කාබනික සහතිකකරණ සේවාව (ශ‍්‍රීසර්ට්*’ නම් රාජ්‍ය නො වන සංවිධානයේ ප‍්‍රකාශකයෙක් ස`දහන් කළ අන්දමට, යම් ආහාර භෝගයක කාබනික භාවය සහතික කිරීමේ දී කරුණු ගණනාවක් සලකා බලයි.

වගා භූමියේ ස්වභාවය, එහි පස, වගා කටයුතු කෙරෙන ක‍්‍රමවේදය, භාවිත කරන පොහොර වර්ග මෙන්ම අස්වැන්න සාම්පල් ද එහි දී පරීක්ෂා කෙරේ. ඉන් ඇතැම් කොටස් රසායනාගාර පරීක්ෂාවන් ය. එවන් පරීක්ෂණයක් ස`දහා සාමාන්‍යයෙන් රුපියල් හැට දහසක් පමණ වැය වේ. ගොවීන් කණ්ඩායමකට නම් රුපියල් ලක්ෂයක් පමණ වැය වෙයි. එය යම් කාලයක් ගතවන ක‍්‍රියාදාමයකි. එයට පසු නිරීක්ෂණ ද ඇතුළත් ය. නැතිනම්, පෞද්ගලිකව මුදල් ගෙවා කාර්මික තාක්ෂණ ආයතනයෙන් හෝ පෞද්ගලික ආයතනවලින් සාම්පල් පරීක්ෂණ කරවා ගත යුතු ය.

වෙළෙ`දපොළේ විකිණෙන වස විස නැති ආහාර භෝගවල ‘කාබනික භාවය’ පරීක්ෂා කෙරෙන ක‍්‍රමවේදයක් නැත. එබැවින් ගොවීන් වැඩි දෙනෙකුට ‘කාබනික ප‍්‍රමිති’ ආදිය ගැන දැනීමක් ද නැත. එසේම තම නිෂ්පාදනවල කාබනිකභාවය ගැන සහතිකකර ගැනීමේ ක‍්‍රම පිළිවෙත් ඇති බව ද වැඩි දෙනෙකු නො දනිති. ඇත්තට ම, ඔවුන්ට එතරම් මුදලක් වැය කිරීමට ද හැකියාවක් නැත.ඇතැමෙක් වස විස නැති ආහාර භෝග නිපදවන්නේ ද විවෘත වෙළෙ`දපොළෙන් මිල දී ගන්නා කාබනික පොහොර භාවිතාවෙනි! ඒවා කුමන තත්ත්වයන් දරන්නේ  ද? යන්න ගැන සහතිකයක් නැත. නාගරික කසළවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එහෙත් ඒවායෙහි ඉතාමත් අහිතකර මට්ටමින් බැර ලෝහ අඩංගු බව හෙළිවී තිබේ. එවන් පොහොර භාවිතාවෙන් නිපදවන බව භෝග කාබනික ද? යන්න ගැටලූවකි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට ගොවි නායකයකු වන රාජාංගණයේ ටෙරන්ස් ද සිල්වා මහතා අවධාරණය කළේ, යහමින් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් දේශීය පාරම්පරික වී වර්ග වවන  ඇතැම් අය හොරෙන් රසායනික පොහොර ආදිය භාවිතා කරන බවයි. ඔවුන්ට එහි ආදීනව කොතෙක් වටහා දුන්න ද, පලක් නො වුණු බවයි. ‘මේ වැඩෙන් වෙන්නේ ඇත්තට ම කාබනිකව වගා කරන ගොවියාගේ නිෂ්පාදන ගැනත් තියෙන විශ්වාසය නැතිව යනවා’, ටෙරන්ස් කියන්නේ ය.

‘මෙහෙත් ඔය වැඬේ කරන ගොවීන් ටික දෙනෙක් ඉන්නවා. ඒ අය ළ`ගින්ම ඉ`දන් උපදේශන සේවා පවත්වන්න පුළුවන් නම්, එයාලා කෘෂි රසායනවලින් මුදා ගන්න පුළුවන්, අපි මේ කරන්නේ, අවුරුදු පනහක් විතර තිස්සේ රසායනික ගොවිතැනෙන් විනාශ වුණු පොළොවක් පුනරුත්ථාපනය කරන එකයි. ඒක කළාට පස්සේ පසේ සරුකම එනවා. ඒක වෙන කල් ගොවීන්ට උපදේශක සේවා තියෙන්න  ඕනෑ’, එසේ කියන්නේ, පොළොන්නරුව කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස ගොවි නායකයා ය.

ආණ්ඩුවේ වස විස නැති ගොවිතැන් රැුල්ල මෙහෙය වූයේ, ජනාධිපතිවරයා යටතේ පැවති උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයයි. එනම් ‘සෙමා ආයතනයයි’. ඔවුන් වස විස නැති ගොවිතැන ව්‍යාප්ත කරන්නට උත්සාහ කළා මිස, නිෂ්පාදනවලට අලෙවියක්  සහ ඒවායෙහි ප‍්‍රමිති පිළිබ`ද ලොකු අවධානයක් යොමු කළේ නැත. වස විසෙන් තොර කාබනික ආහාර භෝග ස`දහා ප‍්‍රමිති හ`දුන්වා දීම මෙන් ම, ඒවා ක‍්‍රියාත්මකකර, නියාමනය  කිරීමේ යාන්ත‍්‍රණයක් හැදීමට ද ඔවුන්ට හැකි වූයේ නැත. එසේම,  කාබනික පොහොර ස`දහා ප‍්‍රමිතියක් හ`දුන්වා දීමට ද නො හැකි විය. ග‍්‍රාමීය ප‍්‍රදේශ මට්ටමින් ‘කාබනික පොහොර’ නිපදවන්නන් බිහි කරන්නට ද ‘සෙමා ආයතනයට’ නො හැකි විණි.එයින් අසාධාරණය සිදු වූයේ විවෘත වෙළෙ`දපොළෙන් වස විස නැති ආහාර භෝග මිල දී ගන්නා පාරිභෝගිකයන්ට ය. කාබනික පොහොර පැකැට්ටු මිල දී ගන්නා පාරිභෝගිකයන්ට ය. ඔවුන්ට සිදුව ඇත්තේ, වස විස අතින් ප‍්‍රමිතියකට නැති ආහාර භෝග පාරිභෝජනය කරන්නට ය. ප‍්‍රමිතියක් නැති කාබනික පොහොර පැකට්, සිය ගොවි බිම්වලට එක්කර ගන්නට ය!

මෙයින් තේරුම්ගත යුතුව ඇත්තේ, නිසි ප‍්‍රමිතිකරණයක් ද, නිසි නියාමනයක් ද නැතිකමින්, ආණ්ඩුවේ වස-විස නැති ආහාර නිපදවීමේ වැඩ පිළිවෙල දැන් අයාලේ යමින් තිබෙන බවයි! එය කූට ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට හසු වෙමින් යන බවයි!

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර