ඛාන්ලා, කුමාර් ලා සහ කපූර් ලාට අභියෝග කරන්නට පුළුවන් තරමේ නළුවෙක් ඉන්නවා නම් ඒ ඩියෝල් පරම්පරාවේ වැඩි මහල් රංගධරයා සනී ම පමණයි. දශක දෙකකට පමණ පෙර දාමිණී හී සුපිරි තරුව අදටත් ඒ ජවයෙන්ම ඒ හැකියාවෙන්ම ඉදිරියට ගමන් කරනවා. ඉන්දීය සිනමා ඉතිහාසයේ පළමු කෝටි 100 සීමාව ඉක්මවා ගිය නළුවා ලෙස ඉතිහාස ගතවන්නේත් ඔහුයි. බොලිවුඩයේ ජවසම්පන්නම සික් ජාතික නළුවා සනී ඩියෝල් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවක් ඇසුරෙන් සම්පාදනය කළ ලිපියකි.

ඔබ කෙතරම් වයසට ගියත් තවමත් ර`ගපාන්නේ සටන් නළුවාගේ චරිතය?
සටන් වුණත්, විකට වුණත්, පේ‍්‍රම ජවනිකා වුණත් ර`ගපෑම නම් ර`ගපෑම. මිනිස්සු කියන්නෙ හරිම පුදුම ජාතියක්. හරියට විශ්ව කෝෂයක් වගේ. තමන් තුළම හැම දේම තියෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ එළියට ගන්න එකයි වැදගත්.

සටන් ජවනිකා කියන්නෙ තරමක් අවදානමක් සහිත දෙයක්. ඒ ස`දහා ඔබේ පූර්වෝපායන්?
දැන් ඉස්සර වගේ නෙමෙයි. 80, 90 දශකවල මෙවැනි ජවනිකා කරද්දි ලොකු ජීවිත තර්ජන තිබ්බා තමයි. නමුත් දැන් හැම දේම පහසු වෙලා. අපිට එයාර් බෑග්ස් තියෙනවා, කේබල් තියෙනවා ඒවා නිසා සටන් ජවනිකා බොහොම සුමුදුයි, සුවපහසුයි (සිනාසෙමින්*

ඔබේ පවුලේ අය ඔබට කියන්නෙ නැද්ද අවදානමක් ගන්න එපා කියලා?
අනිවාර්‍යනේම. ඔවුන් කියනවා. ඒ වගේම ක‍්‍රියාදාම චිත‍්‍රපටවල අවදානමක් තිබෙන බව මමත් දන්නවා. සිනමාවට එන්න පෙර මම ක‍්‍රීඩකයෙක්. සටන් ජවනිකාත් හරියට ක‍්‍රීඩාවක් වගේ තමයි. බේතාබ් චිත‍්‍රපටයේ මට ලැබුණා අකීකරු අශ්වයෙක් සටන් පුහුණුකරුවන්ට බැරි වුණා ඌව හීලෑ කරන්න. ඒත් මට පුළුවන් වුණා. එදා පටන් අද වන තුරු සටන් ජවනිකා ගණනාවක මා ර`ගපෑවා. සැත්කම් හතරකට මුහුණ දුන්නා. අදටත් මගේ කොන්ද පිටුපස දැඩි වේදනාවක් තිබෙනවා. නමුත් ඒ කිසිවකට හැකි වුණේ නෑ මාව නවත්වන්න. මොකද දෙවියන් මට ශක්තිය දීලා තියෙනවා.

ඔබව ක‍්‍රියාදාම නළුවෙක් ලෙස සිර කරලා කියලා කිව්වොත්?
මට පෙන්වන්න සාර්ථක වුණු එක නළුවෙක් එකම රාමුවකට හිර නොවුණු?  ඕනෑම සාර්ථක නළුවෙක් අනිවාර්යයෙන් එක රාමුවකට හිර වෙනවා. නමුත් ඒ අතරම වෙනත් චරිතත් කරනවා. මෝහන්ලාල් වැනි චරිත හරහා මා ඒ බව පෙන්නුවා. දාමිණී වුණත් කන්තා චරිතය ඉස්මතු වූ නිර්මාණයක්. මගෙ පියාත්  වෙන නළුවන් කිරීමට අකමැති වූ චරිත ඒ කාලෙ කළා. මාත් අද එහෙමයි. ගොඩක් නවකයින් ප‍්‍රතිරූපය හදාගෙන ඉන්නෙ කටින්. දක්ෂකමින් නෙමෙයි. දක්ෂයන් කවදාවත් කතා කරන්නෙ නෑ. කතා කරන්නෙ ඔවුන්ගේ දක්ෂතාව පමණයි.

ඔව්, ඔබේ පියා සත්‍යකාම් චිත‍්‍රපටයේ වෙනස්ම චරිතයක් කළා?
ඒ විතරක් නෙමෙයි පූල්  ඕර් පත්තර් චිත‍්‍රපටය. ඒක තමයි බොලිවුඩයේ ක‍්‍රියාදාම චිත‍්‍රපටවල ආරම්භය. ඔහු ප‍්‍රථම වරට ඔහුගේ උඩුකය නිරාවරණය කළා. හුදෙක් සෝබනේට නම් නෙමෙයි. චරිතයට අවශ්‍ය නිසා.

ඔබට සත්‍ය ජීවිතයේදිත් කේන්ති යනවාද?
(සිනාසෙමින්* ඔව්.. මහන්සි වුණාම, හිත රිදුණම. කේන්තිය කියන්නෙත් හැගීමක්නෙ. ඒත් අහේතුකව නම් නෙමෙයි.

