රවීනාට නඩුවක් වැටිලා

රවීණා තන්ඩන් කියන්නේ 90 දශකයේ බොලිවුඩයේ රජ කරපු නිළියක්. අද වන විට ඈ තරමක් සිනමාවෙන් ඈත්වෙලා සිටියත් ඇගේ ජනප‍්‍රියත්වය නම් අඩුවෙලා නැහැ.මේ පුවත රවීණාට වුණු පොඩි අකරතැබ්බයක් පිළිබ`දවයි.

පසුගිය දිනෙක ඈ වෙනුවෙන් Muzzafafir හි හෝටලයක විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් මේ උත්සවය නිසාම එදින මුසාෆාෆිර් නගරයේ දැඩි වාහන තදබදයක් පැවතුණු බවයි දැන ගන්නට ලැබෙන්නෙ. කෙසේ නමුත් මේ උත්සවය හේතුවෙන් ඇති වූ වාහන තදබදය නිසා අපහසුතාවට ලක්වූ සුධීර් කුමාර් නම් පුද්ගලයකු විසින් රවීණාටත් මේ උත්සවය සංවිධානය කළ හෝටල් හිමිකරු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනකුටත් එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා. අධිකරණ නියෝගය අනුව පොලිසිය විසින් අදාළ සිද්ධිය පිළිබ`දව විමර්ශනයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.ඒ විමර්ශන කටයුතුවලින් අනතුරුව චෝදනා පත‍්‍ර ගොනු කිරීමටයි සූදානම. නමුත් මෙය රවීණාට නම් එතරම් ගැටලූවක් නොවනු ඇති බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ.

Untitled-2
බොලිවුඩයේ අලුත් තරුව සාරා අලි ඛාන්

මේ වසර බොලිවුඩයට දක්ෂ නවක තරු ගණනාවක් පෑයූ වසරක් වුණා. විශේෂත්වයක් වන්නේ ඉන් බොහෝමයක් දෙනා බොලිවුඩයේ නමගිය පරම්පරාවලින් පැවත එන පුරුක් වීමයි. ඉශාන් කට්ටර්, ජාන්වී කපූර් වැනි සිනමා තරු අතරට එක්වන තෙවන පරම්පරාවේ අලූත්ම තරුව තමයි සාරා අලී ඛාන්. සුපිරි නළු සායිෆ් අලි ඛාන්ගේ පළමු විවාහයේ දියණිය වන සාරා 70 දශකයේ සුප‍්‍රකට නිළියක් වූ ශර්මිලා තාගෝර් ගේ මිණිබිරියක්ද වනවා.

ඇය රංගනයෙන් දායක වන පළමු සිනමා නිර්මාණය ණැා්රබ්එය. 2013 වසරේ උතුරු ඉන්දියාවේ කේදර්නාත් නගරයේ ඇති වූ ප‍්‍රබල ගංවතුර ව්‍යසනය අලළා නිර්මාණය වන මෙහි සාරා ගේ පෙම්වතා ලෙස රංගනයෙන් දායක වන්නේ සුශාන්ත් සිං රාජ්පුත්.

මෙහි අධ්‍යක්ෂණය  න්ස චද ජයැල ඍදජන දබ!! වැනි සම්මානලාභී නිර්මාණ අධ්‍යක්ෂණය කළ අභිෂේක් කපූර් විසින් සිදු කරනවා.මෙම වසරේ දෙසැම්බර් මාසයේ 7 වැනිදා තිරගත වීමට නියමිත මෙම චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය පසුගිය දා නිකුත් වුණා. බොහෝ විචාරකයන් නම් පවසන්නෙ සාරා සිය පාරම්පරික රංගන හැකියාව ඉදිරියට ගෙනයා හැකි සුපිරි රංගන කෞශල්‍යයක් ඇති නිළියක් වන පූර්ව ලක්ෂණ පෙන්වා ඇති බවයි.

Untitled-3 Untitled-4
ෂාරුක් ඛාන් කුරුමිට්ටෙක් කළ ZERO

බොලිවුඞ් රසික රසිකාවියන් බොහෝ දෙනෙක් දෑස් දල්වා බලාපොරොත්තු වූ දෙයක් තමයි ශාරුක් ඛාන් ගේ ’ැරද චිත‍්‍රපටය. ඔන්න ඒ සියලූම දෙනාගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය පසුගියදා නිකුත් වුණා. හැබැයි බොලිවුඩයේ සිහින කුමරා මෙවර නම් රංගනයෙන් දායක වෙන්නෙ බවුවා සිං නම් කුරුමිට්ටෙකුගේ චරිතයකට.

මේ තුන්කොන් ආදර කතාවේ අනෙකුත් ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරන්නේ කැත‍්‍රිනා කයීෆ් සමගින් අනුෂ්කා ශර්මා. කැත‍්‍රිනා මෙහි සුපිරි බොලිවුඞ් නිළියකගේ චරිතයට පණ පොවන අතර අනුෂ්කා, අෆාසි බින්දර් නම් ආබාධිත විද්‍යාවේදිනියකගේ චරිතය නිරූපණය කරනවා. මෙහි අධ්‍යක්ෂණය ආනන්ද් රායි ගෙන්.

සංගීතය අජේ – අතුල් විසින් සපයනවා. ප‍්‍රධාන චරිතවලට අමතරව සල්මාන් ඛාන්, කාජල්, රාණි, දීපිකා, ආලියා, කරිෂ්මා, ජුහී මෙන්ම පසුගියදා ජීවන ර`ග ම`ඩලට සමුදුන් ශ‍්‍රීදේවී ද මෙහි ආරාධිත රංගනයෙන් දායක වන බවයි දැන ගන්නට ලැබෙන්නේ. ශාරුක් ර`ගපෑ මෑතකාලීන නිර්මාණ කිහිපයක අසාර්ථකත්වයෙන් අනතුරුව එන මේ නිර්මාණය ගැන නම් රසිකයන් මෙන්ම විචාරකයන්ද සිටින්නේ දැඩි බලාපොරොත්තුවෙන් බවයි කියැවෙන්නේ.

චරිත් මොරගොඩ
Untitled-5