මුලතිව් නිත්තකායිකුලම් වැව් බැම්ම එකවරම කැඞී යාම නිසා එ් අසල ගොවිතැන් කරමින් සිටි පිරිසකගේ දිවි බේරාගැනීමට ගුවන් හමුදාව සමත් වී තිබේ.

මුලතිව් ආපදා කළමනාකරණ එ්කකයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ දැනුම් දීමෙන් වහාම කි‍්‍රයාත්මක වූ ගුවන් හමුදා නිලධාරීන් අනුරාධපුර කඳවුරෙන් එම්අයි-17 යානය ගුවන් ගත කර තිබුණේ ගොවීන් බේරාගැනීමටය.

හය දෙනකුගෙන් සමන්විත ක්ෂණික ගුවන් භට මුදාගැනීමේ කණ්ඩායමක් අද උදෑසන පිටත්ව ගියේ අවදානම් සහිත අයහපත් කාලගුණික තත්වය මධ්‍යයේ අන්තරායක බව අතරතුර ය.

ගුවන් හමුදා නිලධාරීන් වහා ගොවීන් බේරාගෙන සහන සැලසීම සඳහා යුද හමුදා භට පිරිසක් වෙත භාරදෙන ලදී.

හදිසි ගංවතුරින් යටවූ එම ප‍්‍රදේශයේ සිවිල් වැසියන් මුදවා ගැනීමේ කටයුතු තවදුරටත් කි‍්‍රයාත්මක ය.

DSC_0367 DSC_0350 DSC_0329