ඔබට සමහර දේවල් නොලැබීම ගැන කෙන්ති යනවාද?
ඒ ඇයි? අනිත් බොහෝ අයට නොලැබුණු ගොඩක් දේ මට ලැබිලා තියෙනවා. ඉතින් මම ඉස්සරහට යනවා.. නොලැබෙන දේ මට ගැටලූවක් නෙමෙයි. හැමෝටම හැමදේම ලැබෙන්නෙ නැහැනෙ.

ඩියෝල් ලා කියන්නෙ සරල ඒ වගේ හිත හො`ද පිරිසක් කියලයි කියන්නෙ. ඔබත් එහෙමද?
අපෙනුත් වැරදි වෙනවා. මිනිස්සුනෙ. ඒත් ඒ වැරදි පිළිගන්නට තරම් අපි නිහතමානියි. කාටවත් හිරිහැරයක් කරදරයක් හිතාමතා කරන්නෙ නෑ. සිනහවෙන්ම ඉන්නවා මම හිතන්නෙ අපේ දරුවනුත් ඒ අඩිපාරෙම යයි.

ඔබේ මීළ`ග නිර්මාණ දෙක තුළ ඔබ අත්හදා බැලීමක් කරනවා කිව්වොත්?
ඔව්.. මා හැම විටම අත් හදාබැලීම්වලට විවෘතයි. ”මෝහන්ලාල් අස්සී” චිත‍්‍රපටය ත් ඒ වගේ එකක්. බලමු මගේ අත්හදා බැලීමට පේ‍්‍රක්ෂකයා කැමති වේවිද කියලා.

ඇයි ”මෝහන් ලාල් අස්සී” චිත‍්‍රපටය මේ තරම් ප‍්‍රමාද?
එක් චිත‍්‍රපටයක සාර්ථකත්වය නළුවාගේ  හෝ නිළියගේ මීට පෙර චිත‍්‍රපටය බලපානවා. ඒකයි තිත්ත ඇත්ත. ඒ නිසාම සමහර වෙලාවට අපිට කල්මරන්න සිද්ධ වෙනවා. එකක් සාර්ථක වුණොත් සාර්ථකත්වය සමග මුදල් ඔබ පසුපස හඹා එනවා.

Yamla Pagal Deewana 2 චිත‍්‍රපටය අසාර්ථක වුණා, ඒ ගැන ඔබේ හැ`ගීම?
ඇත්තටම වේදනාකාරී. අපි හැමෝම මහන්සි වුණා, හො`ද ප‍්‍රචාරණ වැඩසටහනක් කළා. ඒත් අසාර්ථකයි. මම හිතන්නේ පූර්ව ප‍්‍රචාරක පට හරියටම පේ‍්‍රක්ෂකාගාරය ආමන්ත‍්‍රණය කළේ නෑ.

කවද්ද ඔබේ පුතා කරන් සිනමාවට ගෙනෙන්නේ?
තවමත් ඒ ගැන හිතලා නෑ. අඩුම ගානේ අධ්‍යක්ෂවරයෙක් සමගවත් කතා කරලා නෑ. මම සිනමාවට එද්දිත් ගොඩක් අය හිතුවෙ නෑ මට දුර ගමනක් යන්න පුළුවන් කියලා. නමුත් අද මම මෙතන. බලමු කරන් කොයි තරම් දුරක් යයිද කියලා.

දවසක ඔබේ පුතාගේ සිනමා පටත් ඔබේ සිනමාපටත් එකම දවසක තිරගත වුණොත්?
මගේ නිර්මාණත් මගේ පියාගේ නිර්මාණත් එකම කාලේ තිරගත වුණා. මගෙ ඉැඑය්ඉ සහ පියාගේ බ්මන්ර ඉසඅස න් දෙකම සාර්ථක වුණා. ඒ නිසා ඒ වගේ බොළ`ද දේවල් ගැන දැන් හිතන්නෙ නෑ.

ඔබ සිනමා උළෙල සහ උත්සවවල දකින්නට නෑ. හේතුව?
මම මගහරිනවා. ඇත්තටම අපට අවංකවම ඒවායේ සතුටු වෙන්න බෑ. මූනිච්චාවට හිනා වුණාට අපි කැමති නෑ වෙන කෙනෙක්ගේ සාර්ථකත්වයට ඒකයි මේ ක්ෂේත‍්‍රයේ තිත්ත ඇත්ත.

ඇත්තටම ඒක ඔබට කරදරයක්ද?
මෙහෙමයි, ඔය උත්සව සහ සම්භාෂණවලින් ලැබෙන්නෙ ප‍්‍රසිද්ධිය පමණයි. ඊට වඩා සතුටක් නම්  ඕවායේ නැහැ.

ඔබ කවදාවත් ¥ෂණ හෝ අල්ලස් චෝදනාවලට ලක්වෙලා තියෙනවාද?
ඔය චෝදනා දැන් රැුල්ලක් වෙලා. ඇත්තකුත් තියෙනවා මොකද ක්ෂේත‍්‍රයේ  ඕවා නැතුව වැඩක්කරගන්න බෑ. ඒත් මට නම් කවදාවත් එහෙම චෝදනාවක් වත් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන්නවත් සිදු වෙලා නෑ. වාසනාවට වගේ.

ඒ කියන්නෙ ඔබ ඒක නිහ`ඩව පිළිගන්නවා?
ඔය ගැන මම කටින් නොකිව්වට මගේ නිර්මාණවලින්  ඕවා ගැන අප‍්‍රමාණ කතා කරලා ඇති. ඒ නිසා වචනයෙන් කියන්න අවශ්‍ය නෑ කියලයි මගේ හැ`ගීම.

 චරිත් මොරගොඩ