හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මාසයක කාලයක් විදේශගතවීමට කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබාදී තිබේ.

ලබන දෙසැම්බර් 14 වැනිදා සිට ජනවාරි 14 වැනිදා තෙක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවීමට අධිකරණය අවසර ලබාදී ඇත.

මැැදමුලන ඞීඑ් රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කරන ලදැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

අදාළ නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා සිට අඛණ්ඩව විභාග කිරීමට ද අධිකරණය තීරණය කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉෂාර රත්නකාර